අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කරන්න යයි මෙරට අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම ව්‍යාපෘතියක් ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද(2) පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 December 2020
මහර කැරැල්ලේදී මියගිය රැඳවියන් 9කට කොරෝනා මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ලේ දී මියගිය රැඳවියන් 9දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය. 02 December 2020
චැංජි -5 යානය සඳ මතට ගොඩ බසී චීනය විසින් යවන ලද චැංජි -5 යානය සාර්ථකව සඳ මත ගොඩබස්වා තිබේ.සඳෙන් පාෂාණ සහ දූවිලි සාම්පල රැගෙන ඒම සඳහා නොවැම්බර් 24 වනදා යානය චීනයේ වෙන්චැං අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කරන ලදී. 02 December 2020
යාපනය ස්ටැලියන්ස්ට ලකුණු 54 ක ජයක් තිසර පෙරේරාගේ (68) සහ ධනංජය ද සිල්වාගේ (61) වේගවත් පිතිහරඹය හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වැනි තරගයේදී මහනුවර ටස්කර්ස් පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 54 ක ජයක් හිමිකර ගැනීමට යාපනය ස්ටැලියන්ස් පිල සමත්විය. 01 December 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 541 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (1) පස්වරු 10.20 වනවිට එක්වූ ආසාදිතයන් 273 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 541 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 01 December 2020
තවත් කොරෝනා මරණ 4 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් සිවුදෙනකු අද (1) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 01 December 2020
දඹුල්ල පිලට ලකුණු 28 ක ජයක් කොළඹ කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර අද (1 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. 01 December 2020
බන්ධනාගාර තදබදය අඩු කිරීමේ සැළසුම් පොලිස්පතිගෙන් ඉල්ලයි බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය සැළසුම් සහ ක්‍රියාමාර්ග සතියක් තුළ තමන්ට දැනුම් දෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (01) පොලිස්පතිවරයාට නියම කළේය. 01 December 2020
පෞද්ගලික බස් වලට සහනයක් පෞද්ගලික බස් රථ සඳහා දෙසැම්බර් මස මුල් සති දෙක ගත වෙන තෙක් ලොග් ෂීට් හා පිවිසුම් පත්‍ර සඳහා ගාස්තු අය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කොළඹදී අද(01) පැවසීය. 01 December 2020
රාගම රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියන්ගෙන් 30ක් බන්ධනාගාර රෝහලට මහර බන්ධනාගාරයේ ඇති වූ කලහාකාරී සිද්ධිය හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටින රැඳවියන් පිරිසෙන් 30 දෙනකු බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවූ බව රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය 01 December 2020
තවත් අද්භූත කුලුනක් රුමේනියාවෙන් ඇමරිකාවේ යුටා කාන්තාරයේ තිබී පසුගිය සතියේ අරුම පුදුම ලෝහ කණුවක් සොයාගැනීමෙන් පසු ඊට සමාන ව්‍යුහයක් රුමේනියාවෙන් හමුවී ඇතැයි වාර්තා වේ. 01 December 2020
’ඉදිරියේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’ ඉදිරියේදී මෙරට කිසිම ව්‍යාපෘතියක් වෙනුවෙන් ණය ලබා නොගැනීමට රජය හා කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 01 December 2020
වාහන ලියාපදිංචි සහතික- අංක තහඩු කුරියර් කරන්න යයි වාහන ලියාපදිංචි කිරීමේ දී ලබාදෙන ලියාපදිංචි සහතිකය, අංක තහඩු හා ස්ටිකර ආදිය ලබාගැනීමේදී සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් වැළැක්වීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සීඝ්‍රගාමී කුරියර් සේවාව හරහා ඒවා බෙදාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 01 December 2020
වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසන්සුන්තාවක් වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක් ඇතිවි ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 01 December 2020
කොවිඩ් මරණ ආදාහනයට එරෙහිව ගොනු කළ පෙත්සම් 12ම ඉවතට කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සිවිල් වැසියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන 01 December 2020
මහර සිද්ධිය ගැන සෙවීමට කමිටු හතරක් මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු 4ක් පත් කර ඇතැයි, සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 01 December 2020
