මහර සිද්ධියට 26 දෙනකුගෙන් ප්‍රකාශ ගනී මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරින් අට දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 26 ගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ (2) වන විට සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය 03 December 2020
සාමාන්‍යපෙළ විභාගය මාර්තුවේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 03 December 2020
කුරුණෑගල එක් ව්‍යාපාරික ස්ථානයකින් ආසාදිතයින් 12 ක් කුරුණෑගල මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකින් පමණක් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු පිළිබඳව අද (3) වාර්තා වී ඇත. 03 December 2020
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි බුරවි සුළි කුණාටුවේ බලපෑම මධ්‍යම කඳුකරයටද බලපෑම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අඩි එක හමාර බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය කියයි 03 December 2020
රාගම රෝහලින් පැන ගිය රැඳවියා අල්ලයි මහර බන්ධනාගාරය පසුගියදා ඇති වූ සිද්ධියෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ලබමින් සිටිය දී රෝහලෙන් පැන ගොස් සිටී රැඳවියා අද (3) ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 03 December 2020
ත්රස්තවාදයේ ගිනි පුපුරු තවමත් අළුයට සීතල පුටවල වාඩිවී උදම් අනමින් සිටියත් ත්රස්තවාදයේ ගිනි පුපුරු තවමත් අළු අතරින් මතුවන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(3) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය. 03 December 2020
ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් එම ධූරයෙන් පහ කරනු ලැබ ඇත. 03 December 2020
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පලා යයි මහර බන්ධනාගාරය තුළ ඇති ඇතිවූ කැරැල්ලේදී තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේ පලාගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය. 03 December 2020
යාපනයේ 1589ක් පීඩාවට - නිවාස 156කට හානි උතුරු පළාතට නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හා සුළං තත්වය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 459 ට අයත් පුද්ගලයින් 1589 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 December 2020
අද දිනයේදී කොරෝනා මරණ 2 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (02) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 02 December 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 21,000 පනී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (02) පස්වරු 10.15 වනවිට එක්වූ ආසාදිතයන් 528 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 878 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 02 December 2020
සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසීමෙන් අටලුගම පී.සී.ආර්. පරික්ෂණ නවතී බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිතයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් හෙට (03) දින අටුලුගමදී සිදුකිරීමට නියමිත පි.සි.ආර්. පරීක්ෂණ නවතා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරීනී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය. 02 December 2020
නිරෝධායනයට නිවාඩු දුන්නාට උරණව ලොක්කන්ටත් කොරෝනා බෝ කරන්න යයි දින 14 ක කාලයක් නිවාඩු ලබාදී ඇති බව වටරැක බන්ධනාගාරයේ දොරටු පාලක නිලධාරියා පැවසීමත් සමගම උරණ වූ ජේලර්වරයකු ’’මහ එවුන්ට වගේම උඹලටත් කොරෝනා බෝකරන්න ඕනේ’’ යැයි පවසමින් දොරටු පාලක නිලධාරියා ඇතුළු නිලධාරීන් කීපදෙනකු බදාගැනීම සම්බන්ධයෙන් ඊයේ (01) රාත්‍රියේ මීගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත. 02 December 2020
මුලතිව් - කෝකිලායි පවුල් 300 ක් ආරක්ෂිත ස්ථානවලට බුරවි සුලි කුණාටුව බලපෑම හේතුවෙන් මුලතිව් කෝකිලායිහි සියලුම ධීවර පවුල් කොක්කුතුඩුවායිහි පිහිටි රජයේ පාසල් දෙකක් වෙතට රැගෙන යාමට කටයුතු කල බවට මුලතිව් පොලීසිය පවසයි. 02 December 2020
ස්කූබා සඟරාවෙන් 2020 වසරේ සාගර වීරවරිය ලෙස ආශා ඩී වොස් නම්කරයි සුප්‍රකට ස්කූබා ඩයිවින් නම් සගරාව විසින් “ 2020 වසරේ සාගර වීරවරිය ” ලෙස මෙරටින් බිහිවූ ලෝක ප්‍රකට සාගර විද්‍යඥවරියක වන ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය නම් කරනු ලැබ ඇත. 02 December 2020
