(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව්දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්‍ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් ලබන 23දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළය.
ඒ අනුව මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සහෝදරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරුය.
සැකකරුවන්ට ඇප ලබා දුනහොත් ඔවුන් සාක්ෂි වලට බලපෑම් එල්ල කළ හැකි බවට නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළව අදාළ අති සංවේදී කරුණු අධිකරණයට වාර්තාකිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත්වූයේ කෙසේදයි යන්න සොයාබලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිරි කොටස ලබන සතියේ... දැනට ගෑස් හිඟයක් විතරයි...
කවුරු වුණත් කමක් නැහැ.. මෙම විමර්ශන ඉදිරියට ගෙන ගිය යුතුයි. මෙය අරාබිය නොවේ... ගෑස් මිල මෙයට බලපාන්නේද නැත... ඉතිරිය ඊළඟ නඩු වාරයේදී. දැනට එපමණයි...
උසාවියට මගේ ප්‍රණාමය...
යහපාලකයෝ හිටියා නම් මේ ගොල්ලෝ අපේ ඔළුවත් ඉවරයි. ජීවිත කාලෙම තිබ්බත් අපිට කමක් නැහැ අපි නම් සතුටුයි...