(සුජිත් හේවාජුලිගේ )
මේ මාසය ඉතා අවදානම් බවත් කොවිඩ් මරණ 48.8% කින් ඉහළ ගොස් ඇති බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
කොවිඩ් රෝගීන් වාර්තාවීමද සියයට 30කින් ඉහළ ගොස් ඇති බව ඇය සඳහන් කළාය. රටේ පවතින අවදානම ජනතාව හොඳින් තේරුම් ගත යුතු බව පැවසූ රාජ්‍ය ඇමතිවරිය අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසෙන් එළියට නොයන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළාය.
මේ මාසය ඉතා අවදානම් බවත් කොවිඩ් මර්දනය සඳහා ඇති එකම ප්රතිකර්මය රෝගය වැළඳීම වළක්වා ගැනීම බවත් ඇය පැවසුවාය.
රජය හෝ කවුරුන් හෝ නීති දානකම් බලන් නොසිට තමන් තමන් ආරක්ෂා විය යුතු බවත් අනවශ්‍ය ගමන් බිමන් සියල්ල නවතා දමන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය. ඔබගේ පවුල ආරක්ෂා කර ගැනීමේ වගකීම තිබෙන්නේ ඔබ අතේ යැයි රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" මොනවා උනත් රට වහන්නේ නෑ " කියපු එකත් රිවර්ස් වෙන්න නේද යන්නේ? අද හදිසි ඇමති මණ්ඩල රැස්වීමක් කැඳවලාලු ඒගැන කතා කරන්න. "මේ ගොල්ලන්ගේ වැඩ නිකන් බාල පැට්‍රොල් ගහපු වාහනයක් වගේ යන්නෙම රිවර්ස් එකටයි" කියලයි සමහරු කියන්නේ. අනේ මන්ද.
මේ මාසයක් නෙවේ ගෙවෙන තත්පරේ පවා අවදානම්.අමාත්‍යවරියක් ලෙස ඔබ කෙතරම් අසරණ ද යන්න පැහැදිලියි .පාස්කූ බෝම්බේ පිපිරෙන්න දීලා බලා උන්නා වගේ ඩෙල්ටා බෝම්බේ පිපිරෙන්න දීලත් තවමත් ජීවිත මෙලෙස අහිමිවෙන්න දීලා බලන් ඉන්න මුන් මනුස්සයෝ නම් වෙන්න් බෑ
හැමදාම කියන කතාව. හැඳිගෑවීලාම පලයල්ලා පව් නොදී.
පෙරහැර ඉවර වුණාම ඕක අඩුවෙයි... මීඩියාවල ගොඩක් හරියක් තියෙන්නේ සංදර්ශනනේ...
අවදානම් කිය කියා උන්නාම හරි...
ඔබතුමියට සෞඛ්‍ය ඇමතිකම ලැබෙයි කියලා හිතුවේ අලුත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කළොත්. ඒත් එය වෙන පාටක් නැහැ ලැබෙන ආරංචි අනුව. ඔබතුමිය මෙතරම් විෂයානුබද්ධ විශේෂ්‍ය වෛද්‍යවරියක් වෙලත් ඔබට කියන්න වෙලා තියෙන දෙත් නූගත් ඇමැතිවරු කියවන දෙයත් අතර අද වෙනසක් නැති වෙලා. ඔබ එවැනි ආණ්ඩුවක තවමත් රැඳී සිටීමත් ප්‍රෙහේලිකාවක් පමණි...
ඩෙල්ටා ප්‍රභේදය තවදුරටත් දීර්ඝ කිරීමට නියමිත අතර, ලංකාවේ අහිංසක ජනතාව මරණය එනතෙක් බලා සිටී