(තිලකරත්න දිසානායක)
කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (9) උදෑසන වනවිට 77,845 ඉහළ යද්දී පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1802 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
පැය 24 තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම වත්තල කොට්ඨාසයෙන් - 265ක්, මහර - 208ක්, බියගම - 191ක්, අත්තනගල්ල - 16ක්, දිවුලපිටිය - 133ක්, මීරිගම - 131ක්, දොම්පෙ - 114ක්, ජාඇල - 112ක්, සීදූව - 108ක්, කැලණිය - 104ක්, ගම්පහ - 103ක්, මිනුවන්ගොඩ - 87ක්, රාගම - 37ක්, කටාන - 28ක් සහ මීගමුව කොට්ඨාසයෙන් - 21 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ සිදු කළ පරීක්ෂාවේදී ආසාදිතයින් 1546 දෙනෙකු සහ රෝහල්වලින් සිදු කළ පරීක්ෂණ මගින් ආසාදිතයින් 256 දෙනෙකු වශයෙන් හදුනාගෙන ඇත.
පැය 24 තුල දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ආසාදිතයින් 532 කු සහ සැක සහිත රෝගීන් 51 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 280 දෙනෙකු වන බවත් දත්තයන්හි සදහන්ය.
නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 77,845 දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd