IMG-LOGO

ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 2000ක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි  කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 81,082 දෙනෙකු දක්වා ඉහළ යද්දී  අද  (11) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 2000 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 

මින් 240 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර සෙසු කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම , මහර  - 236 ක්,  බියගම සහ සීදූව කොට්ඨාසයන්ගෙන්  - 220 දෙනෙකු බැගින්,  වත්තල  - 176 ක්,  මීරිගම  - 156 ක්,  ගම්පහ  - 143 ක්,  අත්තනගල්ල  - 130 ක්,  කැලණිය  - 123 ක්,  ජාඇල සහ කටාන  කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින්  - 106 දෙනෙකු බැගින් , රාගම  - 45 ක්,  මීගමුව  - 43 ක්, දොම්පෙ  - 36 ක් සහ දිවුලපිටිය  - 20 වශයෙන් සිදුව ඇති බව එහි සදහන්ය. 

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 38 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 411 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමටත් සැක සහිත රෝගීන් 83 දෙනෙකු දිස්ත්‍රික්කයේ  අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත්  කිරීමටත් පියවර ගෙන ඇත. මින් ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 324 දෙනෙකි. 

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 26,778 දෙනෙකු ඊයේ වනවිට  නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව දත්තයන්හි සදහන්ය.  



අදහස් (2)

ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 2000ක්

kapila Wednesday, 11 August 2021 01:54 PM

ගම්පහින් පමණක් දිනකට 2,000 යි. ලංකාවේම 2,960යි. එතකොට අනික් දිස්ත්‍රික්ක 24න්ම 960යිද? මේක පිළිගත හැකිද?

:       0       15

dann Wednesday, 11 August 2021 02:04 PM

ලෝකයේ අංක 01ට එන්න ළඟයි වගේද? දැන්වත් හරි තීරණ ගන්න මොලයක් පෑදේවා...!!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 397 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 959 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1344 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site