(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 160 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,935 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 87 දෙනෙක් සහ කාන්තාවෝ 73 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 124 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරු රට වහන්න කියනවා. ලොක්කා කට වහන්න කියනවා. වසංගතය බරපතල වෙන එක අහන්න දෙයක්ද?
අද ශ්‍රී ලංකාව දෛනික මරණ සංඛ්‍යාව අනුව ලෝකයේ 11 වැනි ස්ථානයේ සිටියි. ජනගහනය මිලියනයකට දෛනික මරණ සංඛ්‍යාව අනුව ලෝකයේ 4 වැනි ස්ථානයේ සිටියි. අපට ඉහළින් ඉන්නේ ප්‍රසිද්ධ රටවලින් මැලේසියාව පමණි. 69 ලක්ෂයට සතුටුයිද දැන්?
රටේ ජනතාවට කිසිම පිළිසරණක් නැතිව අන්ත, අසරණ තත්වයට පත්වෙලා...
දැන්වත් හරියට කරගන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දෙන්න.. මේක මහා පාපයක්...
ලෝක සෞඛ්‍ය සංවිධානයවත්, මේ රටේ විශේෂඥයින් කියන දේවල්වත් අහන්නේ නැතිව, හුතුවක්කාරීව කටයුතු කරලා.. රටේ මිනිස්සු මැරෙන්න අරිනවා...
සෑම විනාඩි 9ටම එක් කොරෝනා මරණයක්...!