(යොහාන් භාසුර)
රජය කිරිපිටි ආනයනික බදු ඉවත්කළ බව පැවසුව ද ඒ පිළිබඳව ආනයනකරුවන් දැනුවත් කර නොමැති බවත් ගැසට් නිවේදනයක් මගින් දැනුවත් කිරීමෙන් පසුව නැවත කිරිපිටි ආනයනය කළ හැකිද නැද්ද ගැන තීරණය කරන බවත් කිරිපිටි ආනයනකරුවෝ පවසති.
රජය බදු ඉවත්කළ බවට පැවසුව ද කුමන බදු ඉවත්කළේද, ඉවත් කළ බදුවල වටිනාකම කොපමණද, යන්න පිළිබඳව දැනුමක් සහ ගණනය කිරීමෙන් තොරව ඉදිරි තීරණය පිළිබඳව කිව නොහැකි බව කී ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි නිෂ්පාදන සමගාමක උසස් නිලධාරියකු අද රාත්‍රී ගැසට් නිවේදනය නිකුත් කළ හොත් හෙට පෙරවරුවේ කිරිපිටි ආනයනය පිළිබඳ තීරණය ප්‍රකාශ කළ හැකි බව ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘රජයේ ආයතන’ අවුරුදු විස්සකට පෙරදී සිටි තත්වයට වඩා හොඳ යැයි සිතුවද ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවද එමෙන්ම බොහෝ ආයතන ප්‍රධානීන් අතරද, තවමත් සම්බන්ධීකරණය ඉතා දුර්වලයි. පරිගණක හා දුරකථන පහසුකම් සපිරි මෙම සහස්‍රයේ, නියෝජ්‍ය ඇමතීන් රාජ්‍ය ඇමතින්ද වැඩිම රට නිසාදෝ සාමුහික තීරණ වෘත්තීය මට්ටමකින් අදාල ස්ථානවලට සන්නිවේදනය නොවීම ලැජ්ජාවිය යුතු කරුණකි...
ඔක්කොටොම ඉස්සෙල්ලා සර් දැනුවත් කළාද? නැතිනම් ඕකත් රිවස් කරනවා අනිත් ඒවත් වගේ...
අනේ අපේ මිනිසුන් වැටුනු මුලාවක්