
(අජන්ත කුමාර අගලකඩ)
ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර,දෛනික මරණ සංඛ්‍යාවද සීයකට ආසන්න වෙමින් තිබේ .
ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී .
මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීරි අලින්ට වීණා ගහලා වැඩක් නෑ.බිලි පූජාව තාම සම්පූර්ණ වෙලා නෑ..මූලික කරුණ ආර්ථිකේ රැක ගන්න ඕනා.මිනිස් ජීවිත බල්ලට ගියාවේ මහත්තයෝ .
ආණ්ඩුවෙන් පඩි ගන්න ඔය මහත්වරු නම් කොහොම හරි සති හතරක් කාලා බීලා ඉඳීවි .එත් එදා වේල හම්බ කරගන්න මිනිස්සු පන කෙන්ද ගැට ගහ ගන්නේ කොහොමද මහත්තයෝ ?ලෙඩකට බෙහෙතක් නොගෙන ,බැංකුවකට තැපැල් කන්තෝරුවකට නොගිහින් බේත් හේත් නොගෙන නිකන්ම මැරිලා යයි නේද ?
සර්ද අපිට කන්න දෙන්නේ... දැනටම අපි එරිලා ඉන්නේ...!!!
රට වහලා නිරෝධානය ඇදිරිනීතිය පනවන එක තමයි දැන් කල යුතු වන්නේ . නමුත් ගිය වතාවේ රට වැහුවා වගේ නෙවෙයි මුලු රටටම ඇඳිරි නීතිය පැනවිය යුතු වෙයි එහෙම කරොත් රටේ ඉන්න මිනිස්සු බේරාගත හැකිවේ. ආර්ථිකයට පහරක් වදී නමුත් කරන්න දෙයක් නෑ . මිනිස්සුන්ගේ ජීවිත ඊට වඩා වටිනවා. හරි වෙලාවට හරි තීරණ ගත්ත නැති නිසා වෙච්ච දේ.
කරතොත් කරපං හරියට.. බැරිනම් පලයං අහකට...
රට වහන්න රටක් ඉතිරි වෙන්න එපෑයෑ...
අපි තමයි හොඳටම කරල තියෙන්නෙ . ඒක නිසා රට වහන්නේ නැහැ .
මුලදී රට ජාත්‍යන්තරයට වහලා කළමනාකරණය කරගත්තාම රට ඇතුළ වහන්න වෙන්නේ නෑ. ඒ වුණාට දැන් තියෙන තත්වය ගැන හිතලා මේ පියවර ගත්තොත් හොඳයි. දැනට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වැඩි දෙනෙකුටත් හැදිලා තීන්දු නියම වෙලාවට ගත්තේ නැතිනම් මොනවා වෙයිද කියන්න බෑ...
කරන දෙයක් වෙලාවට කරලා ජනතාව බේරගන්න.
මෝචරි විශේෂඥ කෝවිඩ් කමිටු සාමාජිකයන් කියනකන් එහෙම වහන්නේ කොහොමද? පාන් පෝරණු ටිකත් පිරිනෙකන් හොඳටම කරන්න ඕනේ...
පාලකයන් ට මොලයක් නැත. ඇත්නම් මෙසේ වෙන්නේ ද නැත
හාපෝයි බලගෙනයි , ආර්ථිකය කඩා වැටෙයි... ඒක තීරණය කරන්න ඕනෑ ආර්ථික විශේෂඥයෝ සහ සංචාරක කර්මාන්තයයි , විශේෂඥයෝ කියන හැටියට නේ.... හැබැයි ඔය විශේෂඥ දැනුම නැති ගමේ අයනම් හැමෝටම තේරෙන භාශාවෙන්, බුලත් හයියට හෙන ගැහැව්වහම , හුනු කිල්ලෝටේ ගැන කවර කතාද කිව්වාලු... ........
බාර් වහන්න බෑ
රට අගුලු දැමුවහොත් අපි සෑම සේවාවක්ම වසා දැමිය යුතුයි. උදාහරණය:- ඇඟලුම් කම්හල් සහ අනෙකුත් සෑම කර්මාන්ත ශාලා. කොවිඩ් 19 දිනෙන් දින ඉහළ යන බැවිනි.
කොරෝනා ඇවිල්ලා ලොක්කගේ දොරට තට්ටු කළාම තමයි ලොක්කගේ ඇස් දෙක ඇරෙන්නේ...
