(සුජිත් හේවාජුලිගේ )
ආයතනයවල රාජකාරි සඳහා තමන්ට අවශ්‍යම අය පමණක් ගෙන්වාගන්නැයි තමා ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
එසේම උත්සව සාදවලට මේ මොහොතේ සහභාගීවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයිද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ආයතනවලට සේවකයන් හිතෙන හිතෙන පරිදි කැද වුවහොත් කොවිඩ් අවදානම උත්සන්න විය හැකි බවත් අවශ්‍යම සේවකයන් පමණක් මේ මොහොතේදී කැඳවීම ආයතන ප්‍රධානීන්ගේ වගකීම බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
සමහර ආයතනවලට වැඩිපුර සේවකයන් කැඳවන බවට වාර්තා ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. මේ මොහොතේ අප කතා කළ යුත්තේ රට වැසීම ගැන නොවන බවත් රට නොවැසෙන තැනට වැඩ කිරීම පුරවැසියන් සැමගේ වගකීම බවත් යුද හමුදාපතිවරයා කීවේය.
බහුතර පිරිසක් ඉල්ලා සිටින්නේ රට නොවසන ලෙස යැයිද ඔහු පැවසුවේය. සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විශේෂයෙන්ම සුපිරි වෙළෙඳසල් ඇතුළු පොදු ස්ථානවලදී ජනතාව බෙහෙවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශවේන්ද්‍ර සිල්වා මහත්මයත් දැන් ටික ටික බොරු කියන්න පුරුදු වෙනව වගේ.....මට අර ගිරව් දෙන්නගෙ කථාව මතක් වෙනව...
රජයේ සේවකයින්ට සෙනසුරාදාත් ඇතුලුව සතියට දවස් තුනක් අනිවාර්යයෙන් සේවයට එන්න කියලා ගිය සතියේ චක්‍රලේඛයක් ගහලා තියෙනවා කියලා මෙතුමාට අමතක වුණාද? ඒ අනුව තමයි පුද්ගලික අංශයත් සියලුම සේවකයින් කැඳවන්නේ... මේ ගොල්ලන් කියන්නේ එකක්... කරන්නේ තව එකක්. දේශපාලනයට හොඳට ගැලපෙනවා. දැනුත් කරන්නේ ඒකද මන්දා..?
රඟනවා හොඳටම වැඩියි. මට නම් දිරවන්නේම නැති මනුස්සයෙක්...
කොච්චර කිව්වත් ආයතන ප්‍රධානීන්ට ඕන ආයතනයේ හැමෝම ගෙන්වන්න. මොකද එයාලට හැමදාම එන්න වෙන නිසා...
මොකද හැම දෙයක්ම හමුදාපතිට කියලා කියවන්නේ..?
මෙතුමාත් දැන් වම දකුණ අමතක වෙලා වැඩ කරන්නේ.
හැම එකටම ජනතාව තමයි පලි.. ඔයාලා තමයි හොඳටම කරලා තියෙන්නේ..
තොත්ත බබා...