පුත්තලමේ පාසල් හෙට වහයි දිවයිනට බලපාන සුළි කුණාටු අවදානම හේතුවෙන් පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් පාසල් පමණක් හෙට (3) දිනයේ වසා තබන බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 02 December 2020
බීමත්ව රියපදවා පොලිසියේ සිටි කොරෝනා ආසාදිතයාට ඇප පොලිස් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වීමත් සමගම ඔහුට පොලිස් ඇප ලබාදී ස්වයං නිරෝධායනය යොමු කිරීමට අද (2) පියවර ගත් බව කළුතර - දකුණ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 02 December 2020
අෆ්රිඩි හදිසියේම ආපසු යයි පෞද්ගලික කාරණාවක් හේතුවෙන් ගාල්ල ග්ලැඩියේටර්ස් පිලේ නායක සහිඩ් ඛාන් අෆ්රිඩි හදිසියේම සියරට බලා යාමට තීරණය කර තිබේ. ඔහුගේ මෙම තීරණයත් සමගම දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියේ තරග කිහිපයක් ඔහුට අහිමි වනු ඇත. 02 December 2020
බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ මහාධිකරණය මගීන් පනවා තිබු විදෙස් ගමන් තහනම ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (02) ඉවත් කලේය. 02 December 2020
වැසි අපදා ගැන දැනුම් දෙන්න අංකයක් වැසි සහිත කාලගුණික තත්ත්වයන් පිළිබඳ හදිසි තොරතුරු සඳහා 117 කෙටි දුරකතන අංකය අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 02 December 2020
හලාවත - වෙන්නප්පුව - නාත්තන්ඩිය හුදෙකළා කරන්නයි වයඹ ආණ්ඩුකාරයා ඉල්ලයි හලාවත ප්‍රදේශය ආශ්‍රිතව මේවනවිට කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන හලාවත, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බළ ප්‍රදේශ වල ජනතාවගේ ගමන් බිමන් සීමාකර හුදෙකලා තත්ත්වයට පත් කළ යුතු බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි. 02 December 2020
මහරට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම බන්ධනාගාර ආරක්ෂක අංශයෙන් නතර කරයි මහර බන්ධනාගාරයේ තත්ත්වය සොයා බැලීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද(02) එම පරිශ්‍රය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 02 December 2020
අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට පළමු වසරට ළමයෙකු ඇතුළත් කරගැනීම සදහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී ඇඹිලිපිටිය ප්‍රදේශයේ විදුහල්පතිනියක අද (02) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 02 December 2020
වලපනේ - පදියපැලැල්ල මාර්ගය සවස 6 ට වසා දමයි පවතින කාලගුණ අවදානම සමග නුවරඑලිය වලපනේ පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් අද (02) දින පස්වරු 6 සිට තාවකාලිකව වසා දැමිමට තිරණය කළ බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 02 December 2020
පල්ලෙකැලේ ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි ආරක්ෂාව වෙනුවෙන් මහනුවර පල්ලේකැලේ පිහිටි ආයුර්වේද රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. 02 December 2020
බෝගම්බර ප්‍රධාන ජේලර්ට - රැඳවියන් 26කට කොරෝනා බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථනයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවියන් 26 දෙනෙකුට කොවිඩ්- 19 වයිරසය ආසාදනය වී තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි. 02 December 2020
උතුරේ සියලු පාසල් දින දෙකක් වසා දමයි බූරවී සුලි කුණාටු තත්වය හේතුවෙන් උතුරු පලාතට පවතින අවධානම සලකා උතුරේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පැවසුවාය. 02 December 2020
කෝටි 800ක් මකර කටට යැවූ මධ්‍යම අධිවේගයේ වැඩ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ කිරීම 2015 සිට 2019 වසර දක්වා ප්‍රමාද වීම නිසා රටට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 800ක් බව හෙළි වී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප්) මේ තොරතුරු අනාවරණය වී තිබිණි. එහි දී සිදුව ඇති අක්‍රමිකතා අතර ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් කෝටි 170ක් පමණ වැය වී ඇති බව ද ඒ තොරතුරු අතර විශේෂයෙන් සඳහන් වෙයි. 02 December 2020
ලොහාන් රත්වත්තට රාජ්‍ය ඇමැතිකමක් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (2) දිවුරුම් දුන්නේය. 02 December 2020
පානදුර පෞද්ගලික බැංකුවක් තාවකාලිකව වසයි පානදුර පෞද්ගලික බැංකුවක් වෙත කොරෝනා වෛරසය ආසාදිත වූ යුවලක් පැමිණි බවට අනාවරණය වීමෙන් අනතුරුව එම බැංකුව අද උදෑසන සිට තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබාදුන් බව පානදුර නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මොර මුදලි මහතා පැවසීය. 02 December 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026