(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවයද කල් දමා ඇත.
රාජ්‍ය ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපය මුළු රටටම කදිම ආදර්ශයකැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
එතුමියගේ මෙම කැපකිරීම රටේ සෙසු සියලූ ජනතාව ආදර්ශයට ගෙන කටයුතු කළ යුතු බව පැවසූ මහාචාර්යවරයා විවාහ මංගල්‍ය උත්සව කොරෝනා බෝකරන ප්‍රධාන ස්ථානයක් හැටියට හඳුනාගෙන ඇතැයිද සඳහන් කළේය.
මේ අතර විවාහ මංගල්‍ය උත්සව ඇතුළු සාදවලට මේ අවස්ථාවේදී සහභාගිවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහුද ජනතාවගෙන් ඉල්ලා සිටිති.
එසේ නොවුණහොත් මංගල උත්සව පොකුරු නිර්මාණයවී කොවිඩ් අවදානම තවත් වැඩි වර්ධනය විය හැකි යැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මේ අතර සෞඛ්‍ය නීති නොතකමින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනටමත් උපදෙස් මාලාවක් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මහලොකු ප්‍රවෘත්තියක්ද?
පල්ලියේ බැඳපු ෆොටෝ ඔය නෑදෑයෝ අපූරුවට අප්ලෝඩ් කරලා තියෙන්නේ .කට්ටිටම මාස්ක් නැතුව ෆොටෝ වලට හිනා වෙලා ඉන්නේ
හොඳ ආදර්ශයක්
මංගල උත්සවය කල් දැම්මා නම් හොඳයි. ඒත් වෙන තැනක තිබෙනවා එතුමිය කිව්වා කියලා ශැන්ග්‍රිලා එකේ තියෙන උත්සවය අවලංගු කරාය ,පල්ලියේ චාරිත්‍ර විධි විතරක් අගෝස්තු 12 කරනවා කියලා. ඒ කියන්නේ විවාහය සිදු කරනවා කියලා නේද. අනික් අතින් සමාජ මාධ්‍ය මගින් මෙතුමියගෙ ගුණ වර්ණනා කරන අය අහක ඉන්න අජිත් නිවාඩ් කබ්රාල් අල්ලාගෙන දෙස් තියනවා ඔහුගේ පුතාගේ මගුල් ගෙදර නිසා තමයි මේ වෙලාවේ රට ලොක් ඩවුන් නොකර ඉන්නේ කියලා.
ඉතින් මහත්තයො නීතියක් ගේන්නකො එව්වා නවත්තන්න කියල. මේ වෙලාවෙ මොන විවාහ උස්සවද? මිනිස්සු කවදාවක් ඕවා නවත්තන්න කිව්වට කරන්නෙ නෑ. ඒවාට නීති ගේන්න ඕනෙ.
උගත් අයගෙන් සමාජයට හොඳ ආදර්ශ ලැබෙනවා.. ඒත් අවාසනාවකට මේ වගේ කී දෙනෙක්ද ඉන්නේ දේශපාලනයේ...
අපේ ගෞරවනීය ප්‍රණාමය
දැන්වත් මේ ආණ්ඩු ලොක්කෝ ටික මේ ඇමතිතුමියවත් ආදර්ශයට ගෙන ඇහුන්කම් දුන්නොත් රට මේ මට්ටමින් හෝ පාලනය කරගන්න පුළුවන්.
ලොකුගේ ඇතුළු අනෙක් ඇමතීන්ගේ ආදර්ශත් ලිපියකින් පලකරන්න. අපිට ආසයි කියවන්න 69 ලක්ෂයේ ආශ්චර්යය...
කර ගන්න බැරි නිසා .ඔයාලාට ලොකු උනාට ,අපිට ලොකු නෑ මහත්තයෝ
මේවාද බං අපේ රටේ නිවුස්?