(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි හතරහමාරකින් පමණ පහත වැටී ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය දෛනික ආදායම රුපියල් කෝටි අටහමාරක පමණ අගයක තිබූ බවත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් එය රුපියල් කෝටි හතර දක්වා අඩුවී ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දෛනකිව ධවනය වූ ලංගම බස්රථ 5200 ක ප්‍රමාණය 4200 දක්වා අඩු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
උපරීම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් මෙම බස්රථ ධාවනය කරන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් ලබාදී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් චීනෙට හරි, ඉන්දියාවට හරි දුන්නොත් මොකද?
කොරෝනා නොතිබුණු කාලේ කියලත් ඕක ලාබ ලැබුවද මහත්තයෝ? මාසේ පඩි ගෙවන්න කිට්ටු වෙනකොට භාණ්ඩාගාරෙන් සල්ලි අහනවා. එහෙමනේ වුනේ...
oya raajapakshamenthuwa balayata aapu dawase indala ahannathiyenne alaaba paadu gana witharayi .
ලංගම කවද්ද ලාභයක් ලැබුවේ. ඉන්න අය වැඩිහරියක් කෙරුවේ මාටියා ගහපු එකනේ..?
එක බස් එකකින් සේවකයින් 50ක් 60ක් නඩත්තු කරන එක ලේසි නෑ තමයි.
Awlak wenne na version walin ena adayamin kawar karagathaki, jayawewa
මූනෙන්ම පේනවා හේතුව මොකක්ද කියලා...
කවද්ද අවසානෙට ලාබ ගත්ත දවස...?