(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් රැගෙන එන්නේ මෙම ක්‍රීඩකයන් නිසා ඒ හේතුවෙන් ක්‍රීඩකයන් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ක්‍රිකට් බලධාරීන් හැටියට ක්‍රීඩකයන් නොසලකා හැරිය නොහැකි බවත් මොහාන් ද සිල්වා මහතා කීය.
මීට පෙර කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන්ට අමතරව තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකු කොන්ත්‍රාත්තුවට ඇතුළත් වන බවත් පෙර පැවති කොන්ත්‍රාත්තුවම ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බවත් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.
මෙම වාර්ෂික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූ අතර ක්‍රීඩකයන් මේ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වීමට ද කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජික මුත්තයියා මුරලිදරන් මීට පෙර පැවසුවේ පීඩකයන්ට මෙම වසර සඳහා කොන්ත්‍රාත් ගිවිසුම ලබා නොදෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හලෝ එදා ඇවිල්ලා අත්සන් කරා කියකියා නිවුස් දැම්මේ සති කොන්තරාත්තුවක්ද..?
අපේ රටට විදේශ විනිමය ඕනෑ වෙලාවක මේ දඟලන්නේ ඩොලර් වලින් ගෙවන්න නේද? නැතිනම් තරඟ පාවාදීම. ඒ දෙකම නැතිනම් නොහැකියාව. ඒ මොනවා වුණත් ෆේල් වෙච්ච කණ්ඩායමක්.
ඔය කොන්ත්‍රාත් රුපියල් වලින් අත්සන් කරන්නේ නැත්තේ මොකද?
අරවින්දට එහෙම, පස්ස පැත්ත පොළවේ ගහගන්න හිතිලා ඇති දැන්...