(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
එම් වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත් වූවන්ට වන්දි ගෙවීමට සිය සමාගම සූදානම් බව එම නැව අයත් සිංගප්පූරු සමාගමේ දේශීය නියෝජිත සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.
එම නැව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු කිහිපයක් ඇති බැවින් එම සම්පූර්ණ වන්දි මුදල ගෙවීම සදහා අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් සිටින බව ද නැව අයත් සිංගප්පූරු සමාගමේ දේශීය නියෝජිත වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.
එම්. වී.එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම නිසා පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරයේ මසුන් මැරීමේ කටයුතු අත් හිටුවීම ට ගත් තීරණය නිසා පීඩාවට පත් සෑම ධීවරයකුටම රුපියල් ලක්ෂ 5 ක් බැගින් වන්දි ගෙවන ලෙස රජය ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කල පෙත්සමක් වැනිදා කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කිව්වේ... මැරුණු සත්වයින්ගේ නෑදෑයින්ටත් වන්දි දෙනවද?