නිර්මාණ කොපි කිරීමේ කලාකරුවන්ගේ කලාව
‘ඇඩ්රස් නෑ’ චිත්රපටයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ, ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීත අධ්යක්ෂණය කළ ‘ඇඩ්රස් නෑ’ ගීතය වෙනත් වාණිජ කටයුත්තක් සඳහා යොදාගැනීම කලා ලෝකයේත් විද්වත් සංවාද මණ්ඩලවලත් ප්රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. අදාළ චෝදනාව එල්ලවන්නේ මෙරට සිටින ජනප්රිය කලාකරුවන් දෙදෙනකු වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන්ටය. ‘ඇඩ්රස් නෑ’ ගීතය වෙනත් වාණිජමය කටයුත්තක් සඳහා යොදාගෙන තිබෙන්නේ ඔවුන්ගේ ආයතනයකින් වීම එම චෝදනාවට පදනම වේ.