
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර අද (12) සිට සතියක කාලයක් සඳහා හදිසියේ ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කළේය.
ලක්ෂ 4 ක ජනගහනයක් වෙසෙන කැන්බරා අගනුවර හිටිහැටියේ මෙසේ ලොක්ඩවුන් කෙරුණේ එක් 'කොවිඩ් 19' ආසාදිතයකු හමුවුණු බැවිනි. කැන්බරා අගනුවරින් මෙසේ 'කොවිඩ් 19' ආසාදිතයකු හමුවූයේ වසරකට පමණ පසුව යැයි ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
හමුවුණු ආසාදිතයා තරුණයකු යැයි පැවැසෙයි. ඔහුට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි යන්න නිවැරදිව තහවුරු කර ගැනීමට නොහැකි වූ බැවින්, සතියක් අගනුවර එසැණින් වසා දැමීමට සෞඛ්‍ය අංශ තීරණය කළ අතර නගර බලධාරීන්ගේ අනුමැතිය ඊට හිමිවිය.
නගරය හදිසියේ ලොක්ඩවුන් කරන බව නිවේදනය කිරීමත් සමඟ සුපිරි වෙළෙඳසැල් සහ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දකින්න ලැබුණි.
ලොක්ඩවුන් කටයුතු සඳහා හමුදාවේ සහාය පොලිසියට හිමිවන බවත්, හමුදා සොල්දාදුවන් 580 දෙනකු ඒ සඳහා යෙදවූ බවත් කැන්බරා බලධාරීහු පවසති.
මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි සහ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් යන නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර ඇත. ඒ, 'ඩෙල්ටා' විකෘතිය ව්‍යාප්තවීමත් සමඟ නව ආසාදිතයන් වාර්තා වන බැවිනි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. මේක අමුතුම රටක්.. වසංගත නිවාරණය දෙවියන්ට බාරදීලා තියෙන්නේ. ඒක නිසා වහන්න ඕනේ නෑ...
එක ආසාධිතයයි හසුවුනේ ලොක් ඩවුන්... මොන මෝඩ වැඩක්ද මේ කරේ? අපේ රටේ මම නම්, සහෝදරයින්ට ලෙඩේ වැඩිකරන්න ඉඩදීලා, ලෙඩ්ඩු වැඩි කරනවා. ඉන්ජෙක්ෂන් වලින් කැපිල්ල එනවා. ආධාර මුදල් හිතේ හැටියට මාටියා ගහන්න පුළුවන්. රටේ අයට රස්සාවල් දෙන්න ඕනෑ නැහැ. ඉතිරි අවුරුදු කිහිපයත් කෝවීඞ් වලින්ම දුවන්න පුළුවන්. මේවා ඔය පිටරට මිනිසුන්ට බැරි වුණාට අපිට සිම්පල්... මේවා කරන්න එච්චර අමාරු නැහැ. ලේසියි. මොළේ කල්පනා කරලා තමයි කරන්න තියෙන්නේ... අපි තමයි හොඳටම කළේ...
කැන්බරා හි ගොනුන් හිටියට අපිට කරන්න දෙයක් නෑ .මේක ලංකාව අපිටත් කියන්නේ වහන්න කියලාද
බලන්නකෝ තව ටික කාලෙකින් ඔය ලොක්ඩවුන් කිරිලි නවත්තලා දැන හැටි... අනික ඕස්ට්‍රේලියාවට වගේ මේ අපේ දුප්පත් රටට වහගෙන ඉන්න පුළුවන්ද?
ඒ ඕස්ට්‍රේලියා නේ .අපිට එහෙම බෑ .මොකද දවසේ වියදම හොයාගන්න කට්ටිය වැඩියි
එහෙට ආර්ථිකයක් තියෙනවා. අහළ පහළ දූපත්වලින් රත්තරන්, දියමන්ති හොරාකාපුවා සැහෙන්න තියෙනවා. වර්ණ භේදය නිසා ආසියානුවන්ට අපහාස නිමක් නෑ.
කැන්බෙරා කියන්නේ ලෝකයේ ජීවත් වෙන්න හොඳම නගරයක්. මිනිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළයි...
ඕස්ට්‍රේලියාවේ එහෙම කලාට ලංකාවේ කරන්න බැහැ.