IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නසා රොකට්ටුව සඳ ගමනට සූදානම්

වසර 50 කට පසු ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය සඳට යානයක් යැවීමට නියමිතය. ‘ඔරායන්’ නමැති මෙම යානය, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති අධි බලැති රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට රැගෙන යෑම සිදුවෙයි. ‘ඔරායන්’ යානය සඳ බලා ගමන් අරඹනු ඇත්තේ ඉන්පසුවය.

පළමු වරට මිනිසුන් සඳට ගියේ ‘නාසා’ ආයතනයේ ‘ඇපලෝ’ චන්ද්‍ර මෙහෙයුම් මාලාව යටතේය. ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේ ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සඳට පය තැබූ පළමු මිනිසා බවට පත් වූයේ 1969 ජූලි 16 වැනිදාය‍. ඔහු සමඟ සඳට පය තැබූ දෙවැනියා වූයේ එඩ්වින් ඕල්ඩ්‍රීන්ය.

‘ඇපලෝ’ චන්ද්‍ර මෙහෙයුම් මාලාව යටතේ අවසන් වරට ගගනගාමීන් සඳට ගියේ 1972 දෙසැම්බර් 6 වැනිදාය. ඒ, ‘ඇපලෝ 17’ මෙහෙයුම යටතේය. එය අවසන් චන්ද්‍ර මෙහෙයුම වූ අතර ඇමෙරිකාවේ නාසා ආයතනය සඳට යානා යැවුවේ නැත.

හෙට (29) දිනයේ ‘නාසා’ ආයතනය යළි සඳ ගමන් අරඹන්නේ ‘ආර්ටිමිස්’ චන්ද්‍ර මෙහෙයුම් මාලාව අරඹමිනි. ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතිය හරහා ‘ඔරායන්’ යානය සඳට යෑම ‘ආර්ටිමිස් 1’ මෙහෙයුමය.

‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතියට අයත් ප්‍රධාන රොකට්ටුව මීටර් 98 ක් උසය. ‘ඔරායන්’ යානය රොකට්ටුව මුදුනට සම්බන්ධ වෙයි. පෘථිවි කක්ෂය පසු කර අභ්‍යවකාශයට ගිය පසු ‘ඔරායන්’ යානය රොකට්ටුවෙන් වෙන්වී සඳ බලා යන අතර, රොකට්ටුව සහ එහි එන්ජින් එකිනෙක වෙන් වී පහළ සාගරයට පතිත වෙයි. ඒවා යළි භාවිතයට එකතු කර ගැනෙයි.

හෙට (29) දිනයේ ‘ඔරායන්’ යානය සමඟ ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතිය උඩු ගුවනට යෑමට නියමිතව ඇත්තේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කැනැවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

‘ආර්ටිමිස් 1’ මෙහෙයුම පුහුණු මෙහෙයුමක් වන අතර ගගනගාමීන් ඊට සම්බන්ධ නොවෙයි. ‘ඔරායන්’ යානය, සඳ වෙත ගොස් සඳ වටා යමින්, සඳුගේ අඳුරු පැත්ත ද පසු කර යළි පෘථිවියට පැමිණෙනු ඇත. ඒ සති 6 කට පසුවය.

‘ආර්ටිමිස් 1’ මෙහෙයුම සාර්ථක වුවහොත් ‘ආර්ටිමිස් 2’ මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනකු සඳට ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවියට ගෙන්වා ගැනීමට නියමිතය.

ගගනගාමීන් සඳට පය තැබීම සිදුවන්නේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය. එය සිදුවනු ඇත්තේ 2024 වසරේදී යැයි නාසා ආයතනය පැහැදිලි කරයි. ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම ඓතිහාසික වනු ඇත. ඊට හේතුව පළමු කාන්තා ගගනගාමියා සඳට පය තබනු ඇත්තේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය.

(රොයිටර්)



අදහස් (1)

නසා රොකට්ටුව සඳ ගමනට සූදානම්

sam Sunday, 28 August 2022 11:58 AM

බලපල්ලා ඔය රොකට් එක යවන්නේ මහින්දගේ බාලපුතා... අර රොකට් හොරාද කියලා...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site