(යොහාන් භාසුර)
අධිවේගී මාර්ගයට ඇතුල්වන වාහන වැරදි තොරතුරු ඉදිරිපත් කළ හොත් ගමනාන්තයේදී එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අධිවේගී මාර්ගයට ඇතුළු වන සෑම ස්ථානයකදීම එම වාහනයේ ගමනාන්තය පිළිබඳව විමසා බලා පළාත් සීමා උල්ලංඝනය වන්නේ නම් එම වාහන නැවත හරවා යවන බවත් කිසියම් පුද්ගලයකු අධිවේගී මාර්ගයට ඇතුල්වන විට වැරදි තොරතුරු ලබාදුන හොත් පිටවන ස්ථානයේදී නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කර කර ඉන්න... මෙහෙ මිනිස්සු මැරෙනවා... ඉවරයක් නෑ.
කතාකරන්නේ ඔරකල් ඩේටා බේස් ගැන.. ඒ වුණාට කරන්නේ ගල්යුගයේ වැඩ ඔච්චර තටමන්න දෙයක් නැහැනේ... දැන් තියෙන සොෆ්ට් වෙයාර් එකම අප් ඩෙට් කරන්න පිටවෙන තැන ටිකට් එක ගන්න කොටම ඇතුළත් කරන්න... ඒ කියන තැනින් නැතිව වෙන තැනකින් පිටවෙන්න බැරිවෙන්න...
පාලකයාගේ සිට සාමාන්‍ය මහජන බහුතරය දක්වාම ලංකාවේ ඉන්නේ හෝඩියවත් පාස් නැති මිනිස්සු බවයි මේ පුවත් කියවනකොට මට තේරුම් යන්නේ... මේ ලින් මැඩියන් ඉන්නකන් රට දියුණුවෙන්නේ නැහැ. 69 ලක්ෂයක් ඡන්දේ දීලා කරගත්තේ මිනීමරුවෙක්ව හිරෙන් නිදහස් කරගත්තු එක විතරයි.
මේවා බොරු කතා. මේ ගොල්ලන් කරන දෙයක් නෑ. නිකන් මොකක්හරි කොළ කෑල්ලක් රාළහාමිලාට පෙන්නුවාම යන්න දෙනවා...