(සුජිත් හේවාජුලිගේ)
මෙරට ඉදිරියේ දැන් තිබෙන්නේ පුපුරා යෑමට ආසන්න භයංකාර "ඩෙල්ටා බෝම්බයක්" බවත් ජනතාව පරිස්සම්කාරී නොවූණහොත් එය කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
මෙම ඩෙල්ටා බෝම්බය ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ පුපුරා ගිය බවද හෙතෙම සඳහන් කළේය.
එම බෝම්බයේ විනාශය අත්කර ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය පවතින්නේ ජනතාව අත බවත් ජනතාව සංචරණ සීමා කර සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු නොකළහොත් එම බෝම්බය තමන්ගේ නිවෙස්වලටද පැමිණිය හැකි බවත් ඔහු අනතුරු ඇඟවූයේය.
කොවිඩ්වලින් මරණ වළක්වා ගැනීමට නම් වහාම කොවිඩ් මර්දන එන්නත ලබාගත යුතු හෙයින් ඒ සඳහා වහාම කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
ළඟට එන කුමන හෝ එන්නතක් ලබා ගැනීම වැදගත් බවද ඔහු පැවසුවේය.
එන්නත් ලබා ගැනීමේදීද ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් කටයුතු කළ යුතු බවත් එසේ නොවුවහොත් එන්නත් පොකුරුද බිහිවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ශරීර ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා විටමින් සී බහුල පලතුරු ආහාරයට ගැනීම වැදගත් බවත් විටමින් සී පෙති හැටියටද දිනපතා ලබා ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
එසේම ඉඟුරු කොත්තමල්ලි දිනපතා දවසට තුන් වරක් සීනි නොදා පානය කිරීමද ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගැනීම සඳහා වැදගත් වන බව චන්න ජයසුමන මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ සර්
එහෙනම් පැනි බෝම්බෙවත් ගහලා බලමුද සුමනේ
හානේ මෙච්චර කල් උගත් කමට සරිලන මොලේ තියෙන ජනතාවටයි, රටටයි ආදරේ කරන දොස්තරලා කියපු එක මේ සුමානෙට දැනිලා තියෙන්නේ අදයි. වියත්මගේ ඉන්න කට්ටියගේ ජාති හිතෛෂී කම තමයි මේකෙන් පේන්නේ. වියතකවත් මොලේ නැති වියත් මගේ කියත් මොලේ...
කොරෝනා බෝම්බෙට එන්න රට ඇරියේ අපිද? කාලකන්නි දේශපාලුවන්.
අපි තමයි හොඳටම කලේ කියලා කිව්වනේ.... ඉතින් ඔයා කියන ඒවා වගේ එහෙම පුපුරුවන්න බැහැනේ...
හොඳට කළොත් ඔයගොල්ලෝ ලකුණු ගන්න. වැඩේ අවුල් වුනොත් ජනතාව පිට දාන්න. එතකොට හරිම ලේසියි.
මේ මනුස්සයා මේ පැතිරීමට වග කියන්න ඕනෑ... පැණියක් බදාගෙන මේ යෝධයා නටපු නාඩගමක්. පැනි බීලා වතුපිටවල රෝහලේ ලෙඩ්ඩු හොඳ වුණා කියලා පින්තුර දැම්මා. පරීක්ෂන සාර්ථකයි කිව්වා විතරක් නෙමෙයි පත්තරෙ පින්තුරත් දැම්මා. බෙහෙත ලියාපදිංචි කරලා, මිනිසුන්ට බෙදන්න කිව්වා. පැනි බිව්ව පවිත්‍රා අන්තිමට පණ බේරාගත්තේ ඉස්පිරිතාලෙට ගිහින්. මේ මනුස්සයාට ඔය මහාචාර්ය පට්ටම දුන්නේ මිනිහ වගේම පොරක් වෙන්න ඇති. අනේ අපේ රටට ගිය කලක්...
ඔබලා ඊට වඩා භයානක බෝම්බ වෙලා තියෙන්නේ දැන් අපිට. අර පැණියට මොකද වුනේ මහත්තයෝ..?
බාස් පැණි, මුට්ටි දාලා, කට්ටිය එකතු වෙලා අසරණ මිනිස්සුන්ව රවටලා දැන් බයිලා ගහනවා..!!
සෞඛ්‍ය පුරුදු පිළිපැදීම ඇත්තේ ජනතාව අතය.. රජය අත නොවේ... ඒකාකාරී දේශපාලනය ලියන මේ බුද්ධිමත් සෙට් එක නම් වෙනස් කළ නොහැක....
ඒ බෝම්බේ හමුදාවට නිශ්ක්‍රීය කරන්න බැරිබව මේ අයට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ...
එහෙම නම් අැයි රට වහන්නේ නැත්තේ?
බොහෝම ස්තුතියි ඔබතුමාට, අපි නොදන්නා දෙයක් පිළිබදව මෙලෙස දැනුවත් කිරීම පිළිබදව......
මහාචාර්යතුමාගේ ටිකිරි මොලේ දැනුයි පෑදිලා තියෙන්නේ...?
ඇත්තද සුමනේ? විගහට පැණි මුට්ටියක් අරන් එන්න...
ගෙවල්වලට වෙලා අපි ඔයාලා එවන 5000 න් කාලා බීලා ඉන්නම්...
ඇත්තටම අර පැණි බාස්ට මොකද උනේ ?
ප්රභාකරන්ගේ බෝම්බයට මුහුණ දුන් අපේ වැඩ බැරි විරුවා ඔය කොරෝනා බෝම්බ වලට බය නැත .කොරෝනත් අතට අහුවෙන එකෙක් නම් මෙලහකට මරලා දමලා බල්ලෙක් වගේ ඇදගෙන ඇවිත්
පැණි ධම්මික කෝ ?