සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද රැසක් සමඟ ශ්‍රිපාද වන්දනා සමය ඇරැඹීමට සුදානම් ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ කිරීමට නියමිතය. 08 December 2020
කොරෝනා ආසාදනය වීමෙන් දින 20 ක බිලිඳෙක් මියයයි කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කළ දින 20 ක් වයසැති බිලිඳෙකු කොවිඩ්-19 වයිරසය ආසාදිත වී අද (08) සවස මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා පැවසීය. 08 December 2020
නිරෝධායනයේ සිටින රැඳවියෝ 6 ක් ආහාර වර්ජනයක දුරබැහැර බන්ධනාගාරවල සිට නිදහස් කිරීමට නිර්දේශිත රැඳවියන් 95දෙනෙකු නිරෝධායනය සඳහා වීරවිල එළිමහන් සිර කදවුර වෙත රැගෙනවිත් සිටියදී ඉන් 6දෙනෙක් ඔවුන්ගේ නිවෙස් වෙත යවන ලෙස ඉල්ලා සිටිමින් අද (08) උදෑසන සිට ආහාර ලබා ගැනීමේ වර්ජනයක නිරතව සිටිති. 08 December 2020
ජාතික පාසල් 1000 ක් ඇති කරන්න යයි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් 1000 ක් ඇති කිරීමට රජය තීරණය කර තිබේ. 08 December 2020
මහර සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ඩී.එන්.ඒ. පරීක්ෂණයට මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය හඳුන් විජයවර්ධන මහතා විසින් ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා එම රැඳවියන්ගේ රුධිර හා කෙස් සාම්පල ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසී 08 December 2020
මැලේරියා ඖෂධ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධයකින් අන්ධවූ මේජර්ට වන්දි ගෙවන්නැයි නියෝග තමාට ලබා දුන් මැලේරියා ඖෂධ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධයක් ලෙස පූර්ණ අන්ධභාවයට පත්වීම හේතුවෙන් ලැබිය යුතු වන්දි මුදල නොගෙවන ලදැයි සදහන් කරමින් ඊට සහන ලබා දෙන ලෙස ඉල්ලා යුද හමුදා මේජර්වරයෙකු ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අභියාචනාධිකරණය අදාළ වන්දි මුදල් අන්ධභාවයට පත් මේජර්වරයාට වහාම ගෙවන ලෙස යුද හමුදාපතිවරයාට නියෝග කර ඇත. 08 December 2020
කතරගම එනවානම් පී.එච්.අයි.ගෙන් ලියුමක් ගේන්න සංචරණ සීමා පනවාතිබූ බස්නාහිර පළාත ඇතුළු අනෙකුන් ප්‍රදේශයන්හි සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග විනෝද ,වන්දනා කටයුතු යොදාගෙන කතරගම නිවාඩු නිකේතනයන්හි ලැගුම් ගැනීමට අදහස් කරන පුද්ගලයින් වෙතොත් තම පදිංචි කොට්ඨාසයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරියකුගෙන් ලිපියක් රැගෙන ආ යුතු බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය. 08 December 2020
ලක්ෂ 27 ක සැලැස්ම හමස් පෙට්ටියට මිලියන 2.7ක වියදමින් සකස් කරන ලද ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (ICTA)2017ආයතනික සැලැස්ම අනුමැතිය සඳහා ඉදිරිපත් නොකොට ඉවත දමා ඇති බව අද(8) පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී අනාවරණය විය. 08 December 2020
කොවිඩ් එන්නත ශ්‍රි ලංකාවට ලබා ගැනිමට ඉල්ලිමක් කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා මේ වනවිට භාවිතය කර ඇති එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (8) පැවසීය. 08 December 2020
මීගමු කලපුවත් පුරවන්න පටන්ගනී මීගමුව කළපුවේ දෑලතුර දෙසින් කලපුව පටන් ගන්නා ස්ථානයේම අක්කර 100 ක් පමණ විශාල ඉඩමක් හොර රහසේ පුරවමින් සිටින බව එම ප්‍රදේශයේ කළ සංචාරයක දී දැකිය හැකිවිය. 08 December 2020
මහියංගණය ප්‍රා. ස. ගැටුම නවත්වන්න පොලීසිය කැඳවයි මහියංගණය ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය ලේඛනය දෙවන වර කියවීමේදී අද (08 ) දින වැඩි ඡන්ද අටකින් (08) පරාජයට පත්විය. 08 December 2020
ප්‍රථම සුළං විදුලි බලාගාරය ජනතා අයිතියට ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම සුළංවිදුලි බලාගාරය වන ‘තම්බපවනි‘ බලාගාරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) මන්නාරම නඩුකුඩා හීදි සිදුකෙරිණ. 08 December 2020
කොවිඩ්-19 එන්නත 90 හැවිරිදි මිත්තණියකට ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් යන සමාගම් ද්විත්වය එක්ව නිෂ්පාදනය ‘කොවිඩ්-19’ එන්නත ලබාගත් පළමු තැනැත්තා බවට පත්වීමට එක්සත් රාජධානියේ 90 හැවිරිදි මිත්තණියකට අද (8) සමත්වූවාය. 08 December 2020
නිකවැරටිය රෝහලේ විරෝධතාවක් කොරෝනා ඒකක දෙකක් පවතින නිකවැරටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල වලට මෙතෙක් ආරක්ෂි ඇඳුම් ලබා දී නොමැති බවත් ,ඒවා වහා ලබා දෙන ලෙසත් ඉල්ලා එම කාර්ය මණ්ඩලය කෑම පැයේදී අද(08) දහවල් රෝහල ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වූහ. 08 December 2020
පිල්ලෙයාන්ට එරෙහිව නඩු විභාගය කල් දමයි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , තමිල් මක්කල් විඩුතලයි පක්ෂ නායක හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර පිල්ලෙයාන් නොහොත් සිවනේසතුරයි චන්ද්රකානතන්ට එරෙහි නඩුව ලබන ජනවාරි මස 11වැනිදාට කල් තැබිණි. 08 December 2020
බජට් පාටියට 500 කට ආසන්න ආරාධනා පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කෙරෙන සාදය හෙවත් බජට් පාටිය අනිද්දා (10 වැනිදා) කතානායක නිලනිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. 08 December 2020
