(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන දැරියකට වැළඳී තිබූ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ආධාර පිණිස බැංකු ගිණුමකට බැර වී තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ මුදලක් ඇෆ් එකක් හරහා වංචනික ලෙස ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ දී විශේෂ පාඨමාලාවක් හදාරපු පුද්ගලයකු බව පොලීසිය කියයි
එම පුද්ගලයා සන්තකයේ තිබී සිම්පත් 14 ක්,පාවිච්චි නොකරන ලද සිම්පත් 7ක්,ජංගම දුරකථන දෙකක් හා පෙන් ඩ්‍රයිව් එකක් පොලිස් භාරයට ගෙන ඇත
එම විද්‍යාලයේ ගුරුවරුන් දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යයින් විසින් දැරියගේ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මුදල් ආධාර බැර කරන ලෙස මුහුණු පොතේ දැන්වීම පළ කර පියාගේ බැංකු ගිණුම් අංකය සහ ඡංගම දුරකථන අංකය ද සඳහන් කර තිබු බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදෑසනම දුටුවේ තවත් නිවට හොරකමකි.....මේ තක්කඩියාට මෙලොවදීම මෙහි ප්‍රතිපල ලැබේවා.......කරුණාකර මේ බල්ලාගේ වතගොත චායාරුපද සමගින් මහජනතාවගේ දැනගනුමට ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
බැංකු ගිණුම්වල ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවෙනවා.
මොහුට එම පිළිකාවම හැදේවායි ප්‍රර්ථනා කරනවා