
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ශ්‍රී ලංකා රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්ව සිටී.
එම සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාද උප සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මොහොමඩ් මුසම්මිල් , එස්. රාසමානික්කම් සහ කෝකිලා ගුණවර්ධන යන මහත්ම මහත්මීහූද තේරි පත්වූහ.
මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් යන මහත්වරුද තේරී පත්ව සිටිති.
මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසූවේ ශ්‍රී ලංකාවේ සහ රුමේනියාවේ ජනතාව අතර මෙන්ම පාර්ලිමේන්තු අතර පවතින සහෝදර බැදීම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති බවයි.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා 1957 සැප්තැම්බර් 15 වන දින ආරම්භව ඇති බවත් කොවිඩ් තත්වයේ බලපෑම ක්‍රමයෙන් ඉවත්ව ගිය පසු දෙරට අතර ද්වීපාර්ශවීය සබදතා ව්‍යවස්ථාදායක මට්ටමෙන් තර කළ හැකි බවත් කතානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙහිදී පැවසුවේ සංචාරක සහ අයෝජන ප්‍රවර්ධන අංශවලින් දෙරට අතර සබදතා ශක්තිමත් කරගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් රුමේනියානු තානාපතිවරයාගේ සහයද ඒ සදහා තමා අපේක්ෂා කරන බවත්ය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් ,රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගිවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ගැලපෙන්නේ ඔය වගේ දේවල් තමයි
මොකට දුන්නද ඔයාට?. කිසිම ගුණයක් නැහැ... බොරු සෝබන විතරයි. බෙරේ පලුවකුත් නැහැ... ගහපු පදයකුත් නැ. අනුර කුමාර, විජිත කුමාර, වෙල්ගම කුමාරලා වගේ කථාව පමණයි.
ඇමති තනතුරේ වගකිම්වත් ඉටු නොකරන මෙයා හොද voice cut වලටම තමා.
මෙයා හොඳ විජ්ජා කාරයා, බොරුවට ආණ්ඩුව විවෙචනය කරනවා. මිනිස්සු හිතනවා මිනිහ තමයි පොර කියලා... 20ට බොරුවට බැන්නට පස්සේ මිනිහා අත උස්සලා. එයාගේ නංගිත් කිව්වා ඔය යෝජනාවට අත උස්සන්න එපා කියලා. මිනිහට සැප අත හරින්න බෑ. මේ වගේ මිනිස්සු මනුස්සකමටත් ලැජ්ජයි...
ආණ්ඩුවේ ඉන්නේ විශ්වකර්ම දිව්යපුත්රයෝද? මේ අපිට එක ජොබ් එකක් කරගන්නත් අමාරුයි හරියට... හැබැයි රටනම් එදා ශ්‍රී ලංකාවම තමයි.