
(සුජිත් හේවාජුලිගේ සහ ළහිරු හර්ෂණ)
බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නොමැති වයෝවෘධ පුද්ගලයින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද සිට ආරම්භ කරනු ලැබීය.
මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබ සිටිති.
විශේෂ ජංගම රථ 10ක්ද මේ සඳහා යොදා ගැනෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙම ජංගම එන්නත්කරණ පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන ජනතාව 011 -2 860 002 හෝ 1906 යන දුරකථන අංක අමතා ලියාපදිංචිවීමෙන් එම පහසුකම ලබාගත හැකි බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ අතර යුද හමුදාව කොළඹ, යාපනය, ගම්පහ, බදුල්ල, කිළිනොච්චිය, අනුරාධපුර සහ මුලතිව් දිස්ත්‍රික්කවලද එන්නත්කරණ මධ්‍යස්ථාන කිහිපයක් ඉදිරි දිනවල ආරම්භ කිරීමට නියමිතය .
මේ අතර වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් විද්‍යානුකුල පර්යේෂණ සිදුකර නිර්දේශ ලබාදෙන ලෙස විශේෂඥයින් කණ්ඩායමකට උපදෙස් ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලිටරිකරණය යන වචනයට නොගැලපෙන ඉතා නිහතමානි ප්‍රධානීන්ගෙන් හෙබි ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවෙන් පාර්ලිමේන්තුව ඇතුළු රජයේ සෑම අංශයකටම පිළිවෙලකට කාර්යශීලීව සන්නිවේදනය සහිත සම්බන්ධීකරණය කරමින් වැඩ කරන ආකාරය ඉගැන්වීමට ඇත්නම් එය අප ලංකා සමාජයම අලුත් දිශානතියකට ගෙන යා හැක.
ඔය වගේ වැඩ සටහන් නවත්වන්න විදියක් නැති නිසානේ අරගොල්ලෝ යුධ හමුදාවට එන්නත්කරණය බාර දෙන්න එපා කියන්නේ ?ඒගොල්ලන්ට ඕන එකා පිට එකා මැරෙන්න ඇරලා චන්ද එකතු කරගන්න
ගෙවල් වලට යන්න කලින් පෝලිම් වල එන්නත් ගන්න පොරකන ජනතාවට ඉක්මන් කරලා ගහන්නකෝ.