කොළඹ-ගම්පහ තවත් ප්‍රදේශ කිහිපයක අගුලු අරී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත්කිරීමටත්, තවත් ප්‍රදේශ කිහිපයක තවදුරටත් හුදකලා තත්වය ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 29 November 2020
තවත් කොරෝනා මරණ 2ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද(28) මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව රාත්‍රී 10.30ට පළ කළ නිවේදනයේ දැක්වේ. 28 November 2020
දඹුල්ල පිලට ලකුණු 4 ක තියුණු ජයක් මහනුවර ටස්කර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකින්ස් කණ්ඩායම සමත් විය. 28 November 2020
බ්‍රිතාන්‍යයේ රසායනාගාරයක වැරදීමකින් 1300 කට කොරෝනා කියලා බ්‍රිතාන්‍යයේ රසායනාගාරයක සිදුවූ දෝෂයක් හේතුවෙන් 1300ක පමණ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවට සාවද්‍ය ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ. 28 November 2020
සෞදියට ශ්‍රමිකයින් යැවීම යළිත් සෞදි රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම යළිත් ආරම්භ කල බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 28 November 2020
මාරවිල මුදුකටුව මත්ස්‍ය වෙළෙඳ සැල් වසා දමයි මාරවිල මුදුකටුව මාර්ගයේ මත්ස්‍ය වෙළෙඳ සැල් අද (28) දහවල් සිට වසා දැමීමට කටයුතු කළ බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උපුල් ජයතිලක මහතා පවසයි. 28 November 2020
මහනුවර ජාතික රෝහලේ 18 කට කොරෝනා මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට හා තවත් හෙද නිලධාරිනියන් 07 දෙනෙකු ඇතුලු කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබෙන බව මහනුවර රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 28 November 2020
පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි මහර බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්තානු ජාතික සිරකරුවෙක් වකුගඩු රෝගී තත්වයක් මත රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (28) මියගොස් ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 28 November 2020
ක්‍රීඩාව කියන්නේ අපව හැමදාම එක්කළ මහපොදු සාධකයයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ප්‍රධාන ක්‍රීඩා පිටියක් බැගින් ලබාදීමට නියමිත බව පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(28) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය. 28 November 2020
අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල පදිංචිකරුවන්ගේ සංචරණයන් පිළිබඳ ඩ්‍රෝන කැමරා සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් නිරීක්ෂණය කිරීම අද (28) පොලිස් මූලස්ථානයේ රථවාහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 28 November 2020
අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා අටුළුගම ප්‍රදේශයේ බොහෝ දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී නිලධාරින් නොමග යැවිමට කටයුතු කරන බව , යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 28 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 19,000 ට කිට්ටු කරයි මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (27) පස්වරු 10.45 වනවිට තවත් ආසාදිතයන් 221 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 472 ක් දක්වා ඉහළ ගියේය. 27 November 2020
කොරෝනා මරණ 100 පනී - අදට 8 යි කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් අටදෙනකු අද (27) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 27 November 2020
බේරුවල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරියකටත් කොරෝනා බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරියක ඇතුළු දර්ගානගරයේ ජීවත්වන තවත් දෙදෙනෙකුට අද (27) කොවිඩ් ආසාදිත වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (27) සවස පැවසීය. 27 November 2020
වැලිකඩ - මීගමු බන්ධනගාර රැඳවියෝ විරෝධතාවයක වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් අද (27) උදෑසන සිට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතව සිටිති. 27 November 2020
ආසාදිතයෝ 410 ක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 410දෙනෙකු සුවය ලබා අද (27) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 27 November 2020
