(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 17 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 111ක් වන අතර මෙය දිනක් තුළ සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,222 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 56 දෙනෙක් සහ කාන්තාවෝ 55 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 90 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 21 දෙනෙක් ද වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් මරන ආදාහනය වේගවත් කිරීමට උපදෙසක් විපක්ශ නායකතුමාගෙන්වත් ගන්න බලමුද?
අනේ දෙවියනේ .. මේ පුංචි රටේ දිනකට වසංගතයක් නිසා මිනිස් ජීවිත 111 ක් දිනකට මියයන මට්ටමකට ළඟා වෙලා.දේශපාලකයන් කියන්නේ සුරංගනා කතා.ඒත් ඒවා එකක්වත් ප්‍රායෝගික නැහැ.අනේ මිනිසුනේ උඹලා අපි හැමෝම පෙර සංසාරේ බලවත් අකුසල කර්ම කරලා ඇති සමහරවිට .. නොඑසේ නම්,අපට මෙසේ වේවිද ? අඩුම තරමේ නුවණැති දේශපාලනඥයන් ලබන්නවත් අපි උඹලා පිංකොට නැති හැටි.කරුමෙක මහත ... !!!
සීඝ්‍රයෙන් ඉන්දියාව /ඉන්දුනීසීයව වෙත පා නගමින් පවතී, වයසක මිනිස්සු,අත්දැකීම් ඇති මිනිස්සු බේරාගැනීමට උත්ඝෝෂණය කරමු. ආර්ථිකය පසුව හදාගනිමු
හොඳට කළා
කරුණාකර වහාම ඇඳිරි නීතිය අවශ්‍යයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න, නමුත් එන්නත ලබා ගැනීමට ජනතාවට පමණක් ඉඩ දෙන්න.
මොන දුකක් ද