(සුජිත් හේවාජුලිගේ)
නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය තාවකාලිකව වසා දැමූ බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවසීය.
එම ආසාදිත නිලධාරීන්ගේ ආශ්‍රිතයන් සොයාගෙන නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශය තාවකාලිකව වසා දැමුවත් මෙහෙයුම් කටයුතු වෙනත් ක්‍රම සහ විදි පාවිච්චි කරමින් සිදුකරගෙන යන බව පැවසූ කුමාරසිංහ මහතා දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාලවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද පැවසුවේය.
නිලධාරීන් මාර්ගගත ක්‍රම පාවිච්චි කරමින් ඒ කටයුතු කරන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදිරිය වහන්න කීයක් හම්බ වුණාද?
මෙතනදී ලැබුණු ආරංචි අනුව මේ සුරාබදු, අල්ලස්, දූෂණ කොමිෂන් සභා, නීතිපති දෙපාර්තමේන්තුව, රේගුව දිගටම වසා දැම්මා නම් හොඳයි...
හිතේ හැටියට බීපල්ලා මැරෙන්න ඉස්සෙල්ලා. අපිට දුකයි ඔය ළමයි ගැන... සර් අපිව වලකට ඇදලා දැම්මා...
කසිප්පු කාරයෝ කිරිබත් කයි වගේ...
අන්න වෙලාව, ජොනීගේ බිස්නස් එක සරුවෙයි...