(රංජන් කස්තුරි)
රටපුරා රජයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වහලය මත සූර්ය පැනල ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
මීට අමතරව තෝරාගත් නිවාස ලක්ෂයක කිලෝවොට් 5 බැගින් වන ධාරිතාවයකින් යුත් සූර්යපැනල සවිකරන බවද දුමින්ද දිසානායක මහතා කීය.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී නව රැකියා දස දහසක් උත්පාදනය කළ හැකි බවද රාජ්‍ය ඇමතිවරයා කීය.
සූර්ය පැනල ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් වෘත්තීය පුහුණුවක් සහිත ගිල්පීන් මෙරට නොමැති හෙයින් වෘත්තීය පුහුණු ආයතනවල සෝලා ටෙක්නීෂියන් නමින් පාඨමාලාවක් ආරම්භකරන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම වහලයක් උඩම සූර්ය කෝෂ සවිකරන්නේ කවුද? ඒ වහල පිහිටලා තියෙන දිශාව ආදිය බලන්නේ සුදුසු තැන්වල ඒවා සවිකරන්නනේ... ඇමැතිතුමාට කවුරුවත් කියලා දුන්නේ නැතිද මේවා..?
සූර්ය පැනල ව්‍යාපෘතිය අඩු වියදමෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව කෙරෙනවා නම් පෞද්ගලික නිවාසවලටද සවිකරගත හැක.
හොඳ වැඩක් මේවට සහන දෙන්න සෑම ගෙදරකම සවි කර ගැනීම සඳහා ,දුමින්ද කිව්වේ කවුද ?
කරන්න ගියාම තමයි බලන්න ඕනේ නීති රීති .මහරගම LECO එකේ ඇප්ලයි කරලා බලන්න උන්ගේ ලොකු සීන්
සුර්ය බල බැංකු ණය නවතා දමා තිබේ ..