සුළි කුණාටුවේ අවදානමෙන් නැගෙනහිර පාසල් දින තුනක් වැසෙයි නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට(2) සිට ලබන සිකුරාදා දක්වා (03 සහ 04 යන දින වල) වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පෙරවරුවේ පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නාය. 01 December 2020
දීඝවාපිය සලපතලමළුවේ පුරාවස්තු වසර 1800 ක් පැරණියි ඵෙතිහිසික දීඝවාපිය සලපතල මළුවේ කැණීම් වලදී පසුගියදා හමුවූ රන්පත්ඉරුවල බ්රහ්මීය අක්ෂර සටහන් වලින් සඳහන් වූ තොතුරුවලට අනුව එම පුරාවස්තු වසර 1800 කට කලින් දකුණු වාහල්කඩ තැන්පත් කර තිබුණ බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බව අම්පාර දිසා පති ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා පැවසීය. 01 December 2020
බිත්තර වී කන්න ආ අලියා නිවස බිමටම සමතලා කරයි ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ නිවසක තිබූ බිත්තර වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියෙකු ඊයේ(30 )දින රාත්‍රියේ එම නිවස සම්පූර්ණයෙන්ම බිමට සමතලා කොට නිවසේ තිබූ බිත්තර වී ආහාරයට ගෙන තිබේ. 01 December 2020
කොවිඩ් නිසා දින 45කදී පෞද්ගලික බස් සඳහා කෝටි 200 ක පාඩුවක් කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් දින 45ක් තුළ පෞද්ගලික බස්රථ සඳහා රුපියල් කෝටි 200 ක් පමණ පාඩු ලැබූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 01 December 2020
මුඛ ආවරණ නොමැතිව සිටියදී අත්අඩංගුවට ගත් පිරිසකට දඩ බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ පොළේ දී මුව ආවරණ නිසි ලෙස පැළඳ ගෙන නොසිටි බවට අද( 01 ) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් 18 දෙනකුට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා එක් අයකුට රුපියල් 5000 බැගින් දඩ නියෝග කළේය. 01 December 2020
සාමාන්‍ය පෙළ කල් යයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් මහතා ප්‍රකාශ කළේය. 01 December 2020
ඉතිහාසයට එක්වූ තවත් අවාසනාවන්ත සිද්ධියක් තවත් එක් අවාසනාවන්ත සිද්ධියක් ඉතිහාසයට එක්විය. ඒ මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමය. එම බන්ධනාගාරගත රැඳවියන් පිරිසක් එයින් පලා යාමට උත්සාහ දරා ඇත. ඒ බන්ධනාගාර නියාමකවරයකු හා හෙද නිලධාරියකු ප්‍රාණ ඇපයට ගනිමින්ය. රැඳවියන් 2500ක පමණ පිරිසක් මෙම කැරැල්ලට එක්වී සිටි බවත් ඔවුන් බන්ධනාගාරයේ ගේට්ටුව අසලට පැමිණ එය කඩා පලා යාමට උත්සාහ දරා ඇති බවත් අප පුවත්පත වාර්තා කළේය. 01 December 2020
ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සුසන්ත රත්නායක මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඇතැයි අයෝජන මණ්ඩල ආරංචි මාර්ග කියා සිටී. 01 December 2020
කුරුණෑගල තැපැල් කාර්යාල හෙට නැවත විවෘත කරයි කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වීම හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල අතරින් කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු කාර්යාල කීපයක් හැර අනෙක් සියළුම සියළුම තැපැල් කාර්යාල හෙට (2) දින සිට නැවත විවෘත කරන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා දන්වා ඇත. 01 December 2020
නැගෙනහිරට සුළි කුණාටුවක අවදානමක් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්වය අද (1) ගැඹුරු පීඩන අවපාතයක් බවට වර් ධනය වී ත්‍රිකුණාමලය ගිනිකොණ දෙසින් කිලෝමීටර 530 ක් දුරින් ස්ථානගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 01 December 2020
තවත් රැඳවියෙක් මරුට-තුවාලකරුවෝ 105යි මහර බන්ධනාගාරයේ සිදුවූ රැඳවියන්ගේ කැරැල්ලේදී තුවාල ලැබීමෙන් තවත් රැඳවියෙකු මරුමුවට පත් වී තිබේ. ඒ අනුව, ඊයේ වනවිට සිටි තුවාලකරුවන් සංඛ්‍යාව 69 සිට 105 දක්වා වැඩි වී ඇත. 01 December 2020
පාතාල නායක ’ධර්මසිරි’ ඩුබායිහිදී අත්අඩංගුවට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මසිරි නැමැත්තා ඩුබායි රටේ සැඟව සිටිය දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය. 01 December 2020
මහනුවර ක්‍රීඩකයෝ පළමු ජය ලබති ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30) රාත්‍රී පැවැති තරගයේදී මහනුවර ටස්කර්ස් ක්‍රීඩකයෝ ලකුණු 25 කින් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල පරාජය කරමින් පළමු ජය ලැබූහ. 30 November 2020
තවත් කොරෝනා මරණ 2 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (30) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 30 November 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026