මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 20,000 ඉක්මවයි මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 10.00 වනවිට එක්වූ ආසාදිතයන් 318 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 496 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 30 November 2020
වීඩියෝ තාක්ෂණ ඔස්සේ ප්‍රථම වරට කැබිනට් රැස්වීමක් කොවිඩ් වයිරසය හේතුවෙන් අද (30) රාත්‍රියේ කැබිනට් රැස්වීමද වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිටද, ඇමැතිවරු සිය කාර්යාලවල සිටද කැබිනට් රැස්වීමට සහභාගි වූහ. 30 November 2020
සුදර්ශනීට රාජ්‍ය අමාත්‍ය ධුරයක් මූලික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දිවුරුම් දුන්නාය. 30 November 2020
තිසරගේ ප්‍රවේගකාරී පිතිහරඹය යාපනයට ජය ගෙනෙයි තිසර පෙරේරාගේ (97*) ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට එරෙහිව අද (30 වැනිදා) පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 218 ක් ලබාගත්තේය. 30 November 2020
මහර සිද්ධිය විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබදව විමර්ශනය කර සම්පූර්ණ වාර්තාවක් ලබා දීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. 30 November 2020
මහර බන්ධනාගාරයේ කලහයට මැදිවූ රැඳවියන් 61 කට කොරෝනා මහර බන්ධනාගාරයේ ඇති වූ වෙඩිතැබීමේ සිදුවීමෙන් බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් 61දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව රාගම මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පැවසීය. 30 November 2020
අක්කරෙයිපත්තුව දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කරයි අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය අද (30) දිනයේ සිට දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරිමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය. 30 November 2020
මහර රැඳවියන් 187ක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 187දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනම ප්‍රදේශයක පිහිටි වෙන් කරන ලද විශේෂිත ස්ථානයක් වෙත රැගෙන ආ බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 30 November 2020
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සඳහා නව දුරකතන අංකයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින් සේවා ලබාගැනීමේදී හඳුන්වා දුන් දුරකථන අංක අවලංගු කර 0112 677 877 යන නව දුරකථන අංකය හදුන්වා දෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුනුගම මහතා කොළඹදී අද(30) පැවසීය. 30 November 2020
ටිපර් රියෙන් ඝාතනය කළ කොස්තාපල් සැරයන් තනතුරට කොබෙයිගනේ හාතලව ප්‍රදේශයේ දී වැලි ජාවාරමක් වැටලීමට ගොස් සිටියදී ජාවාරම්කරුවන් විසින් ටිපර් රථයකට යටකර ඝාතනය කරන ලද, පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 30 November 2020
මීගමුව බන්ධනාගාරයේත් නොසන්සුන්කාරි තත්වයක් නඩු කටයුතු ඉක්මන් කරන ලෙසත් ඇප ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා මීගමුව බන්ධනාගාර රැදවියන් සිව් දෙනෙකු අද (30) පස්වරුවේ මීගමුව බන්ධනාගාර ගොඩනැගිල්ලක් මතට නැගී උද්ඝෝෂණයේ නිරත වන බව මීගමුව පොලිසිය පවසයි. 30 November 2020
ලංගම - පෞද්ගලික බස්සේවා ඒකාබද්ධ කරයි පාසල් සහ කාර්යාල සේවාවන් ආරම්භ කිරීමත් සමඟ ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් ඒකාබද්ධව බස් රථ ධාවනය කිරීමට එකඟතාවයකට පැමිණි බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 30 November 2020
අවශේෂ කැලෑ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පාලනයට නොදෙන්නයි අධිකරණයෙන් ඉල්ලයි අවශේෂ කැලෑ දිස්ත්‍රික් ලේකම්වරුන් ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධානයක් වන පාරිසරික යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. 30 November 2020
මහනුවර පළමු කොරෝනා මරණය වාර්තාවෙයි කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනීප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන විටදීම මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණ මගින් අද (30) තහවුරු වූ බව පේරාදෙණිය රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. 30 November 2020
