(නිමල කොඩිතුවක්කු)
බස් දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයන්ගේ රාජකාරී හැදුනුම්පත් අහඹු ලෙස පරීක්ෂා කරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදි ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
රට තුළ පවතින කොවීඩ් ව්‍යසන තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය කරුණක් සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙස මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් පසුගිය සතියේ සිට ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය.
තදබදය අවම කිරීම සදහා මේ සතියේ සිට වැඩි බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය.
නිරෝධායන නීතිවලට යටත්ව සියලුම මගී ප්‍රවාහන බස් රථ වල මගින් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් බස් රථ හිමියන්ට සහ රියැදුරු කොන්දොස්තර වරුන්ට දැනුම් දී ඇතැයිද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකා බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරන බවට විශාල පැමිණි සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් මෙම පියවර ගත් බවද අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාගෙන ඉන්නේ ඔහේට අං තට්ටුවක් ලැබුණු වහාම කුඹුර මඩවගන්න
මෝඩ අදහස්. දුම්රියේ ජනතාව තෙරපිලා යන්නේ. ඒවා පේන්නේ නැද්ද?. පරිපාලනයක් නොදන්න ඇමැතිවරුන් මොනවාටද?
හැඳුනුම්පත් පරීක්ෂා කළාට පස්සේ "සුබ ගමන් " කියා මගියාට සුබ පතන්න කියලත් පොලිසියට උපදෙස් දෙන්න. එහෙම නැතුව, සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව, මගීන් ගමන් කරනවා නම් පොලිසියට වෙන කරන්න දෙයක් නැහැ. මේ වගේ ඇමතියෙක්ගෙන් මේ වගේ මෝඩ උපදෙස් හැර වෙනදෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...
කියන්නේ මොනවද? කරන්නේ මොනවද? කළ කිසිම දෙයක් දන්නෑ. රට ගැන කිසිම අවබෝධයක් නැහැ.
මෙයාට ඇමැතිකම ලැබුණේ විපක්ෂයේ හිටපු කාලේ පාර්ලිමේන්තුවේ ගුටි කෙළ ගෙන පාර්ලිමේන්තුවේ දේවල් වලට අලාභහානි කරපු නිසා...
උද්දච්චකම පෙන්නන්න කථාකරන මේ වගේ ගොන්පාට් කින්ලා ඇමැතිකම් කරන රටක ඉපදීමම පාපයක්. තව අය ඉන්නවා කට ඇරියොත් ඉවරයි ගොන් කථා විතරමයි. 80%ක් රත්වුණු නැව ගැන කීමට ඇත්තේ...
ඔය පරීක්ෂා කරන්න ඉන්න අය සමහර පුද්ගලික බස් එවනකොට බිම බලා ගන්නවා.. නැත්නම් ආපස්සට හැරෙනවා.