(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් 10 දෙනෙකුට පසුගිය සති දෙකේදී (පසුගිය 2වැනිදා සිට මේ දක්වා) කොරෝනා ආසාදනයවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
මින් වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ ඔවුන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදී බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අනුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු පොලිස් නිලධාරින් ජෛව බුබුලක් යටතේ රාජකාරියේ යෙදවීමට එහි පොලිස් ප්‍රධානීන් පියවර ගෙන ඇත.
එසේම නිවාඩුවට ගොස් පැමිණෙන සියලුම පොලිස් නිලධාරින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කර ඒවායේ ප්‍රතිඵල අනුව පමණක් පාර්ලිමේන්තු සංකීර්ණයේ රාජකාරියේ යෙදවීමටද පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඩෙල්ටා ප්‍රභේදයට වඩා භයානකයි මේවගේ දේවල් ගැන දන්නා කියන අය කියන දෙයක් අහන්නේ නැති එක්කෙනෙකුගේ උද්දච්ච ප්‍රභේදය" කියලත් කියන්න පටන් අරගෙන ඔන්න.
අර ඔතැනට වෙලා ගිල ගිල සැපගන්න අයටත් හැදෙයි නේද?
අනේ හොඳයි, බරපතල වහල් හැත්ත...
අනේ කරුණාකරලා ඕකේ ඉන්න අයට බෝ කරලා... ඔයාලා පරෙස්සම් වෙන්න... ඇතුලේ ඉන්න ලේ මාපිල්ලු මැරුණට කමක් නෑ..
බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන්ට හැදෙන එක අහන්න දෙයක්ද?