(චමිල් රූපසිංහ සහ ෂේන් සෙනවිරත්න)
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම එන්නත් මාත්‍රාව නාරාහේන්පිට යුද හමුදා මූලික රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගෙන කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා හමුදා සහය ලබා ගැනීම පිළිබඳව බරපතල විවේචනයක් සිදුකරනු ලබන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර වෙනුවෙන් කොප්පරා පූජාව සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශ හා සම්බන්ධව දිවයින පුරා සිදුකරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධව මෙරට ජනතාව දැඩි ප්‍රසාදයකින් කතා කරන අවස්ථාවක එක් පුද්ගලයකු පමණක් එය විවේචනයට ලක් කිරීම පිළිගත නොහැකි බවත් එල්ල කරනු ලබන චෝදනාවලට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලෙස පිළිතුරු දීම තම යුුතුකම හා වගකීම බවද හමුදාපතිවරයා සදහන් කළේය.
කාර්‍ය සාධක බලකායේ ප්‍රධානියා ජනාධිපතිවරයා බවත් සෞඛ්‍ය ඇමතිවරියන් දෙදෙනා හා අමාත්‍යවරයා ද එහි සිටින අතර ඇමතිවරුන්ද ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ත්‍රිවිද හමුදාපතිවරුන් පොලිස්පතිවරයා හා විශේශඥ වෛද්‍යවරුන්ද එම බලකායට ඇතුළත් බවත් එම කාර්‍ය සාධක බලකායෙන් ගන්නා තිරණ ජනාධිපති හෝ අපි ගන්නා තිරණ නොවන බවත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට අවශ්‍ය නම් ආයුධ පෙන්නන්න එක්ක යන්න පුළුවන්
වැඩ කරන්න කට්ටිය නැතිවුණාට මොකද? අඩුපාඩු හොයන්න නම් ඇතිවෙන්න ඉන්නවා..!!!
මෙය විකෘති කිරීමක්... ඔහු කියන්නේ යුද්ධ හමුදාවේ සහාය ගැනීම ගැන නොව.., කාර්ය සාධක බලකාය ගැන... ඔහුගේ ඉල්ලීම කොවිඩ් කාර්ය සාධනය පාර්ලිමේන්තුවටත් විවෘත නොවන බව සහ එය විවෘත විය යුතු බව... එහෙම වුණා නම් ඩේටා යට ගහන්න බැහැ...
රනිල් කිව්වේ එන්නත් කරණ ක්‍රියාවලිය ගැන නෙවෙයි නේද ශවේන්ද්‍ර මහත්තයෝ..? යුද හමුදා රෝහලේ එන්නත් ගත්තාට එවා ඔයාගේ අම්මා, තාත්තගේ එවා නෙවෙයි හොඳේ.. එ්වා පුරවැසියන්ගේ.. සිවිල් සේවය ගැන පළමුව ඔබ දැනගත යුතුය...
නිව්ස් බලන අපිට තේරෙනවා කෙන්ද කන්ද කරලා කියන බව... හමුදාපතිතුමාගේ වැඩ ගැනත් දන්නෝ දනිති.
එන්නත්කරණ ස්ථානවලත් බොහෝ අසාධාරණකම් සිදුවෙනවා. අද දින මහරගම ජනාධිපති විද්‍යාලයේ වයස 30ට වැඩි අයට වැඩසටහනක් තිබුණා. සමහර මිනිස්සු උදේ හතරේ ඉඳන් පෝලිමේ... නමයට සෞඛ්‍ය සේවා නිලධාරී පැමිණියා. අර පෝලිමේ ඉන්න මිනිස්සු කැළේට විසිකරලා එයා කිව්වා, එතැන ඉන්න ගුරුවරුන් සියල්ලන්ටම ඉස්සරහට එන්න කියලා.. ඒ අයට තමයි ප්‍රමුඛතාවය කියලා. අර පෝළිමේ හිටිය මිනිස්සුන්ට විසිර යන්න සිදුවුණා. ඕක ඉතින් කලින්ම කිව්වා නම් ඉවරයි නේද? ඒ වැඩසටහන ගුරුවරුන්ට කියලා. මහරගම පොලිසියෙන් පවා ඊට පෙර දින රාත්‍රියේ දැනුම් දුන්නා. ඒ වැඩසටහන වයස 30ට වැඩි අයට කියලා. මේවා අමන වැඩ. සෞඛ්‍ය නිලධාරී කාර්යාලයෙන් සූදානම් කරපු එකක්. ඔන්න ඕක තමයි මේ රටේ යථා තත්ත්වය. ඒ කියන්නේ ආබාධිත වයසක මිනිසුන්ට ගෙවල්වලට ගිහිල්ලා එන්නත් ගහනවා කියලා. මේ දේශපාලකයන් කොයිතරම් අකුසල් කරගන්නවද?
රනිල් මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අපටද ප්‍රශ්න තියෙනවා. ඒත්, එතුමා කී කතාව සත්‍යයක්... හමුදාපතිතුමා අපේ යුද වීරයෙක්. එතුමාට නිසි ගෞරවය දීමට අප කිසිවිට පැකිලෙන්නේ නැහැ. එහි කිසිඳු සැකයක් නැහැ. ඒත් නීතිය පිළිබඳ දැනීම ඇති සෞඛ්‍ය ඇමතිතුමිය හා යුද්ධ හමුදාවේ දැනීම ඇති ජනපති වෛද්‍ය විද්‍යාව දත් අයට ඉහළින් කෝවිඩ් මර්දනය කිරීම සඳහා දුන් උපදෙස් නිසා ඇතිවූ ව්‍යාකූල තත්ත්වය ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. කෝවිඩ් ව්‍යාපාරයක් කරගෙන, නිරෝධායන නීතිය දඬුවම් නීතියක් කරගෙන දේශපාලකයින් ගෙනගිය වැඩ පිළිවෙල ගැන දන්නෝ තතු දනිති. මේ තරම් බිහිසුණු වසංගතයක් මර්ධනය කිරීමට වෛද්‍ය විද්‍යාව දත් අය පසෙකලා දේශපාලකයින් දෙන උපදෙස් මත කෙරෙනා රෝග මර්දන වැඩ පිළිවෙලවල් ගැන විශ්වාසය තැබීමට අපි අඳ බාලයින් නොවන්නෙමු. ජනතාව බිව්වේ මව්කිරි මිස පොල්කිරි නොවන බවද දේශපාලකයින් වන්දනාමාන කරන්නන් හොඳින් දැනගත යුතුයි...
මට පේන විදිහට මෙයාගේ ගමන නතර වෙන්නෙත් දේශපාලනයෙන් තමයි.
යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරක් මෙයා දෙන්නේ.. පළමුකොටම මෙයා තේරුම් ගන්න ඕනේ රනිල් කියන්නේ මොකක්ද කියලා... එතුමා කියන්නේ කාර්ය සාධක හමුදාව පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෙ විදිහට හදන්න කියලා.. ඒ වගේම උගතුන්, විෂය දන්නා පුද්ගලයින් සුදුසු කාර්යන් සඳහා යොදවන්න කියලා. " මා හරි උගතා, මා හරි ජගතා, කියනා මිනිසා මෝඩයෙකි " ..මේ කතාව සර්ටයි, ගෝලයින්ටයි ගැලපෙනවා...
ජාතික සහ ආගමික වශයෙන් වැදගත් උත්සවයකට රටක හමුදාපති මැදිහත්ව යාම විමතියට කරුණක්. කොප්පරා පූජා කරන්න රටේ වෙන කවුරුත්ම නැද්ද? යුරෝපයේ රටවල්වල හමුදාපතිවරු මෙහෙම සමාජයේ ගැවසෙන්නේ නැහැ. ඒ අය ඒ අයගේ රැකියාව කරමිනුයි ඉන්නේ...
හමුදාව ලවා සිවිල් ජනතාවගේ අදහස් විවේචනය කිරීම හොඳ දෙයක් නොවේ. රනිල් කියපු එකට පිළිතුරු දෙන්න. ඔබතුමා කට අරිනකොට ටීවී වහන අය ඉන්නවා. අනෙක් කතාව පටන් ගන්නකොටම අපේ අතිගරු ජනාධිපතිගේ උපදෙස් අනුව කියලා කියන එක ඔබතුමාට හරිද?
