(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි වයස අවුරුදු 12 - 18ත් අතර පාසල් දරුවන් සදහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග තත්ත්ව ව්‍යාප්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලෝකයේ ඇතැම් රටවල වෛරස ව්‍යාප්තිය පාලනය පිනිස අවරුදු 12 ට වැඩි සියලුම දෙනා එන්නත් කිරීම මේ වනවිට ආරම්භ කොට ඇති බැවින් ගම්පහ දිස්ත්‍රික්කයෙහි සීග්‍ර වෛරස ව්‍යාප්තිය කෙරෙහි සැලකිලිමත් වෙමින් මෙම පියවර ගැනීම පිනිස ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව අමාත්‍යවරයා කීය.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 5 ක් සහ වයස අවුරුදු 18 - 30 අතර පුද්ගලයින් ලක්ෂ තුනක පමණ පිරිසක් මෙතෙක් කොවිඩ් වෛරස මර්දන එන්නත ලබාගෙන ඇති බවත් එන්නත් කළ යුතු පාසල් දරුවන් ලක්ෂ තුනක් පමණ පිරිසක් වන බවත් මෙහිදී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුව ඇමතිගේ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් 18 ත් 30 ත් අතර අයට තබා කැම්පස් දරුවන්ටවත් එන්නත් දෙන ලකුණක්වත් තවමත් නැහැ.