(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ,මහාචාර්ය ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන ,ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් සිවුදෙනාගේ විෂය පථයන් වෙනස් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද ,මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදෙස් කටයුතු ඇමැතිවරයා වශයෙන් ද ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමතිවරයා වශයෙන් ද පත්කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි .
එම ඇමති සංශෝධනය අනිද්දා(17) දිනයේදී සිදු කෙරෙනු ඇතැයි ද වාර්තා වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළින් පත්කළේ විද්‍යාත්මකව නේද? එකම කුට්ටම කොහොම ඇනුවත්, එකම ප්‍රතිඵලය ... වෙන එකම දේ ආයෙත් අලුතින් විෂය හඳුනාගන්න කාලයක් ගතවීම පමණයි. මේක සම්පූර්ණ කණපිට ගහලා හදන්න ඕනේ. නිකන් අඳුරේ අතපත ගෑවාට නිසි ප්‍රතිඵල ගන්න බෑ.
අර්බුද සඳහා විසඳුම් ලබාදෙනු වෙනුවට වර්තමානයේ සිටින වැඩබැරි ටාසන්ලා 4 දෙනා ඉවත් කර වෙනත් වැඩබැරි ටාසන්ලා 4ක් පත් කළද අර්බුදයට කිසිඳු වෙනසක් හෝ පිළියමක් නොවේ ...
කොට්ටෙ මාරු කරලත් බලමුකෝ සර්...
එකම කුට්ටම කොච්චර ඇනුවත් වැඩක් නෑ. 69 ලක්ෂයක් නොවැම්බර්වරුන් බලාපොරොත්තු වුනේ පරණ කුට්ටමම අනාවී කියලා නම් නොවේ. එක රටක්, එක නීතියක් කියලයි මහත්තයෝ.
ඔය කුට්ටම ඇනුවම ඔක්කොම හරි යයි.
විද්‍යාත්මක ක්‍රමයට දීපු ඇමැතිකම් නේද මේවා? ඇයි දන්නේ නෑ ආයේ වෙනස් කරන්නේ? මහජනතාවට කිරි ඉතිරේවා....
"කොටියා මාරු වනවිට පුල්ලිද මාරූ... නොවෙනා බවකි කියැවෙන අදහස මේරූ.. වැඩ බැරි අනාගත් අය පත්වෙන අයුරූ .. බලා සිටිනු මැන රජ වාසළ කව්රූ .. "
පයේ බරවාට.. බෙහෙත් පිටිකරට... තදකොට බැන්දාට... සෙතක් නොමවෙයි බරවා කකුලට...
මේවා කෙරෙන්න ඕනෑ වැඩ... කාලේ හැටියට කළයුතුමයි. වෙන වැඩකුත් නෑනේ.. සමාජය සුඛිත මුදිත වෙලානේ ඉන්නේ...
විද්‍යාත්මකව දුමින්ද සිල්වාටත් ඇමැතිකමක් දුන්නා නම් හොඳයි නේද නන්දසේන..?
දාං ඇදලා මිසක් වෙනසක් වෙලා නෑනේ? හරියට ගොයම් කන නිසා ඒ ගොනා මේ ගහේ බැඳලා, මේ ගොනා ඒ ගහේ බඳිනවා වගේ වැඩක්...
අපරාදෙ අලුතින් සීල් කපන්න, ලියුම් හෙඩින් ගහන්න, නාමපුවරු ගහන්න, අලුත් කාර්යාල උපකරණ ගන්න යන සල්ලි... දුවන්න බැරි කෙනා ඔලිම්පික් ගියත් එකයි, සුගතදාස ක්‍රීඩාංගණයට ගියත් එකයි. බෑ බෑම තමයි.
අපි නම් හිතුවේ පවුලේ කාට හරි දෙන්න වෙන්න ඇති කියලා...
විදේශ විනිමය මේ තරම් අපහසු කාලයක පිටරට ජීවත් වෙන අයගේ මුදල් ලබාගැනීමට, ඩියුටි ෆ්‍රී වාහන තම රටට ගෙන්වීමට පහසුකම් සපයන්නේ ඔවුන්ගේ පිටරට මුදල්වලින්...
වයසක මිනිස්සු විශ්‍රාම නොගන්වා මොන කරුමයකට අමාත්‍යාංශ බාර දෙනවද? අයියෝ මෙහෙමත් කරුම දූපතක්.. මේ මිනිස්සු දැන් නිදහසේ හවසට නින්දක් දාලා ඉන්න ඕනේ කාලෙනේ...
මනුස්සයෝ අපිට ඕවායින් වැඩක් නැහැ.. හරක් කොතැනට දැම්මත් එක වගේ. මේ මිනිස්සු මැරෙනවා මැස්සන් වගේ... ඔහේගේ මොලේ තියෙන්නේ කොහේද? ඔහේගේ අම්මයි, තාත්තයි මිනිස්සු නිතරම මතක් කරනවා...