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන ස්ථානාධිපති මියගියේ හෘදයාබාදයකින්ලු කොළඹ ගාලු මුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටියදී හදිසියේ මියගිය කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර් ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ එච්.නිලන්ග මහතා මියගොස් ඇත්තේ කිරීටක ධමනි අවහිර වීමෙන් ඇතිවූ හෘදයාබාධයකින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 27 November 2020
සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600 දෙනකු පමණ නිදහස් කිරිමට පියවර ගන්නා බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 27 November 2020
මහනුවර රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා මහනුවර ජාතික රෝහලේ කල අහඹු පී.සී.ආර් පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කෝවීඩි 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව මහනුවර රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 27 November 2020
කුරුණෑගල පාසල් 30 දා සිට යළි විවෘත කරයි කොවිඩි අවදානම් තත්ත්වය හමුවේ මේවනවිට වසා දමා ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ නිර් දේශ වලට යටත්ව ලබන සඳුදා (30) සිට නැවත විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 27 November 2020
හලාවත අධිකරණ සතියක් වහයි හලාවත නරයේ පිහිටි අධිකරණ හතරක නඩු විභාග කිරිම් අද ( 27 දා ) සිට සතියක කාලයකට නවතා දැමීමට තීරණය කළ බව හලාවත අධිකරණයේ ප්‍රකාශකයෙකු පැවැසීය. 27 November 2020
ඉතියෝපියාවේ යුධ කලාපයක සිරව සිටි ශ්‍රී ලාංකිකයෝ 38 ක් බේරා ගැනෙති ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි යුද කලාපයක් වන ටයිග්‍රේ ප්‍රදේශයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 38 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 27 November 2020
වගකීම්වලින් තොරව වැඩකර සමාජය අමාරුවේ දාන්න එපා දිනකට 450 ඉක්මවන රෝගීන් ප්‍රතිශතයක් තවමත් වාර්තා වන කොරෝනා ව්‍යාප්තිය රටේ බොහොමයක් ස්ථානවල පවතින්නේ පාලනයකින් තොර තත්ත්වයකි. එහෙත් ඇතැම් දිස්ත්‍රික්කවල රෝග ව්‍යාප්තිය හොඳ පාලනයකින් යුතුව පවතින අතර ඒ ඇතැම් දිස්ත්‍රික්කවල එදිනෙදා ජන ජීවිතය සෙමින් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. එහෙත් සමස්තයක් වශයෙන් රට තුළ පවතින්නේ අප කිසිවකුටත් සතුටු විය හැකි මට්ටමක නොවේ. 27 November 2020
නව පොලිස්පති වැඩ අරඹයි සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩ බාරගත්තේය. 27 November 2020
ශානි අබේසේකර වැලිකන්ද කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය විමෙන් අද (27) වැලිකන්ද කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇති බව එහි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 27 November 2020
කොවිඩ් ආසාදිතයකු පාසලට ආවැයි දෙමාපියෝ දරුවන් රැගෙන යති පොලොන්නරුව හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ මින්නේරිය ජාතික පාසල අද (27) දිනයේ ආරම්භ කර ස්වල්ප වේලාවකින් දෙමාපියන් පැමිණ දරුවන් රැගෙන ගිය බව එම පාසලේ විදුහල්පතිවරයා පැවසීය. 27 November 2020
මහවිරු සැමරුමට සහයෝගය දුන් 4 ක් පොලිසියේ අන්තර්ජාලය ඔස්සේ එල් ටී ටී ඊ මහවිරු සැමරුමට සහයෝගය දුන් පුද්ගලයන් 4දෙනෙකු එරාවුර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 27 November 2020
බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයන් ගණන 77ට නගී බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 කට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (27) තහවුරුවී ඇතැයි ගාල්ලදිස්ත්රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය. 27 November 2020
සුපිරි ඕවරයේදී කොළඹ කිංග්ස් ජයගනී එල්. පී.එල්. තරගාවලිය ආරම්භ කරමින් මහනුවර ටස්කර්ස් සහ කොළඹ කිංග්ස් කණ්ඩායම් අතර අද (26 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 219 ක් ලබාගත්තේය. 27 November 2020
කොරෝනා මරණ සංඛ්‍යාව 100 ට කිට්ටු කරයි කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (26) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 26 November 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026