(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සැපයුම සතියක් තුළ යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා ‘ලංකාදීප’ යට අද (12) පස්වරුවේ පැවසීය.
දින හතරකින් පහකින් සැපයුම යථා තත්වයට පත්කිරීමට උත්සහ කරන බව කී වෑගපිටිය මහතා ඒ සඳහා සිය සමාගමට උපරිම සතියක පමණ කාලයක් ගතවේ යැයි කීය.
ලාෆ් සමාගම පාඩුවට යෑම නිසා බැංකුවලින් ණයකර නිකුත් කිරීම අත්හිටුවා තිබුණ ද නවැත එය සක්රීය කිරීමට ඊයේ සිටම සාකච්ඡා ආරම්භ කළ බවත් බැංකු ප්රශ්නය විසඳාගත හැකි බවත් වෑගපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් සිනාවෙමු ලාෆ්
දන්නේ නැති නිසා අහන්නේ පාරිභෝගිකයා ණයටද ඔයගොල්ලන්ගෙන් මෙච්චර කල් ගෑස් ගත්තේ ?
ගෑස් ගණන් ගියා කියන එක සතියකින් මිනිස්සුන්ට අමතක වෙනවා කියලානේ ඔය කියන්නේ