කොන්ද නොනමා ඇත්ත කතාකළ වනජීවී නිලධාරීහු වනජීවි දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරිහු ඉකුත් 27 වැනිදා රටපුරා සංකේත වැඩ වර්ජනයක නියැලුණහ. ඒ වනජීවි හා වන සම්පත් රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතා පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ දී වනජීවි නිලධාරින්ට බැණ තර්ජනය කරන ලදැයි සඳහන් සිද්ධියට විරෝධය පාමිනි. 30 November 2020
බූස්සෙන් සිරකරුවෙක් පනී බුස්ස බන්ධනාගාගරයේ සිරකරුවෙකු අද(30) දහවල් බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 30 November 2020
පානදුර ජ්‍යෙ. පොලිස් අධිකාරී කාර්යාලයේ 140 ක් නිරෝධායනයට පානදුර පොලිස් අධිකාරි කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබූ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපති ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 140 ට පමණ අද පීසීආර් පරීක්ෂණ පරීක්ෂණ සිදුකළ බව පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි. 30 November 2020
බන්ධනාගාර ගැටුමින් 8ක් මරුට මහර හිරගෙදර ඊයේ (29) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් එල්ල කරන ලද වෙඩි පහරට ලක්වී රැඳවියන් 8 දෙනෙකු මියගොස් 50 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 30 November 2020
මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයි මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය. 30 November 2020
මිල්ලනිය-මොරන්තුඩුව පොලිස් ස්ථාන වසාදමයි මිල්ලනිය සහ මොරන්තුඩුව පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම පොලිස් ස්ථාන දෙක තාවකාලිකව වසා දැමූ බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය. 30 November 2020
මහර මහ යුද්ධයෙන් මරණ 6යි-රැඳවියන් 35කට තුවාල මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පලා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් මිය ගිය රැඳවියන් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි. 30 November 2020
තවත් කොරෝනා මරණ 7 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් හත්දෙනකු අද (29) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 29 November 2020
අද දිනයේදී ආසාදිතයන් 496 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (29) පස්වරු 8.40 වනවිට එක්වූ ආසාදිතයන් 173 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 496 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 29 November 2020
කනංකේ පැරකුම්බා විද්‍යාලය සතියක් වසාදමයි කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය හෙට (30) දින සිට සතියක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇතැයි අකුරැස්ස කලාප අධ්‍යාපන කාර්යාලය පැවසීය. 29 November 2020
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 18 කට ජනපති සමාව ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18 දෙනකු අද (29) පස්වරුවේ නිදහස් කළ බව ගාල්ල බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 29 November 2020
මහර බන්ධනාගාරයේ මහ යුද්ධයක් - 4 ක් මරුට මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව දැනට රාගම රෝහලට මළ සිරුරු 4 ක් රැගෙන ආ බවත්, මේ වන විට තුවාල ලැබූ රැඳවියන් 25 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් අධ්යක්ෂවරයා පවසයි. 29 November 2020
මුතුරාජවෙල පාරිසරික අධ්‍යයන වාර්තාවකට අවසර මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී ඇත. 29 November 2020
ඊශ්‍රායලයේ සිටින පිරිසක් කඩිනමින් ලංකාවට ගෙන එන්නැයි ඉල්ලිමක් රැකියා වීසා බලපත්‍රයේ වලංගු කාලය ඉක්ම වුවද, පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඊශ්‍රාලයේ සාත්තු සේවයේ සහ හෝටල් සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 64 දෙනෙකු ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලමින් ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලිඛිතව දැනුම් දීමක් කර ඇත. 29 November 2020
සිවාජිලිංගම්ට සර්පයෙක් ගහලා ප්‍රකට දෙමළ දේශපාලනඥයකු වන එම්.කේ. සිවාජිලිංගම් මහතා සර්පයකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇත. 29 November 2020
දුරකතන සංඥා සොයමින් මොරගහවැව දරුවෝ ජල ටැංකියට නගිති පවතින කොරෝනා වසංගතය හමුවේ තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ඉගැන්වීම් සඳහා දිනපතා අඩි 60 කට ආසන්න උසකින් යුත් ජල ටැංකියකට නැගි අධ්‍යයන කටයුතු කරන දරුවන් පිරිසක් නවගත්තේගම මොරගහවැව ගම්මානයෙන් දැක ගත හැකිවිය. 29 November 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026