(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (ස්ලිට් ආයතනය) රජයට තිබු අයිතිය අහිමි කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පියවර ගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රජයට නිර්දේශ කර ඇත.
මේ අතර ස්ලිට් ආයතනය පෞද්ගලීකරණය කෙරුණු සංකීර්ණ සහ ගැටලු සහගත ක්‍රියාදාමය සංවිධානාත්මක වංචාවක් බවට පෙනී යන්නේ යැයිද කෝප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ .
මේ ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා දෙක සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීම සඳහා කතානායකවරයාට යෝජනා කිරීමටද මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වුණු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කළේය.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ වර්තමාන තත්ත්වය සහ එම ආයතනයට අදාළව ගනු ලබන මීළඟ පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහ රටේ පුළුල් සංවාදයක් ඇති කිරීමට එමඟින් අපේක්ෂා කරන බව මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වික්කා කියලා ප්‍රශ්නයක් වෙලා නෑනේ .දැන් කෙල හලන්නේ ඒකෙන් හම්බවෙන අදායම නැති හින්දා .ඕකේ ආණ්ඩුවේ කැල්ලක් තිබ්බා නම් මෙලහකට පිකටින් උද්ඝෝෂණ තියලා ඕක මෙලහකට වහලා .
මේ ගනුදෙනුව අතිශය දූෂිතයි. ඒ ගැන සොයා රටට ඇත්ත හෙළි කිරීම ඉතා වැදගත්....