ලක්ෂ 75 ක මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 15,20,000 ක මුදලක් සමඟ රාගම තේවත්ත පාරෙ නිවසක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුර පවසයි .