
(ඉන්දිකා රාමනායක)
රුපියල් 500, රුපියල් 100, රුපියල් දහසේ, ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සමඟ සැකකරුවන් දෙදෙනකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
සැකකරුවන් බාරයේ රුපියල් 100 නෝට්ටු 25, රුපියල් 500 නෝට්ටු 18 ක් සහ 1000 නෝට්ටුවක් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම මුදල් සැබෑ නෝට්ටු නම් ඒවායේ වටිනාකම රුපියල් 12,500 ක් බවද හෙතෙම සඳහන් කළේය ,
මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා භාවිතා කරන මුද්‍රණ යන්ත්‍රයක් ලැප්ටොප් පරිගණකයක් , ඇතුළු උපකරණ ද පොලිස් බාරයට ගෙන ඇත
මෙම ව්‍යාජ මුදල් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd