(රංජන් කස්තුරි)
කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (10) දිනයේදී එන්නත් මාත්‍රා ලක්ෂ 4කට ුධික ප්‍රමාණයක් ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 30,487ක් එහි දෙවන මාත්‍රාව 2441ක් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 108,770ක් එහි දෙවන මාත්‍රාව 277120ක් ෆයිස්ර් එන්නතේ පළමු මාත්‍රාව 188ක් එහි දෙවන මාත්‍රාව 278ක් මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 758251ක් ආදී වශයෙන් ලබාදී තිබේ.
මේ අතර පෙරේදා දිනය වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා පූර්ණ එන්නත්කරණට ලක්ව සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්මවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd