IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


නඩු විභාගය අවසන් වන තෙක් රිෂාඩ් රිමාන්ඩ්

 

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වූ සියලු වියදම් දරා ඇත්තේ සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාව අයත් ‘කොලෝසිියස් සමාගමේ” ආදායමෙන් බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ අද කරුණු වාර්තා කළේය.

සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී මරාගෙන  මැරුණු ඉන්සාෆ් අහමඞ් නමැති ස්වයංඝාතකයාට අයත් තඹ අපනයන ආයතනය වන පිටකොටුවේ පිහිටි කොලෝසියස් පුද්ගලික සමාගමේ ගිණුම් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික බැංකුවකට ජංගම ගිණුමකට විදේශයකින් ලද ඩොලර් එම බැංකුවේම වෙනත් ගිණුමකට මාරුවී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එලෙස මාරුවූ මුදල් චෙක්පත් මගින් අත්සන් යොදා ලබාගෙන ඇත්තේ ස්වයංඝාතක ඉන්සාෆ් අහමඞ් නැමැත්තා බවත්, ඔහුගේ බිරිද වන උම්මු රසීනා යන අය සන්තකයේ තිබී එසේ ලබාගත් තවත් රුපියල් ලක්ෂ 120ක මුදලක් ද සොයා ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සදහන් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු අධිකරණය හමුවේ සදහන් කර සිටියේ පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරයේදී සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන්  හත්වැනි සැකකරු ලෙසින් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරමිනි.

සැකකාර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන අය මෙම සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙණීය, අධිකරණ අංශයේ උප පොලිස් පරීක්ෂක එස්. විජේසූරිය යන නිලධාරීන් ඇතුළු පිරිසක් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩිදුර වාර්තාවක් මගින් කරුණු දැක්වූහ.

සැකකරු වෙනුවෙන් නිතීඥ එම්. එම්. ෂහීඞ්, නිතීඥ රුස්බි හබීබ්, නිතීඥ අමීර් අලී යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

මාස පහකට අධික කාලයක් රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප‍්‍රශ්න කිරීමෙන් පසු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (02) වගන්ති ප‍්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.

පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අපේ‍්‍රල් මස 21 වැනිදාය.

මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ කරුණු සදහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව : ස්වාමිණී, සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ බොම්බ ප‍්‍රහාරයට අදාළව මෙම සැකකරු හත්වැනි සැකකරු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන අතර එහි ස්වයංඝාතක බෝම්බකරු වූ ඉන්සාෆ් අහමඞ් නමැත්තාගේ ගනුදෙනු සම්බන්ධයෙන් මෙම විශේෂ විමර්ශනය සිදුකරනු ලැබුවා. මෙහි ස්වයං ඝාතකයාට තිබුණේ තඹ ආශී‍්‍රත කර්මාන්ත ශාලාවක්. ඔහු තඹ පිටරට යැව්වා. එහි ප‍්‍රධාන ශාඛාව තිබුණේ කොළඹ පිටකොටුවේ කොලෝසියස් පුද්ගලික සමාගම වශයෙන්. හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ලිඛිත නියෝගයකට අනුව තඹ ලබාදීම වෙන් කරලා තිිබුණා කොටස් තුනකට. මහා පරිමාන මධ්‍ය පරිමාන සහ සුළු පරිමාන කර්මාන්තවලට තමයි මේ තඹ ලබාදීම සිදුවුණේ. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පාලනය වන ස්ථානයකින් තමයි මේ තඹ ලබාදීම සිදුවුණේ. කර්මාන්තයක් මහා පරිමාණ මධ්‍ය පරිමාන කුඩා පරිමාණ වශයෙන් වෙන් කරන්නේ ඒවායේ සේවක සංඛ්‍යාව සහ ඒවායේ පිරිවැය සැලකිල්ලට ගනිමින්. සේවකයින් 10 දෙනකුට අඩු සහ  වාර්ෂික පිරිවැය මිලියන 10ට අඩු නම් එය කුඩා පරිමාණ කර්මාන්තයක් ලෙසින්ද, සේවකයින් 10ත් 50ත් අතර වාර්ෂික පිරිවැය මිලියන 10ත් 200ත් අතර නම් එය මධ්‍ය පරිමාණ කර්මාන්තයක් ලෙසින් ද සහ මහා පරිමාන කර්මාන්තයක් ලෙසින් සේවක සංඛ්‍යාව 50ත් 200ත් අතර වාර්ෂික පිරිවැය රුපියල් මිලියන 200ත් 600ත් අතර වශයෙන් බෙදා දක්වා තිබෙනවා. මේ කොලෝසියස් සමාගමේ වාර්ෂික පිරිවැය මිලියන 1000ට වැඩියි. මේ සමාගම මේ කර්මාන්ත අවස්ථා තුනටම වැටෙන්නේ නැහැ. මේ කොලෝසියස් සමාගමට තඹ දීලා තියෙන්නේ මේ අනුමතයට පටහැනිවයි. මේවිදිහට තඹ දීම තීරණය කරන්නේ අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා. තමන්ට තඹ ලබා දෙන්න කියලා මේ ස්වයංඝාතකයා ඉල්ලිමක් කරලා තිබෙනවා. මේ විදිහට තඹ ලබා දෙන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ අතිරේක ලේකම්වරයකුව සිටි සුබ‍්‍රමනියම් කියන කෙනා. මේ සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශ ලබා ගන්න ඔහු ගැන විමර්ශනය කරද්දි මේ වන විට ඔහු විදේශ ගතවෙලා. ඒ නිසා ඔහුගෙන් ප‍්‍රකාශ ලබා ගන්න විදිහක් නෑ. මේ ඝාතකයන් කොලොසියස් එකේ ආදායම තමයි පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාවට යොදා ගෙන තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් උදය ආර්. සෙනෙවිරත්න මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත්තා. එහිදී ඔහු සදහන් කළේ 2019 මාර්තු මස 27 වැනිදා අමාත්‍යාංශයේ තිබුණ තඹ ලබා දීම සම්බන්ධ රැුස්වීමකට රිෂාඞ් බදියුුදීන් අමාත්‍යවරයා පැමිණීලා හිටියා. ඒ රැුස්වීම අවසානයේදී ”ඇයි අපේ අයට කරදර කරන්නේ?” කියලා රිෂාඞ් ඇමැතිතුමා තමාගෙන් විමසා සිටියා කියලා ඒ මහතා සිය ප‍්‍රකාශයෙන් ලබා දීලා තිබුණා. පසුව මේ රැුස්වීමෙන් පසුව මිලිමීටර් 3 කම්බි අපනයනය කිරීම සදහා මෙම සමාගම ඉල්ීමක් කර තිබූ බවත් තමන් ඒ සදහා අනුමැතිය ලබා නොදුන් බවත් ඒ මහතා සිය ප‍්‍රකාශයෙන් සදහන් කර තිබුණා. ඒත් මාර්තු මස 28 වැනිදා මිලි මීටර් 3 කම්බි මෙට්‍්‍රක් ටොන් 260ක් සදහා අනුමැතිය දීලා තිබෙනවා. මේ අනුමැතිය දීලා තියෙන්නේ බාලසුබ්‍්‍රමනියම් කියන අතිරේක ලේකම්වරයා. එදාත් ඊට පෙර දිනත් රිෂාඞ් ඇමැතිවරයාත් ඔහුගේ මල්ලි රියාජ් යන අයත් බාලසුබ‍්‍රමනියම් කියන නිලධාරියාට දුරකතන ඇමතුම් ලබාගෙන තිබෙනවා. මෙම ආයතනය අවස්ථා  6කදී තඹ ආනයනය කරලා තිබෙනවා. ඒ වගේම අවස්ථා 2කදී අදාළ ගිණුමට සල්ලි බැරර කරලා තිබෙනවා. ඒ සල්ලි තමයි මේ පාස්කු ඉරුදින ප‍්‍රහාරය සදහා මොවුන් යොදා ගෙන තිබෙන්නේ. මේ සැකකරුගේ මැදිහත්වීමෙන් තමයි මේ මුදල් උපයාගෙන තිබෙන්නේ. මේ විමර්ශන මෙතෙක් අවසන් නැහැ. ඒ හේතුවෙන් සැකකරු විමර්ශන අවසන්වන තෙක් රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.”