කොවිඩ් මර්දනය ගැන ඔහුට ඇත්තේ වේදනාවක් වගේ... එන්නත්කරණය ඇතුළු සියලුම දේ හොඳින් කෙරීගෙන යන බවත් පෙනෙනවා. හමුදාවේ නායකත්වය ගැන ජනතාවට නම් ඇත්තේ ප්‍රසාදයක්... ගෞරවයක්... ඉතින්, කිලිනොච්චියට මැදවච්චිය යයිද,... අලිමංකඩට පාමංකඩ යයි ද..., තොප්පිගල යනු කළුගලක් යයි කියූ අයට, මේ වැඩ පිළිවෙළ ඉවසුම් ගෙන දෙන්නක් නොවේ. ඔහු විසින් කළ යුතුව තිබුණේ අගය කිරීමක්.. නමුත් වූයේ අනෙකක්..
හමුදාපතිතුමා අමුතුවෙන් පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. මේ දක්වා කරපු දේවල්වලින් කොරෝනා මර්දනය වෙලා තිබෙන හැටි අපි සියල්ලටම පෙනෙනවා.
මෙයා ඔය ලෑස්තිවෙන්නේ දේශපාලනයට එන්න. ඒකයි මෙච්චර කැමරා ඉදිරියේ පෙනී ඉන්නේ දවස ගානේම...
මෙයත් නම කැත කරගන්න දඟලන්නේ.
දුකයි රටම ගරු කරපු මනුස්සයෙක් දැන් නම් මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි කියල තමා කියන්න වෙන්නේ
රනිල් කියන්නේ මේ රටේ තුන් හතර වතාවක් හිටපු අගමැති. ඔහු ප්‍රවීනම, ලෝකය පිළිගත් දේශපාලඥයෙක්. මෙයා කව්ද? ලෝකෙම හොයන අපරාධ චෝදනා සහිත මිනිහෙක්. රනිල් නැත්නම් අද ඉන්නේ විදුලි පුටුවේ. කොහොම වුණත් රනිල් කතා කලේ " කෝවිඩ් මර්දන කාර්ය සාධක බලකාය ගැන. ඒක හමුදාව නෙමේ. හමුදාවේ ඉන්න ශවීන්ද්‍ර වගේ අය ඉන්න එකක්. ඒක ෆේල් තමයි. තමන් ස' වගේම ෆේල් නොවෙයි නම් මේ තරම් මිනිස්සු මැරෙයිද? ඇත්ත කිව්වාම හිතට අමාරුයි තමා. මොකද ඒකෙන් අර ඊගෝ එක කඩාගෙන වැටෙනවනේ රනිල් නිකම් කටට ආව පලියට වචන කියන් නෑ. 2015 කුමන්ත්‍රණ කතාවත් ඇත්තනේ...
ජනතාව ප්‍රතික්ෂේප කරපු පිස්සන් කියන කතා ඔබතුමා ගණන් ගන්න එපා.. හමුදාවේ එන්නත්කරණය අතිවිශිෂ්ඨයි, මතක තියාගන්න මහජනතාව සැමදා ඔබලා සමගයි...
මෙතුමා මෙහෙයවන්නේ හිටපු ආරක්ෂක ලේකම් නිසා මෙතුමාට දොස් කියලා වැඩක් නෑ. හැබැයි හමුදාපතිතුමෝ එදා යුද්ධය කරද්දී ඔබතුමා සරත් ෆොන්සේකා මැතිතුමාගේ උපදෙස් පිළිනොපැද ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් පිළිපැද්දා නම් තවම යුද්ධය යනවා. එහෙනම් ඔබතුමාට දැන් අණ දෙන අරක්ෂක ලේකම්තුමා මෙලහකට ඉන්නේ ඇමරිකාවේ.
මෙතන ගැටලුව හැදුවේ රජය හමුදාවේ එන්නත් කරන මධ්‍යස්ථාන යනුවෙන් පැවසීම. ඇත්තටම එය විය යුතුව තිබුනේ හමුදාවේ වෛද්‍ය ඒකකයේ එන්නත්කරන වැඩසටහන යනුවෙන්. ඒත් මෙතන කමෙන්ට් කරන අයට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රෝහලේ ප්‍රතිකාර ගන්න යොමු කළොත් අනේ එතන හමුදාවේ අයනේ ඉන්නේ කියන එකක් නෑ. මොකද ඒක අද VIP මට්ටමේ රෝහලක්. ඔය කෑගහන හැම දේශපාලකයාම නිරෝධායන වුනේ ඔය VIP රෝහලේ.
