(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධානය නොකල පවුලක යම් සාමාජිකයකු මියගියහොත් ඔහුගේ මළ සිරුර පි.සි.ආර් පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය මගින් මරණ පරීක්ෂකවරුන්ට පැවරූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය දැනුම්වත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂකවරුන්ට ලිඛිතව මේ වනවිටත් දන්වා ඇතැයි වෛද්‍යවරයා අධ්‍යක්ෂවරයා කීය .
යම් පුද්ගලයකු නිවසේදී හෝ රෝහලක දී මියගියහොත් ඔහුගේ හෝ ඇයගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර පි.සි.ආර්.පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබීමෙන් මෘත ශරීරාගාරවල ඇතිවන තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.
යම් පුද්ගලයෙක් සැකකටයුතු අයුරින් මියගොස් තිබුනොත් හෝ සියදිවි නසාගෙන මියගොස් තිබුනොත් සුපුරුදු නීතිමය කර්තව්‍යයන් සිදු කරන බව අධ්‍යක්ෂකවරයා කිය
මෙම තීරණය හේතුවෙන් රෝහල්වල මෘත ශරීරාගාරවල මළ සිරුරු තැන්පත් කිරීමේදී පවතින ගැටලු සහගත තත්ත්වයන්වලට පිළියමක් වනු ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළ සිරුර පීසීආර් නොකොට, පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකොට පවුලේ අයට බාරදීමට මරණ පරීක්ෂකවරයාට අධිකරණ අමාත්‍යාංශයෙන් බලය ලබා දීලා. එතකොට මළ සිරුරට කුමන අයුරකින් හෝ වෛරස් ආසාධිත වී තිබුණොත්, කුමන තත්වයක් ඇතිවේද? ඇයි මේ ගැන තීරණ ගන්නා අයට නොපෙනෙන්නේ. එසේ නැතිනම්, අත්දැකීම් අඩු කෙනෙකු දෙන උපදෙස්ද මේ...?
අඩුම තරමට ඒ ඒ ග්‍රාමිය කොට්ටාශ වල පි එච් අයි මහතාට හෝ ඒ කොට්ටාශ වල සෞඛ්‍ය අංශ වලට ඇන්ට්ජන් හෝ පී සී අර් පරික්ශාව කරන විදියදැනුවත් කර සෞඛ්‍ය නිලධාරින් කිහිප දෙනෙක්වත් පත් කලොත් හොදයි. මොකද මේ විදියට මෘත ශරීර බාර දීම භයානක විදියට රෝගය පැතිරිමට ඉඩකඩ සලස්වනවා. මල් ශාලාව වැඩ කරන අයටත් මේ ක්‍රමය නිසා බෝවෙන්න තිබෙන ඉඩකඩ වැඩි. වගකිවයුත්තන්ගේ අවධානය මෙයට යොමු වේවා.
අධිකරණ ඇමැති කවුද කියලා දන්නවනේ...