(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන සදුදා නිකුත් කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය
මේ අතර බස්නාහිර පළාතේ සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමටද කටයුතු කරගෙන යන බව ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව ගහපු ගැසට් වල හැටියටයි විදලා කියන බෙහෙත් වල හැටියටයි, නිරෝධායන නීතී ඒ අයුරින්ම ක්‍රියාත්මක වුණා නම් ඉතින්. කාලයක් පැණි මුට්ටි ගගේ යැව්වා. දැන් ගැසට් ගහනවා. දැන් හරි යයි ඔක්කොම. ගුරා එක තැන කරනවා. ගෝලයෝ දුව දුව කරනවා.
මුට්ටි දේවිය නැවතත් කරළියට...
එතකොට රජයේ වරද නිසා පළමු මාත්‍රාව විතරක් ලැබිලා දෙවන එක නොලැබුණු අයට මොකද වෙන්නේ...? මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකුට දීලා තියෙන ස්පුට්නික් එන්නතේ දෙවන මත්‍රාව කවදාවත් නොලැබෙන තත්වයක් තියෙන්නේ... මේ නීතිය අනුව මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සේවකයින් ඇතුලුව බොහෝ දෙනෙකුට සැප්තැම්බර් 15න් පස්සේ එළියට බහින්න බැහැ.
ඕවා කාටද දාන්නේ
එක මාත්‍රාවක් හෝ නොලැබුණු ප්‍රදේශ... එසේම හැටට පහළ අයට එක මාත්‍රාවක් ලැබුණු ප්‍රදේශ තිබෙනවා... රටක නීති සම්පාදනය වන්නේ එම සම්පාදනය වන නීතියට අදාළ සියල්ල සැපිරීමෙන් පසුවයි...
දැන්වත් ඔබතුමිය දන්නේ නැති විෂය කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න නැතිනම් ඉතිහාසයේ වැඩිම මරණ සංඛ්‍යාවකට වගකිව යුතු කෙනා වේවි...!!!
දැන් ඔය කතන්දර කියලා වැඩක් නැහැ. ඔබගේ පිස්සු වැඩ, අකාර්යක්ෂම බව සහ සංවිධානය කිරීමේ අසමත්බව නිසාම කොරෝනා රට පුරාම ව්‍යාප්ත වුණා. සෞඛ්‍ය ඇමැතිණිය ලෙස ඒ බව පිළිගන්න. කරුණාකර ඔය නොදන්නා ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න. ඔබ ඉල්ලා අස්වුණත්, නැතත් හෙට අනිද්දාම ඔබට වෙනත් අමාත්‍යාංශයක් දීලා සෞඛ්‍ය ඇමතිකමෙන් එළවා දමන්න යන බව මට කවුදෝ කීවා. අපි බලමු...
මොන නීති හැදුවත් කමක් නෑ. ජනතාවට එදාවේල හොයාගන්න ඉඩදීලා. අවුරුදු 30ක යුද්ධය නිම කලේ කෙළින් අපිට ඕනේ තීරණ අරන්... අද තීරණ ගන්නේ... එක එක සංවිධානවලට ඕනෑ විදිහට...
ආප්ප බානවා වගේ උදේට, හවසට.., උදේ ගහපු ගැසට් එක හවසට අවලංගු කරනවා... පහුවෙනිදාට අලුත් ගැසට් එකක්... ඥානක්කාගේ කෝල් එකෙන් අවලංගු කරන ගැසට්... ඔය ගහපු ගැසට් ඔක්කොම එකතුකරලා " රි සයිකල් " කරලා ටොයිලට් පේපර් හදලා සුද්දන්ට " පස්ස පිහන්න " අපනයනය කළානම් අපිට සෑහෙන විදේශ විනිමයක් හොයාගන්න තිබුණා. මොඩයිනේ, ගැසට් එකක් ගහන්න මහජන මුදල් කොපමණ වියදම් කරනවද..? එය අවලංගු කරන්න කීයක් වියදම් කරනවද...? ජාතියේ කරුමයට උපන් කාලකන්නි...
ගැසට් ගැහිල්ල නම් ඉවරයක් නැහැ..
ගහපු ගැසට් වල හැටියට වැඩ සිද්ද වුණා නම් රට මේ තරම් ව්‍යයසනයකට පත් වෙන එකක් නැහැ.. ගැසට් ගහනවා හැරුණාම වෙන වැඩක් නැතුවා වගේ...!!!
මේ පාර ගඟට දාන්නේ අපි...? පරමාණුවක්ද?
මොඩර්නා එන්නත් දෙවැනි මාත්‍රාව එනක් නුවර ගොඩක් පිරිසක් බලාගෙන ඉන්නවා.. කරුණාකර ඉක්මන් කරන්න.
මේ පාර ගඟට දාන්න වෙන්නේ මුට්ටි නොවේ... මළමිනී...
මුට්ටි දේවි, තවම අපේ නන්දසේන ගැන හරියට දන්නේ නෑ. සඳුදා නිකුත් කරනවා අඟහරුවාදා රිවස් කරනවා...
ඔබතුමිය වහාම ඉල්ලා අස්වෙන්න...
නීතියෙන් වැරදිකරුවන් ලෙස තීරණය වී දඬුවම් ලබන විට නිදහස් කිරීමෙන් අනතුරුව ලොකු තනතුරකුත් දෙනවා නම් නීති හැදීමෙන් ඇති ඵලය කුමක්ද? කාටද ඔබතුමියගේ නීති? අනික් අතට ගැසට් කළ නීති කීයක් හරියට ක්‍රියාත්මක වුණාද? හොඳම උදාහරණය තමයි අචාර්ය ගුණවර්ධන උන්නැහේගේ ගැසට්. උන්නැහේගේ වචන වලින්ම කියනවා නම් වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩ නොවී ආචාර්ය පට්ටමක් ලැබූ බවයි පෙනෙන්නේ...
ජීවිත බේරාගන්න ඕනේ නම් මේ අපවිත්‍ර, මැටි මෝල් කාරයින් එලවපියව්කෝ...!!!