මේ ආණ්ඩුවේ කොයි එක්කෙනා, කොයි එකට දැම්මත් ලැබෙන ප්‍රතිඵලය එකයි. ඔක්කොමලා වැඩ බැරි ටාසන්ලා...
ජී.එල්. පීරිස් වීදෙස් කටයුතු ඇමැති? හිටිය පුද්ගලයා අයින් කරන එක නම් හොඳයි. ඒත් මෙයා එයිට වඩා අදක්‍ෂයෙක්...
අධ්‍යාපනය තුළ ඇති ගැටළු විසඳීමට හොඳම සුදුස්සා ඩලස්...
පිස්සු වැඩ තමයි.
විදේශ ඇමතිකමට රට වෙනුවෙන් කෙලින් වැඩ කරන කෙනෙක් දාන්න. මීට කලිනුත් ජී.එල්. පීරිස් මහතා ඔය තනතුරේ හිටියා. ඕස්ට්‍රේලියාවේ නම් හරි දෙයක් කෙරුණේ නැහැ. කොටින්ගේ බල බිඳින්න. මෙයා උපදෙස් දුන්නේ කලබල නැතුව ඉන්න කියලා... කොටින් ලංකාවට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නකොට. අපි මෙහෙ වෙන දේවල් ගැන මහ කොමසාරිස් කාර්යාලය අමතලා දැනුම් දුන්නාම කියන්නේ ඒ ටික. සමහර නිලධාරින් හිත අමාරුවෙන් ඒ බව කිව්වේ. හමීඩ්, කදිරගාමර් සහ අනික් හිටපු ඇමතිලා ඔක්කොම එකයි. හමීඩ් තමයි කෑවේ කොටි බලය නග්ගන්න ඕනෑකමින් ඉඩ ඇරලා. ජර්මනියේ එම්බසියේ කෙනෙක් කියලා තිබුණා අපේ යාලුවෙක්ට හමීඩ් කිව්වා කියලා කොටින්ට විරුද්ධව මුකුත් කරන්න එපා කියලා. කදිරගාමර් කාලයේත් කැන්බරා ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලය කියන්නේ නම ගම සහිතව ලියුමක් එවන්න කියලා ඒ අය ලංකාවට දන්වන්න. අවසර නැතිලූ කොටින්ට විරුද්ධ වෙන්න. ඔය මගේ 1996/ 97 කාලේ වුණු පුද්ගලික අත්දැකීමක්. මහින්ද සමරසිංහ විතරයි රටට හෙන නොගෙනාවේ පරණ අයගෙන්. බෝගොල්ලාගම නම් ඉතින් වෙනම කේස් එකක්... මොනවා වුණත් ජී.එල්. ඇමැති තනතුරේ තියන්න දිනේෂ් අයින් කළා කියලා විදේශ කටයුතු තව බහිනවා මිසක් හොඳක් වෙන එකක් නෑ...
අපි බැන්නට ප්‍රසන්නත් ඔය ජොබ් එක ජී.එල්. කරනවට වඩා හොඳට කරාවි. තමන් වෙන මොන වැරැද්ද කරත් රටට වෙන ප්‍රශ්න ගැන අවදියෙන් ඉන්න ඕනෑ. ජී එල් හොරෙක් නෙවෙයි හැබැයි පණ මදි. ඇමතිකම් කිරීම ලේසි නෑ. අපිට එළියේ ඉඳන් බණ කියන්න පුළුවන්. වැඩේ කරන කෙනා තමයි අමාරුව දන්නේ. ඒ වගේම මේ කොරෝනාවක් නිසා වෙන කවදාවත් ඇති නොවුණු ප්‍රශ්න ඇති වුණා. ඒක ලංකාවට විතරක් නෙමෙයි ලෝකයාටම පොදුයි. ඒ නිසා ජී.එල්. පීරිස් මහතා ගැනම විතරක් වැරදි කියලා වැඩක් නැහැ. නමුත් විදේශ ඇමතිකම් කරන්න නම් හොඳ ඉවක් ඇතුව කෙලින් තීරණ ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ. රිස්ක් මැනේජ්මන්ට් කියන දෙය තේරෙන්න ඕනෑ...
සියල්ලටම කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට හොඳ වෙදකම දන්න කෙනෙක් දැම්මොත් නරකයිද...?
හිසේ රුදාවට කොට්ටය මාරු කළා වගේ...
ඔය හැදිලා තියෙන අතීසාරයට අමුඩ ලේන්සුවකින් පිහිට සෙවීම ඉතා මෝඩ ක්‍රියාවකි..
‘‘උදේ‘‘ වැඩිකරපු ඉන්ධන මිල අලුත් ඇමැතිවරයා අඩු කරාවි කියලා හැමෝගෙම බලාපොරොත්තු තියන් ඉන්න බව නම් පේනවා.
මෙයාගේ හිනාව දැක්කාම සමතලා කරන්න හිතෙනවා...