කවුරුත් කියන්නේ හොඳට කිපෙන දෙයක් නේ
මා මෙය දකින්නේ කිසි දවසක ඡන්දයකින් දිනන්න බැරි නායකයෙක්, වීරයෙක් වීමට උත්සාහ දරන ප්‍රයත්නයක් මෙනි. කුමන හෝ තැනකින් පොටක් අල්ලාගෙන එය මහා ලොකු දෙයකැයි ජනතාවට පෙන්වීමට දරන උත්සාහයකි. අපගේ යුද්ධ හමුදාව ඊලාම් යුද්ධය ජය ගත්තා සේ කෝවිඩ් යුද්ධය ද ජය ගැනීමට ඔවුන් කරන කැපවීම සුළුපටු නොවේ. අප එය අගය කළ යුතු සේම ඔවුන්ට ධෛර්ර්ය ද දිය යුතුය.
ලංකාවේ ගොඩ දෙනෙක් විශ්වාස කරන්නේ ජඩමාධ්‍ය පෙන්නන දේ තමයි. ගොඩක් සත්‍ය නෙමේ. ලංකාවේ සෑම කටයුත්තකටම ඉතා හොඳ ක්‍රමවේද තියෙනවා. රජය විසින් සකසන ලද. ගොඩක් අය එක දන්නේ නැහැ. එම ක්‍රමවේද වලදී වැරදි කරන්න, හොරකන් කරන්න, දුෂණය කොහෙත්ම බැහැ. ඒවට විරුද්ධ අය තමයි එම ක්‍රම වේද වලට විරුද්ධ. කොහෙත්ම මරණාධාර සමිතියක ව්‍යවස්ථාවවත් කියවලා නැති අය. වසංගත (බරවා, මැලේරියා..) රෝග තුරන්කරපු රටවල් අතරින් ලංකාව ප්‍රමුඛ පෙලේ රටක්. එක රැට බරවා චෙක් (ලේ) කරපු රටක්. වසංගත රෝග අංශයට එයාලගේ රාජකාරිය කරන්න දුන්නනම් මිට වැඩිය සාර්ථක කරගන්න තිබ්බා. ඇමරිකාවේ වගේ නෙමේ, ලංකාවේ සෑම කාර්යයකටම ආයතන සහ ඉතා හොඳින් සකසන ලද ක්‍රම වේද සහ ඒ සම්බන්ධ ලෝකයේම ප්‍රමුඛ පෙලේ විශේෂඥ්නයෝ සිටින රටක් ලංකාව. හැමදේටම ඇමරිකාව වගේ හමුදාව යොදවන්න අවශ්‍ය නැහැ. එයින් කරන්නේ හමුදාව හැල්ලුවට ලක්කරන එක.
රනිල්ට තාම ලැජ්ජාව නැතිවෙලා නැහැ...
හොදටම කරේ හමුදාපතිතුමාලු .
ඔබ ඔබගේ තැන ඉන්න... අපේ රට දැන් ලොකු ගැටලුවකට මුහුණදීලා තියෙන්නේ. ඔබ හරියට කළා නම් අද කොහොමද මෙහෙම වෙන්නේ?
කෝටු කෑල්ලක එල්ලිලා යාන්තම් පණ බේරාගත්තු රනිල් දැන් ගංඉවුරේ ඉඳන් ගඟ හරවන්න හදනවා.
කෝවිඩ් මර්දනය සම්බන්ධ රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශණී මැතිණිය කියනවා මගේ මතයට ඉඩක් නැහැ තීන්දු ගන්නා අය තීන්දු ගනීවි කියලා. මෙයින් පෙනෙන්නේ කුමක්ද? සියල්ලම කොවිඩ් කමිටුවට එහි සභාපතිට අවශ්‍ය ආකාරයට සිදුවෙනවා කියලා නොවේද? කාර්ය බාර ඇමතිවරියටත් එහෙම නම් රනිල් කියලු කාරණය සත්‍ය බව දේශපාලන කඩතුරාවෙන් වැසුණු ඇස් ඇති මුග්ධයින්ට හැර අනෙක් සැමටම තේරුම්ගත හැකියි.