(චමින්ද වැවතැන්න)
කොවිඩ් 19 ආසාදිත කාන්තාවක් ඇගේ මාස හයක් වයසැති දියණිය ද රැගෙන කෑගල්ල මහ රෝහලෙන් පැන ගොස් ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය කියයි.
කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගොස් ඇත්තේ ගලිගමුව ප්‍රදේශීය පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.
කිසියම් අසනීප තත්ත්වයක් හෙතුවෙන් සිය දරුවා ද සමග කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇති මෙම කාන්තාව අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය කාන්තාවට හා බිළිදියට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති බවත් පොලිසිය කියයි.
එම පී,සී,ආර් පරීක්ෂණයට අනුව එම කාන්තාවටත් බිළිදියටත් කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඒ වන විට කාන්තාව සිය බිළිදිය රැගෙන වාට්ටුවේ කාර්ය මණ්ඩලයට නොදන්වා රෝහලෙන් පැන ගොස් ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කාලකණ්ණින්ට රජකාලේ දඬුවම් දෙන්න බැරිද?