මේ රටේ ඇඳිරි නීතිය හෝ සංචරණ නීති සාර්ථක වෙන්නේ නෑ. නගරවල නිවාස සංකීර්ණ වලත්, ගම්මානවල අතුරු මාර්ගවලත් ජනතාව රිසි සේ සැරිසරනවා. කළයුත්තේ රට නොවසා මංගල උත්සව ඇතුලු සියලු මහජන ඒකරාශිවීම් තහනම් කිරීමයි...
රට වහන්න කිසිම අවශ්‍යතාවක් නෑ .ඒක පැහැදිලිව කියලා තියෙනවානේ
රට වහලත් බැහැ.රට ඇරලත් බැහැ.පුදුම ප්‍රශ්නයක් තමයි උද්ගතවෙලා තියෙන්නේ.රට ඇරියෝත් වසංගතේ බෝවීම හා පැතිරීම සිදුවෙනවා. වැහුවොත් අගහිඟකම් වලින් මිරිකී දුක් විඳින්නට සිදුවෙනවා.රාජ්‍යයක් හැටියට පවතින හා මෙතෙක් පැවැති ආණ්ඩු හදිසි ව්‍යසනයකදී ප්‍රයෝජනයට ගන්න මුදල් සංචිතයක් ඉතිරිකරගෙන නැති බව පෙනෙනා කරුණක්.ඒත්,වෙනත් දියුණු රටවල එම රටට සැබෑ ආදරය ඇති දේශපාලනඥයන් ඒ යුතුකම් ඉටුකොට තිබෙනවා.අපේ රටේ වගේ පට්ට පල් හොරුන් ඒ රටවල නැහැ. හිටියත් ඒ රටවල බුද්ධිමත් ජනතාව ඔවුන්ට බලයට එන්නට ඉඩදෙන්නේ නැහැ.ඒ රටවල ජනතාව බොහෝ දැනුවත්.අන්න ඒකට අපේ රටේ ඉන්නා ජනතාව.හොරුන්ට,බොරුකාරයන්ට, තක්කඩියන්ට,මිනී මරන අයට හරිම කැමතියි.රටේ සල්ලි ගිලලා සුරසැප විඳිනා ධන කුවේරයන්ගේ වත්කම් බැරකම් හොයන්න යැයි එක ගැත්තෙකු කිසිම උද්ඝෝෂනයක් කරාද? මතු දිනෙක හෝ කරාවිද ? මෙන්න කියලා කරාවි.ඒ අතින් බලනා විටදී ඉතාම වටිනා ජනතාවක් තමයි අපේ රටේ ඉන්නේ.මොනතරම් ආඩම්බරදෝ අපට ...
අනේ මන්දා මොකක් හරි වහලා මේක පාලනය කර ගත්තානම් හොදයි .නැත්තම් දවසට 100 ගානේ මැරුනහම අවුරුද්දකට කීයක් මැරෙයිද .ඔක්කොම මැරිලා රට නිකන්ම වැහෙයි නේද
මම හිතන්නෙ ඥාණක්කා තාම වහන්න කියල උපදෙස් දීල නෑ වගේ සෙන්පති තුමාට
මිනිස්සු ගම් පිටින් මැරුනත් රට වහන්නේ නැහැ .හරිය
අර ලංකාවට ඇවිත් සිටින රුසියන් සංචාරකයින් ආපසු යනකම් ටිකක් ඉවසන් ඉන්න. ඊට පස්සේ නිවාඩුව රට වහලා දාන්න පුළුවන්නේ. අනිත් එක ලංකාවේ අපේ හිඟන, දඩාවතේ යන අහිකුණ්ඨක ජාතිය වගේ නෙවෙයි, යුක්රේන සංචාරකයින් කොරෝනා රෝගය රටපුරා පතුරවන්නෙත් නැහැ. හරිම ගුණ යහපත් නෝනලා මහත්තුරු එයාලා...
රටේ පවතින තත්වය අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ව්‍යවස්ථාවෙන් ඔබතුමාට පැවරී ඇති බලතල අනුව සති 04කට රට වහන්න නියෝගයක් නිකුත්කළා නම් ඉවරයි. ඉල්ලීම් කරකර බැගෑපත් විය යුතු නැහැ. සෞඛ්‍ය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ ඉහළම බලධාරියා ඔබතුමායි.
රට වහන්න එපා .අපි තමයි හොදටම කරලා තියෙන්නේ
ඕක තමයි කරන්න දන්නේ මහලොකු විශේෂඥයින් සෙට් එක... කළින් කීපාරක් රට වැහුවද? කෝ අඩු වුණාද? මුලින්ම දේශීය වෛද්‍යවරු කිව්ව දේ ඇහුවේ නෑ. බටහිර වෛද්‍ය ක්‍රමයට කරන්න බැරි දෙයක් නෑ කියලයි හිතන් හිටියේ. රට වැහුවාම ඔයාලාට ගෙඩිය පිටින් පඩි හම්බ වෙනවා. ජනතාවට මොනවද ලැබෙන්නේ?
එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ආර්ථිකය තව අවුරුදු 6ක්වත් ගොඩදාගන්න බෑ කිව්ව අගමැති. එක්සත් රාජධානියේ ළමයි හාමතේ කියලා ලැජ්ජයි කිව්වෙත් මේ ළඟදී...
තත්වය පාලනය කරගන්න බැරි වුණොත් ආණ්ඩුව විසුරුවා හැරිය යුතුයි. අපේ ජනගහනයේ හැටියට පවතින මරණ සංඛ්‍යාව ඉතාමත් ඉහළයි, දරුණුයි. දවසින් දවස බිඳවැටෙන ආර්ථිකය නිසා කොරෝනාවෙන් වගේම මිනිස්සු බඩගින්නෙත් මරණයට පත්වෙයි.
කොරෝනා ලෝකෙට ආ මුල් කාලයේ නොයෙකුත් කයිවාරු ගසමින් අනෙකුත් රටවලටත් පරිබව කරමින් සිටි අජරාමර මිනිසුන්ගේ ඒ පින් බිම දැන් පව්කාරයින්ගේ නිජබිමක් බවට පත්වෙලාද? මරබියෙන් පින් බිමට පලා ආ අය, මෙන්ම පින්බිමේ විසු අමනයින් ඔවුන්ව පිළිකුල් කල හැටි මට නම් තාමත් මතකයි. අනෙකාගේ දුක, තමන්ගේ වාසියක් බවට පෙරලා ගෙන බිස්නස් කල නින්දිතයින්, කොතරම් නම්, මේ අමනයින්ගේ දේශයේ සිටිනවාද? මොවුන්ව නිවෙස් වලටම ගාල් කොට, කුසගින්නේම කොරෝනාවට මුහුණ දීමට සැලැස්වීම තමයි කලයුතු වන්නේ. මම නම් හරිම ආසයි අර පරණ කයිවාරු ටික ආයෙත් ඒ මකර කටවල් වලින්ම නැවත අහන්න.
දැන් පේන්නේ රට වැඩ කරන්නේ සෞඛ්‍ය අංශ කියන උපදෙස් අනුව නොවන බවයි .එහෙනම් කවුද මේ අහිමිවන ජීවිත සිය ගණනට වග කියන්නේ
මේක 2020 වසරේ පැවති තත්වයට වඩා වෙනස් රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙනවා .එයින් බහුතරයකගේ මුලාරම්භය අදහසක් නැත .රටේ ස්ථානීය වසංගත තත්වයක් නෙවෙයි තියෙන්නේ රට පුරාම විසිරුණු වසංගත තත්ත්වයක් . වසංගත විද්‍යා මුලධර්ම අනුව හිතන්න. ආර්ථික කළමනාකරණ මුලධර්ම වලින් මේක කරන්න බෑ . මේ සිල්ලර සංචරණ නීති වලින් මේක වළක්වාගන්න පුලුවන්ද ? වසංගත විද්‍යා විශයන්හී විශේෂඥයෝ හරි තීරණ වෙලාවට ගත යුතුය. නැතිනම් මේ සුන්දර දිවයින විනාශයට පත් වෙලා ඉතිහාසයට එකතු වෙයි කතන්දරේ .....
නවසීලන්ත අගමැතිනිය සාර්ථක උපාය මාර්ග වලින් ඒ රටේ අභාදිතයන්ට කොවිඩ් සම්ප්‍රේෂණය පාලනය කිරීම ගැන අද මුළු ලෝකයේම ප්‍රසාදයට පත්වෙලා .අදහන්න ඕනෙ නායකයෝ
මේ ප්‍රශ්නය සංකීර්ණ වෙන්න ඇරියම උත්තරය සරල නොවන බව මතක තබා ගන්න .ඒ නිසා මෙම විෂයේ ප්‍රවීනයන්ට සවන් දෙන්න .මේක හුදෙක් කළමනාකරණ ගැටළුවක්ම නෙවේ. වසංගත විද්‍යා මූල ධර්ම අනුව සිතිය යුතුය. උපාය මාර්ග අත්හදා බලන්න වෙලාවක් නෙවෙයි
සති 08ක් නොවෙයි, 50ක් වැහුවත් ඇරපුදාට ආයෙත් හැදෙනවා.