 

(ඡායාරූප: ශාන්ත රත්නායන)



අදහස් (7)

නඩු විභාගය අවසන් වන තෙක් රිෂාඩ් රිමාන්ඩ්

fairoos Tuesday, 10 August 2021 08:04 PM

නාඩගම නියමෙට කරගෙන යනවා .මේකේ අන්තිමට හැමෝටම සොබාදහමින් පඩිසන් ලැබේවි

:       224       14

Bamunuarachchi Tuesday, 10 August 2021 08:56 PM

මැට්ටෝ ටික මොර දෙනවා පාස්කු ප්‍රහාරකයින්ට නඩු දාන්න කියලා. නඩු දාන්න කලින් වගඋත්තර කරුවන් පැහැදිලිව හඳුනා ගන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. යහපාලකයිනුත් පරීක්ෂණයක් පැවැත්වුවා නේද? අනේද කියන්නේ...?

:       728       795

firda Tuesday, 10 August 2021 09:02 PM

මොන සෙල්ලමක්ද මේ? කොරෝනා වලින් මිනිස්සු මැරෙන එක වහන්න රිෂාඩ්ව ඇතුළට දාලා ආණ්ඩුව සෙල්ලම පටන් අරන්.. බෝම්බ තිබ්බේ ආණ්ඩුව කියලා ලෝකෙම දන්නවා. නිකන් බොරුවට මිනිස්සුන්ව හිරේ දානවා..

:       332       130

Prase Tuesday, 10 August 2021 10:57 PM

කොහොමද හිටපු ඇමති තුමාගේ ගේම .රටේ සල්ලි වලින් රටේ අහිංසක මිනිස්සු ටික මැරුවා .අල්ලා

:       71       296

mohomed agarapatana Wednesday, 11 August 2021 02:22 PM

මේ මිනිහට කරන අපරාධයට සොබා දහම හොඳ දඬුවමක් දෙයි මුළු ලංකාවටම...

:       163       3

Bishan Thursday, 12 August 2021 06:18 PM

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් වැඩියෙන්ම වාසිය ගත්තේ කව්ද?

:       3       0

මාර්සියා Thursday, 12 August 2021 07:04 PM

මේ නඩුව දේෂපාලනීය කිරීම වැරදියි ; එක එක්කෙනාගෙ වැරදි වහ ගන්න රජයට දොස් කීමත් වැරදියි ; තිබුනු යහපාලන රජය කාලෙ මෙන් උසාවියට පොලීසියට රජයෙන් මැදිහත් වීමක් නැහැ දැන් ; කවුරු කෙසේ කීවත් රිෂාර්ඩ් බදුර්දීන් පසුගිය යහපාලන රජය කාලයේ හැසිරුනේ ඇගමැති, ජනපති ටත් ඉහලින්. ඔහුට ඔනෙ විදියට උසාවියට, පොලීසියට බලපෑම් කරා, පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොල කරුවන් සමග ඔහු ඉතා සමීපව ඇසුරු කලා , උදව් කලා; එවාට ඔහු වගකිව යුතුය ; දඬුවම් ලැබිය යුතුය

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 530 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 706 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 903 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 262 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1520 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 586 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1177 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site