
(රොමේෂ් මධුෂංඛ)
යාපනය තීවගම් මාර්ගයේ පන්නෙයි පාලම මතදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගත් තරුණයෙකු එම පාලමෙන් වැටී මියගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
ඊයේ සවස මෙම තරුණයා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගෙස් මුහුදු ජලයට වැටී ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් පසු මළ සිරුර අද (09) උදෑසන සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි. පන්නෙයි පාලම මතට නැගගත් තරුණයා අත තිබූ ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගනිද්දී පය ලිස්සා එකවරම පාලමෙන් පහලට වැටී ඇතැයි බවට අසල්වාසීන් පොලීසියට පවසා ඇත.
මෙලෙස පාලමෙන් වැටී මිය ගොස් ඇත්තේ යාපනයේ පදිංචි 31 හැවිරිදි වී ගෞතමන් නැමති තරුණයෙක් බවට අනාවරණය වී ඇති අතර යාපනය පොලීසිය කියයි.
කෙසේ වෙතත් පාලමෙන් වැටී ඇත්තේ මුහුදු රළ සහිත ප්‍රදේශයකට වන අතර මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වැටුණු තරුණයා සෙවීමට නොහැකිවීමෙන් පොලීසියට දැනුම් දී ඒ බව නාවික හමුදා නිලධාරීන්ටද දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් පාලමෙන් වැටුණු තරුණයා නාවික නිලධාරීන්ගේද සහයෙන් පැය කිහිපයක් සෙවීම සිදුකිරීමෙන් පසුව අද අලුයම් කාලයේදී සිරුර සොයාගැනීමට නාවික සෙබලුන් සමත්ව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පලවෙනියත් නෙවේ අන්තිමයත් නෙවේ .තව පෝලිමේ ඉන්නවා මෝඩ චුන් වෙලා මැරෙන්න බලන් ඉන්න මේ වගේ බුද්ධිමත් අය
ජංගම දුරකථන භාවිතා කිරීමේ පාඨමාලාවන් අනිවාර්යයෙන්ම දියත් කළ යුතුයි. නැතිනම් මෙයාලා සෙල්ෆි ගහලාම වඳවෙලා යයි..