(සුජිත් හේවාජුලිගේ)
සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයින පුරා අද (9) සිට ආරම්භ කෙරිණ.
එම ක්‍රමවේදය නියමු ව්‍යාපෘතියක් ලෙස මෙතෙක් ක්‍රියාත්මක වූයේ බස්නාහිර පළාතේ පමණකි.
මේ වැඩ පිළිවෙල යටතේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවුරුදු දෙකේ සිට වයස අවුරුදු 65 දක්වා පුද්ගලයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබාදීම කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රජය මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාමත් සමග රෝහල් ධාරිතාව ඉක්මවා යෑම සැලකිල්ලට ගෙනය.
පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාදිත බවට තහවුරු වන රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව නිවසේ සිට ප්‍රතිකාර කිරීමට නිර්දේශ කෙරෙනු ඇත .
අනතුරුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආසාදිතයා නිවසේ සිට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙන අතර දුරකථන මාර්ග ඔස්සේ කෙරෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව රෝගියා වෛද්‍ය අධීක්ෂණය යටතට ලක්කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම කටයුතු පසුව පැය 24 පුරා ක්‍රියාත්මක 1390 දුරක‍්ථන අංකය හරහා සම්බන්ධීකරණය කෙරෙන බව අමාත්‍යාංශ නිලධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙනම් රෝහල් ලෙඩුන්ගෙන් පීරී ඉතිරී ගිහිල්ලා ගෙදර තියාගෙනම කෝවිඩ් වලට බෙහෙත් කරන මට්ටමටම රට පත්වුණා. අනේ අම්මෝ .. කෝ එදා එන්නත දැන්ම අවශ්‍ය නැහැ කියලා පාර්ලිමේන්තුවේ මහා මොළකාරයෙකු ලෙස හසිරුණු වාසු.මේසන් බාස්ට හීනෙන් මළගිය පෙරේතයකු කිව්වා කියන පැනියේ එල්ලිලා මහා ප්‍රසිද්ධියක් ලබාදීලා එන්නත ලබා දීම උවමනාවෙන්ම ප්‍රමාද කරපු නිසා නේද මේ අවාසනාවන්ත තත්ත්වය මේ රටට ඇතිවුණේ.අද ඒවා අමතක යි.එදා රටම කියද්දී මිනිසුන්ට එන්නත ලබාදී තිබුණා නම්,ඔවුන්ගේ ඇඟේ මේ වෙනකොට ප්‍රතිශක්තිය ඇතිවෙලා.නීතියෙන් බේරුණත්,මේ අකාලයේ නැතිවූ මනුෂ්‍ය ජීවිත වලට වගකිවයුතු අයට පාපයෙන් බේරීමට බැහැ.එය ගොන්නු පසුපස එන රියසක සේ ඒකාන්තයෙන්ම එනවා එනවාමයි.
ස්පිරිතාල පිරෙන්න කලින් කල යුතුව තිබූ දෙයක්. එහෙම උනා නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බේරාගත හැකිව තිබුනා. මීට අමතරව දැන්වත් ඇඳිරි නීතිය දාන්න අඩු ගානේ සතියකටවත්. බොරු සංචරණ සීමා දැමිල්ලෙන් වැඩක් නෑ. කාලය නාස්ති නොකර වහාම බුද්ධිමත් තීරණ ගන්න.
අනේ ගෙදර ඉන්න මිනිස්සුන්ට දෙයියන්ගේ පිහිටයි. ඔන්න සියල්ල දත් විරුවගේ වැඩ....!!
දැඩි මතධාරී තීරණ අරන් වැඩේ අලවුණාම දැන් ඒකත් ජනතාව පිට දාලා මේ විදියට ඒ වගකීම. මිනිස්සුන්ට පැටෙව්වාම හරි. මේවා කරන්න තිබ්බේ ඉස්සර... දවසකට මියයන ගාන 98 තිබ්බාම හිතන්නේ මිනිස්සු පිළිගන්නවා කියලාද?
මගේ යාළුවෙක් ඉන්නවා කටුනේරියේ... එයාලාට කොරෝනා හැදුණා. නමුත් දැන් දවස් 3ක් වෙනවා කිසිම පීඑච්අයි කෙනෙක් කතාකරලා නෑ...
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... ඒක කියන්න කවුරුත් නැහැ.
ඕක තමයි දේශීය වෙද මහත්වරු මුලදීම කිව්වේ කොරෝනා කියන්නේ හෙම්බිරිස්සාවක්... ඉඟුරු, කොත්තමල්ලි බොන්න කියලා ගෙදරට වෙලා... දැන්ද අපේ වෙදකම තේරුණේ? වැඩක් නෑ.. කෝටි කීයක් විනාශ කළාද? බටහිර බෙහෙත්වලට... කෝ ඉවර කළාද?
දැන් මුන්ට ලෙඩ්ඩු ගෙවල්වල තියලා වෙදකම් කරන්න පුළුවන්. ඒ දවස්වල රට ඉදලා රස්සාව නැතිවෙලා ආපු මිනිසුන් හෝටල්වල දාලා ගසා කාලා දැන් ලෙඩ්ඩු ගෙවල්වල තියනවා .ඒ මිනිසුන් පීසී ආර් කරලා ගෙදර කොරන්ටයින් කරන්න තිබුනා. අහින්සක මිනිසුන් ගේ මුදල් ගජ මිතුරන් ගේ හෝටල් වලට හම්බකරගන්න දුන්නා
හොඳයි තමා නමුත් පී.එච්.අයි මහත්වරුන්ටත් අසීමිත ලෙස වැඩ නිසා ගෙදර ඉන්න ලෙඩ්ඩු ගැන ඒ ලෙඩ්ඩුන්ගෙ අයිතිකාරයින් විදියට අපිට බයයි