(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්ත වෙද්දී , වයෝවෘද්ධ පුද්ගලයින් කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙනවිත් , ඔවුන් මුළා කොට , අතහැර දමා යාමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි , කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
එලෙස රැගෙන ආ වයෝවෘද්ධ කාන්තාවන් හා පුද්ගලයන් හයදෙනෙකු ඉකුත් 12 සහ 13 දෙදින වාර්තා වූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් කීය.
මෙම කාන්තාවන් හා පුද්ගලයින් අතර විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් සිටින බවත් ,ඇතැමුන්ට සිහිකල්පනාව හෝ නොමැති බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටී.
කොරෝනා වසංගත තත්ත්වයක් රට පුරා ව්‍යාප්ත වී ඇති මෙම අවස්ථාවේදී වයෝවෘද්ධ වැඩිහිටියන් නිවස තුළම රඳවා ගනිමින් රැකබලාගත යුතු අවස්ථාවක , මෙසේ රැගෙන විත් අතහැර දමා යාම , බරපතළ වරදක් බවත් , එය සදාචාරසම්පන්න නොවන ක්‍රියාවක් බවත් වෛද්‍ය බෙල්ලන මහතා පෙන්වා දෙයි.
අති සුඛෝපභෝගී වාහනවලින් වයෝවෘද්ධ පුද්ගලයන් මෙසේ රෝහලට රැගෙනවිත් බාහිර ප්‍රතිකාර ඒකකයේ රඳවා , වෛද්‍යවරයා හමුවීමට යැයි පවසා මුලාකොට , මෙසේ , අතහැර දමා යාමට පුරුදුව ඇතැයි පැවසේ .
ඉන් සමහර පුද්ගලයිගේ පවතින රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර සඳහා වාට්ටු වලට යොමු කර ඇති අතර , සෙසු පුද්ගලයන් රෝහල් පරිශ්‍රයේ රැදී සිටින බව කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් පරිශ්‍රයේ cctv කැමරා සවිකොට, මොවුන් රැගෙන එන නරුම දරුවන් සොයා, පොලිසියට අල්ලා දීමට කටයුතු කළ යුතුයි.
සිංහල බොදු සංස්කෘතිය..?
ඕකත් ඉතින් ආණ්ඩුවේ වැරැද්ද...
රටට ඩොලර් නැති වුණාට රටේ මිනිස්සුන්ට මොළයකුත්, කකුල් දෙකකුත් නිරෝගි කමත් තියනවා නම් නොමැරී ජීවත් වෙන්න වෙන මුකුත් ඕනෑ නෑ. රට ඇතුලේ ඇවිදින්න කාටවත් බාධාවක් නෑ වගේම තියෙන රස්සා පහසුවෙන්ම කර ගන්නත් පුළුවන්. ඒ වගේම ඒ ක්‍රමයට ගැලපෙන්න කලින් රටේ නොතිබුණු අලුත්ම ගොඩක් දියුණු වෙන ව්‍යාපාරත් හැදෙයි. හැබැයි මිනිස්සු ස්වභාවයෙන්ම කම්මැලියි. ඒ හින්දා දැන්ම ඒවා හොයන්නේ නෑ. දැන් පේන්නේ බෑ කියලා විතරයි. ඒත් අමාරු දේ කළොත්, ඉන් පස්සේ තමයි එයාලා අලුත් ව්‍යාපාර විධි හොයන්නේ...
සංචාරකයින් නැත්නම් අපිට මැරෙන්න වෙයි කියන කට්ටිය දන්නේ නෑ බඩගින්නේ මැරෙනවට වඩා දරුණු දෙයක් අනාගතේ එයාලා දිහා බලන් ඉන්න බව. එක්කෝ ලංකාව ඒ වගේ බේරෙයි.. ඒකය් බාබා වැංගා අපි ගැන නොකීවේ. නැත්නම් බාබා වැංගාට ලංකාව කියන්නේ සැලකිය යුතු රටක් නෙවෙයි. ඔය දේකින් දැන් පේන විදියට හරි එක දෙවෙනි එක වෙන්න ඕනෑ...
සංචාරකයින් නැත්නම් අපිට මැරෙන්න වෙයි කියන කට්ටිය දන්නේ නෑ බඩගින්නේ මැරෙනවාට වඩා දරුණු දෙයක් අනාගතේ එයාලා දිහා බලන් ඉන්න බව... එක්කෝ ලංකාව ඒ වගේ බේරෙයි. ඒකයි බබා වැංගා අපි ගැන නොකිව්වේ. නැත්නම් බබා වැංගාට ලංකාව කියන්නේ සැලකිය යුතු රටක් නෙවෙයි. ඔය දෙකින් දැන් පේන විදියට හරි එක දෙවෙනි එක වෙන්න ඕනෑ...
අනිත් එක මගේ යාලුවෙක් කිව්වා නිව්ස් වලට කිව්වා කියලා නවසීලන්තේ මේ දවස්වල ලොක් ඩවුන් කියලා. බොරු... කාටහරි නවසීලන්තේ ඇත්ත නිව්ස් ඕනේ නම් නවසීලන්තේ රාජ්‍ය වෙබ් අඩවියෙන් පුළුවන්. එහෙම ලොක් වෙන ඒවා දෙතුන් පාරක් ඉස්සර වුණත් අදාළ වෙන නගර විතරයි. මුල්ම ලොක් ඩවුන් එකට විතරයි ගොඩක් කල් ගියේත්.... පස්සේ ලොක් වුණු ඒවා පොඩි ප්‍රදේශවලට වගේම සති 2ක කාලෙට වගේ එහෙම වුනේ. හරියට කලමනාකරණය කරනවා නම් බේරෙන්න පුළුවන්. අමාරු නෑ. තාමත් පුළුවන්....
මීට ගොඩක් අවුරුදු ගණනාවකට කලින් ජීවත් වුණු සුනාමි ගැන අනාවැකි කියා තිබුණු "බබා වැංගා" ගේ අනාවැකි කිහිපයක් 2019 පත්තරේක ගියා මතකයි. 2025 දී යුරෝපය ජනශුන්‍ය වෙනවා කියලත් එ්කේ තිබ්බා. එහේ මිනිස්සු හරි තීරණ ගන්න බවක් පේන්න නැති නිසා එහෙම වෙනවාට කිසිම සැකයක් මට නම් නෑ. නවසීලන්තය යුරෝපයට අයිති නෑ. එ්කෙනුත් ලොකු සත්‍යයක් දැනටම පැහැදිලි වෙනවා. බාබා වැංගා යුරෝපය ජන ශුන්‍ය වෙනවා කිව්වා මිසක් මහළු මිනිසුන් විතරක් ශුන්‍ය වෙනවා කියලා නෑ. ඒ කියන්නේ බාල, තරුණ සියලුම මිනිසුන් මැරෙන කොරෝනා ප්‍රභේදයක් හැදෙන බවයි. තමන්ගේ බඩ නිසාවත්, තමන්ගේ ඇට්ටරකම නිසාවත් කොරෝනා නොසලකා හිටියොත් ඒ අයත් එක්කම ලංකාවත් ජනශුන්‍ය වෙනවාට කිසිම සැකයක් නෑ. ඔය ඉස්පිරිතාල ගාව දෙමව්පියන් දාලා යන අයත් තමන් බේරුණා.. හිතන් කළාට ළඟදීම එයාලත් ශුන්‍ය වෙනවාට කිසි සැකයක් නෑ...
බාබා වැන්ගා යුරෝපය ගැන කිව්වාට ලංකාව ගැන කියලා නෑ. එ්කේ තේරුම එක්කෝ ලංකාව කොරෝනාවලින් බේරෙයි.. නවසීලන්තයේ වගේ ලොක් ඩවුන් කරලා, සංචාරකයෝත් ගෙන්නන එක නවත්තලා, රට නීරෝගී කරලා, ඉන් පස්සේ රට ඇතුලේ මිනිස්සුන්ට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා. රටට ඩොලර් නැති වුණාට රටේ මිනිස්සුන්ට මොළයකුත්, කකුල් දෙකකුත්, නිරෝගිකමත් තියනවා නම් නොමැරී ජීවත් වෙන්න වෙන මුකුත් ඕනෑ නෑ... රට ඇතුලේ ඇවිදින්න කාටවත් බාධාවක් නෑ වගේම තියෙන රක්ෂා පහසුවෙන්ම කරගන්නත් පුළුවන්. ඒ වගේම ඒ ක්‍රමයට ගැලපෙන්න කලින් රටේ නොතිබුණු අලුත්ම ගොඩක් දියුණු වෙන ව්‍යාපාරත් හැදෙයි. හැබැයි මිනිස්සු ස්වභාවයෙන්ම කම්මැලියි. ඒ හින්දා දැන්ම ඒවා හොයන්නේ නෑ. දැන් පේන්න බෑ කියලා විතරයි. ඒත් අමාරු දේ කළොත් ඉන් පස්සේ තමයි එයාලා අලුත් ව්‍යාපාර විදි හොයන්නේ. සංචාරකයින් නැත්නම් අපිට මැරෙන්න වෙයි කියන කට්ටිය දන්නේ නෑ බඩගින්නේ මැරෙනවට වඩා දරුණු දෙයක් අනාගතේ එයාලා දිහා බලන් ඉන්න බව...
