(තිළිණි ද සිල්වා)
එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ඇතුළු රටවලට පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා අවශ්‍යව තිබූ රැපිඩ් පී.සී.ආර් පරීක්ෂණ පහසුකම ගුවන්තොටුපොළේ දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ඒ අනුව ලබන සිකුරාදා වන විට එම පහසුකම ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතා පැවසුවේය.
qඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය සඳහා පිටත්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ත් සෙසු අයටත් එම රජය තීරණය කළ පරිදි පිටත් වීමට පෙර රැපිඩ් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අවශ්‍ය වන බවත් , ඒ අනුව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ අමාත්‍යවරයා විසින් ගුවන්තොටුපොළ අංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ පිළිබඳ සාකච්ඡා කොට මේ සිකුරාදා වන විට හැකි ඉක්මනින් පහසුකම මීට අදාළ ශ්‍රමිකයින්ට ලබාදීමට කටයුතු කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්... අගය කරන්න ඕන.
මම ගුවන් තොටුපල සේවාව හා විදේශ කාර්යාංශ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරමි, කිසිවෙකුට නිවැරදි පිළිතුරක් නැත. මම කතා කරන විට ඔවුන් මට කියනවා ඊළඟ දවසේ හෝ දින කිහිපයකට පසු කතා කරන්න කියලා. මම රට තුළ සිරවී සිටිමි. මට මගේ රැකියාව අහිමි වුවහොත් අපට රැකියාවක් හෝ ගැටලුවක් නොමැතිව පිටව යාමට අවස්ථාවක් ලබා දීමට රජය අපට සහයෝගය නොදක්වයි. කරුණාකර එය හැකි ඉක්මනින් නිවැරදි කරන ලෙස ඔවුන්ට කියන්න. ස්තූතියි සුභ පැතුම්.