(තිලකරත්න දිසානායක)
කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (9) උදෑසන වනවිට 77,845 ඉහළ යද්දී පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1802 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
පැය 24 තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම වත්තල කොට්ඨාසයෙන් - 265ක්, මහර - 208ක්, බියගම - 191ක්, අත්තනගල්ල - 16ක්, දිවුලපිටිය - 133ක්, මීරිගම - 131ක්, දොම්පෙ - 114ක්, ජාඇල - 112ක්, සීදූව - 108ක්, කැලණිය - 104ක්, ගම්පහ - 103ක්, මිනුවන්ගොඩ - 87ක්, රාගම - 37ක්, කටාන - 28ක් සහ මීගමුව කොට්ඨාසයෙන් - 21 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ සිදු කළ පරීක්ෂාවේදී ආසාදිතයින් 1546 දෙනෙකු සහ රෝහල්වලින් සිදු කළ පරීක්ෂණ මගින් ආසාදිතයින් 256 දෙනෙකු වශයෙන් හදුනාගෙන ඇත.
පැය 24 තුල දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ආසාදිතයින් 532 කු සහ සැක සහිත රෝගීන් 51 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 280 දෙනෙකු වන බවත් දත්තයන්හි සදහන්ය.
නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 77,845 දෙනෙකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1802ක්