මීට ගොඩක් අවුරුදු ගණනාවකට කලින් ජීවත් වුණු සුනාමි ගැන අනාවැකි කියා තිබුණු "බබා වංගා" ගේ අනාවැකි කිහිපයක් 2019 පත්තරේක ගියා මතකයි. මේ පත්තරේමද මන්දා..? 2025 දී යුරෝපය ජනශුන්‍ය වෙනවා කියලත් එ්කේ තිබ්බා. එහේ මිනිස්සු හරි තීරණ ගන්න බවක් පේන්න නැති නිසා එහෙම වෙනවාට කිසිම සැකයක් මට නම් නෑ. නවසීලන්තය යුරෝපයට අයිති නෑ. එ්කෙනුත් ලොකු සත්‍යයක් දැනටම පැහැදිලි වෙනවා. බබා වංගා යුරෝපය ජන ශුන්‍ය වෙනවා කිව්වා මිසක් මහළු මිනිසුන් විතරක් ශුන්‍ය වෙනවා කියලා නෑ. ඒ කියන්නේ බාල, තරුණ සියලුම මිනිසුන් මැරෙන කොරෝනා ප්‍රභේදයක් හැදෙන බවයි. තමන්ගේ බඩ නිසාවත්, තමන්ගේ ඇට්ටරකම නිසාවත් කොරෝනා නොසලකා හිටියොත් ඒ අයත් එක්කම ලංකාවත් ජනශුන්‍ය වෙනවාට කිසිම සැකයක් නෑ. ඔය ඉස්පිරිතාලගාව දෙමව්පියන් දාලා යන අයත් තමන් බේරුණා. හිතන් කළාට ළඟදීම එයාලත් ශුන්‍ය වෙනවාට කිසි සැකයක් නෑ.
බබා වංගා යුරෝපය ගැන කිව්වාට ලංකාව ගැන කියලා නෑ. එ්කේ තේරුම එක්කෝ ලංකාව කොරෝනා වලින් බේරෙයි. නවසීලන්තේ වගේ ලොක් ඩවුන් කරලා, සංචරකයෝත් ගෙන්නන එක නවත්තලා, රට නීරෝගී කරලා, ඉන් පස්සේ රට ඇතුලේ මිනිස්සුන්ට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා. රටට ඩොලර් නැති වුණාට රටේ මිනිස්සුන්ට මොළයකුත්, කකුල් දෙකකුත්, නිරෝගිකමත් තියනවා නම් නොමැරී ජීවත් වෙන්න වෙන මුකුත් ඕනෑ නෑ. රට ඇතුලේ ඇවිදින්න කාටවත් බාධාවක් නෑ වගේම තියෙන රස්සා පහසුවෙන්ම කර ගන්නත් පුළුවන්...
ලංකාවේ මිනිස්සු දුම්රියේ සර්කස් පෙන්නමින් රැකියාව කරන්නෙත් ගොවීන් කම්කරුවන් මැරීගෙන වැඩ කරන අතර වැඩිම විදේශ විනිමය එවීමට ගල්ෆ් කලාපයට මැරෙන්න හරි අවදානමක් අරන් සමහරු යන්නෙත් දේශපාලකයන් සහ එම පවුල්ද , හෙංන්චයියන් හා ඉහල තලයේ අනුගාමිකයන්ද සැපවත් කිරීමටයි. ඒකනෙ කොයි රටෙත් නැති තරම් මැති සභාවක් සහ නිලධාරි සංඛ්‍යාවක් වැද පුදාගෙන ඉන්න සංස්කෘතියක් බිහිවෙලා තියෙන්නෙ.
ඕක ඉතින් මේ ධර්මද්වීපය තුල මේ වකවානුවේ පමණක් සිදුවෙන අමුතු දෙයක්ද? නිකමට අහලා බලන්න ඔය දෙමව්පියන් දරුවන්ට දායාද කල ධර්මය,දර්ශනය ආගම දහම මොකක්ද කියලා. ඔය මව්පියන් අතරින් සියයට සියයක්ම ඉන්නේ කුමන කුලකයේද කියලා එතකොට ඔබට වැටහේවි. දෙමව්පියන්ව, ධර්මය, බිරිඳව, දරුවන්ව පවා විකුණගෙන කන ඔවුන් කවුරුන්ද කියා ඔබටම වැටහේවි. කාට තිත්ත උනත් ඇත්ත ඕක තමයි. උඩ බලාගෙන කෙල ගහ ගත්තා වගේ ලජ්ජා මුසු හැගීමක් බහුතරයකට එයි. එත්, මොනා කරන්නද, ඇත්ත තිත්තයි?? කැමතිනම් හැදියල්ලා නැත්නම්, විනාශ වෙයල්ලා!!