
කොවිඩ් 19 'එප්සිලොන්' වයිරස විකෘතිය, 'ඩෙල්ටා' විකෘතියට වඩා බිහිසුණු බවත්, එය එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන බවත් පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති.
'එප්සිලෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනුණේ 2020 වසරේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙනි. 'එප්සිලෝන්' වයිරස නිල වශයෙන් හැඳින්වෙන්නේ B.1.429 සහ CAL.20C යනුවෙනි. 'එප්සිලෝන්' වයිරස විකෘතිය නිර්මාණය වී ඇතැයි පැවැසෙන්නේ කොරෝනා වයිරස විකෘති පහක් එක්වීමෙනි.
පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයන්, 'එප්සිලෝන්' විකෘතිය ගැන අනතුරු අඟවා ඇත්තේ, මේ වනවිට පාකිස්තානයේ ලාහෝර් නුවරින් හමුවන 'කොවිඩ් 19' ආසාදිතයන් බොහෝ දෙනකුට ආසාදනය වී ඇත්තේ මෙම විකෘතිය බැවිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය, 'එප්සිලෝන්' විකෘතිය සැලකිල්ලක් දැක්විය යුතු වයිරස විකෘතියක් යැයි මීට පෙර අනතුරු අඟවා තිබුණු නමුත් දැන් ඔවුන් අනතුරු අගවමින් පවසා ඇත්තේ 'ඩෙල්ටා' සහ 'ලැම්බ්ඩා' සේම, 'එප්සිලෝන්' විකෘතිය සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු යුතු බවය.
පාකිස්තානය මේ වනවිට මුහුණ දෙන්නේ, සිවුවැනි කොරෝනා රැල්ලට බවත් බරපතල ලෙස රෝගී වී රෝහල් ගත කළ වැඩි දෙනා 'එප්සිලෝන්' විකෘතිය ආසාදිතයන් බවත් පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
'එප්සිලෝන්' විකෘතිය පාකිස්තානයේ ලාහෝර් නුවරින් ව්‍යාප්තවීමට පටන් ගැනීමත් සමඟ ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ද ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඉන්දියාව මේ වනවිට මුහුණ දෙමින් සිටින්නේ දෙවැනි කොරෝනා රැල්ලට වන අතර, එම දෙවැනි කොරෝනා රැල්ලට හේතුව 'ඩෙල්ටා' ය. 'ඩෙල්ටා' යනු ඉන්දියාවෙන් පළමු වරට සොයා ගත් දෙමුහුන් කොරෝනා විකෘතියකි.
පාකිස්තානයෙන් වාර්තා වන 'එප්සිලෝන්' විකෘතිය ඉන්දියාවට පැමිණියහොත් එය තෙවැනි කොරෝනා රැල්ලේ ආරම්භය වනු ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ බිය පළ කර තිබේ.
මුම්බායිහිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකේ සෙලෝන් කියලා අපේ රටේ ඉස්සර නම තියෙන එක අපිට ආඩම්බරයක්
පාලනය කරන්න පුළුවන්... එන්නත්වලට කොරෝනා මර්දනය කළ නොහැක...
රාජිතටත් පුළුවන්..., සජිත්ටත් පුළුවන්..., අනුර කුමාර දිසානායකටත් පුළුවන්..., ස්ටාලින්ටත් පුළුවන්..., අන්තරේ කැඳවුම්කරුටත් පුළුවන්..., ස' ට බෑ.. මුළු ලෝකෙටමත් බෑ..
කෝවිඩ් බෝ වෙනවද බලන්න අත්හදා බැලීමක් හැටියට ඒකත් මෙහෙට ගෙන්නමු...
මේ තත්ත්වය මත නම් මේවා කොහේ හරි රසායනාගාරවල හද හදා එළියට දානවා කියන සැකය තදින්ම දැනෙනවා.
මේ ආණ්ඩුව කොහොම හරි උත්සාහ කරලා මෙ වයිරසයත් රට ඇතුළට වද්දා ගන්නවා...
අපිට නම් බය වෙන්න දෙයක් නෑ. හොඳටම කරන හාදයා ඉන්නේ අපේ රටේ නේ.
සංචාරක ව්‍යාපාරය මගින් අපට ලැම්ඩා සහ එප්සිලෝන් එනවා එනවාමයි..
පොඩ්ඩක් ලොක්ඩවුන් වෙලා සති දෙකක් නොමැරී බඩගින්නේ ඉඳලා වෙන රටවලින් තුන් වෙනි සතියේ පිනට සති දෙකකට කෑම ඉල්ලාගෙන, හතර වෙනි සතියේදී රට ඇරියාම කොරෝනා නැති වෙලා තියේවි. හොඳයි නැද්ද මම අහන්නේ...? ඕනේ නම් තව වැඩිපුර සතියකුත් පිනට කෑම ඉල්ලා ගන්න බැරිද?. වත්තක් තියන අයට ඒවායේ දෙයක් කාලා සති හතරක් ඉන්න බැරිද?. ලංකාවේ මිනිස්සු දුර බලන්නේ නෑ. හැමදාමත් වගේ බඩ ගැන විතරයි බලන්නේ... සාර්ථක නවසීලන්තෙන් ආදර්ශ ගන්නේ නෑ. අසාර්ථක වෙන රටවලින් ආදර්ශ ගන්නේ... නවසීලන්තේ උපරිම සති 4ක් ලොක් ඩවුන් වුණාම කොරෝනා නැතුව යනවා. මිනිස්සු සාමාන්‍ය විදියට තමන්ගේ කම්කරු ජොබ් එකත් කරනවා මාස්ක් වත් නැතුව. වෙන රටවලින් කාටවත් එන්න බෑ ලේසියෙන්. ඉතින් නවසීලන්තේ කොරෝනා නෑ. අපේ රටෙත් කොරෝනා එහෙම කරලා ඉවර කරොත් ඉන්පස්සේ රටේ ආර්ථික ක්‍රමය සම්පූර්ණ වෙනස් කරලා ස්වයන් පෝෂිත වෙන්න විදියක් හදන්න පුලවන් ලෙහෙසියෙන්ම. එහෙම කලක් උදා වෙන්නේ නැත්තේ රටේ බහුතරය මිනිස්සු පව් කරලා තියන නිසා.
එන්නත් සමහර කොරෝනා ප්‍රබේධ වලට වැඩක් වෙන්නේ නෑ කියලා වෙන රටවලින් නිව්ස් පත්තරේ දාන ගමන්ම, එන්නත් ගත්තු අයටත් කොරෝනා හැදුණු නිවුස් පත්තරේ දාන ගමන්ම, හැදිලා හොඳ වෙනවාට වඩා මැරෙන එක හොඳයි කියලා අතුරු ආබාධ ගැන දාන ගමන්ම, මේකට තියන එකම විසඳුම එන්නත් තමයි කියලා මේ පත්තරේම වැටෙන්නෙත් එ්කයි... නවසීලන්තේ මිනිස්සුනට ලොක් ඩවුන් වූ කාලයක් මතක නෑ. නවසීලන්තේ ඉන්නේ පින්වන්ත මිනිස්සු ලෝකේ අනික් රටවලට වඩා. එ්කයි ඒ...