ගාල්ලේ පාසල් විවෘත කිරීම දින දෙකකින් කල් යයි පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් මෙම සතියේ සිකුරාදා වනතෙක් වසා දැමිමට තින්දුකළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි. 08 December 2020
රුහුණු විශ්වවිද්‍යාලයේ වර්ජනයක් රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සිසුන් 7දෙනකුට කොරෝනා ආසාදනය වී තිබියදී කිසිදු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගක් ගෙන නොමැති බැව් දන්වමින් එහි සේවකයෝ අද(8) එක්දින වැඩ වර්ජනයක් කළහ. 08 December 2020
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු දැලේ උතුරේ ගම්මානවල සිට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ මීගමුව ප්‍රදෙශයේ නවාතැන්වල ගත කරමින් කොළඹ හා තදාසන්න පෙදෙස්වල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සාමාජිකයන් දෙදෙනකු රුපියල් කෝටියකට වැඩි කේරල ගංජා, අයිස්, හෙරොයින් ඇතුලු මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව මිගමුව කොට්ටාශයේඅපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 08 December 2020
වැවේ පිටවාන කඩන්නයි නාගරික මන්ත්‍රීගේ කනට ගහලා පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රී එම්. එච්. එම් රශ්මි ( ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රස් ) මහතාට පුද්ගලයකු පහර දීමට විරෝධය පා නිහඩ උද්ඝෝෂණයක් අද(08) උදෑසන පුත්තලම නගර සභා කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 08 December 2020
යාපනය - දඹුල්ල තරගය වැස්සට දියවෙයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 15 වැනි තරගය ලෙස යාපනය ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංස් අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) පැවැති දිනයේ දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. 07 December 2020
තවත් කොරෝනා අසාදිතයන් දෙදෙනෙක් මරුට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (7) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 07 December 2020
තිහාරියේ ප්‍රදේශවාසීහු පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරති තිහාරිය ප්‍රදේශයේ ජීවත් වන ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන තත්වයක් උදා වී ඇති බවත්, මෙම තත්වය අටලුගම ප්‍රදේශයේ උද්ගත වූ තත්වයට සමාන බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. 07 December 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 25,000 ඉක්මවයි මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (07) පස්වරු 9.15 වනවිට එක්වූ ආසාදිතයන් 377 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 703 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 07 December 2020
ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ පළමු ජය ලබති කොළඹ කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (7 වැනිදා) පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇති ගාල්ල කණ්ඩායම එහිදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය. 07 December 2020
අද ආසාදිතයෝ 326ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරට අද(07) නව ආසාදිතයන් 326දෙනෙකු එක්වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සවස 6.15ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 07 December 2020
මහර බන්ධනාගාර සිද්ධිය ගැන අතුරු වාර්තාව බාරදෙයි මහර බන්ධනාගාරයේදී ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එහි සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මිය අධිකරණ ඇමති අලි සබ්රි මහතාට අද(07) බාර දුන්නාය. 07 December 2020
වනජීවි නිලධාරීහු වර්ජනය අත්හරිති ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පවත්නා ලෙසටම ආරක්ෂා කරන බවට හා ඉදිරියේදී සාකච්ඡාවක් ලබාදෙන බවට වනජීවි කැබිනට් ඇමතිවරයා කළ ප්‍රකාශය පදනම් කරගනිමින් වනජීවි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද(7) සවස තාවකාලිකව අත්හිටවූ බව වන ජීවි නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති ශානුක සදරුවන් මහතා පැවසීය. 07 December 2020
නාගරික වනගහණය වැඩිකර හරිත නගර නිර්මාණය කරනවා වනගහණය එක පැත්තකට පමණක් සීමා නොකර නාගරික වනගහණය වැඩි කර හරිත නගර නිර්මාණය කිරීමට අවධානය යොමු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(7) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ පරිසර අමාත්‍යංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් පැවැති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි. 07 December 2020
ශානිට ඇප දීමේ තීන්දුව 9 වැනිදා අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන තීන්දුව ලබන 09 ට ලබා දීමට ගම්පහ මහාධිකරණය අද (07) තීන්දු කලේය . 07 December 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026