(යොහාන් භාසුර)
ගුරුවරුන්ගේ වර්ජනය හේතුවෙන් 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තව දුරටත් ප්‍රමාද වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් 622000 ක් අතරින් 169000 ක් සෞදර්ය විෂයට පෙනී සිට සෞදර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පෙනී සිටීමට නියමිතය සිටින බව කී අමාත්‍යවරයා පැවුසවේ ‘කොවිඩ්’ තත්වය නිසා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්න නොහැකි වූ බවත්ය.
ප්‍රායෝගික පරීක්ෂණ හැකිතාක් ඉක්මණට පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීමට සූනාම් වුවද වෘත්තීය සමිති එම කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් දරුවන් 622000 කගේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා අවුරුදු 24ක් ප්‍රමාදයි.
ඔබතුමා මුදල් ඇමතිකම කරපු කාලේ ප්‍රතිඵල තමයි දැන් පස්සෙන් එන්නෙ.එහි විපාකය අසරණ දරුවන්ට විදින්න වෙලා
ආණ්ඩුවේ බැරියාව ගුරුවරුන් පිට දාන හැටි ලැජ්ජාවක් නැතිව...!!!
බොරු කියන්න එපා. ප්‍රායෝගික පරීක්ෂණ කිරීම නොකර වෙනත් ක්‍රමයකට ඒකට ලකුණු දෙන්න කලින් සැලසුම් කළා. පස්සේ ඒක හරියන්නේ නැති බව තේරිලා දැන් තමයි ප්‍රායෝගික පරීක්ෂණ කරන්න තීරණය කළේ. ඔය තීරණය ගන්න තිබුණේ මාස 2කට කලින්... ඒකයි ප්‍රතිඵලය ප්‍රමාද... ඒකත් ගුරුවරු පිට දාන්න හදනවා. කරුණාකරලා ජනාධිපතිතුමනි, අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රායෝගික අවබෝධයක් තියෙන කෙනෙකුට ඔය ඇමතිකම දෙන්න. මෙයා සියල්ල අනනවා.
ගුරු ගැටලුවේ ආදිකතෘ ඔබයි.
උත්තර පත්‍ර හෝ ප්‍රයෝගික පරීක්ෂණ ගැන වද වෙන්න එපා .විශ්‍රාමික ගුරුවරුන්ගෙන් පිළිතුරුපත් ඇගයීම සඳහා ඉල්ලුම්පත් කැඳවන්න .අවශ්‍යතරම් මානව සම්පත එතන තිබෙනවා .එහෙම කලාම ඔය වර්ජන කරන අයත් එනවා