(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට"ලොක්ඩවුන්"(සම්පූර්ණයෙන්ම වැසීම) කළ නොහැකි නම් "ලොකප්" ( පුද්ගල සංචරණය පාලනය ) කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
පුද්ගල සංචරණ ඉදිරි සති දෙකේදී හැකිතාක් සීමා කළ යුතු බවද සඳහන් කළේය.
වයිරසය බෝවිය හැකි සියලුම ස්ථාන වසා දැමිය යුතු බව පැවසූ මහාචාර්යවරයා විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සව, අවමංගල්‍ය උත්සව කායවර්ධන මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පියවර ගත යුතු බවද ප්‍රකාශ කළේය.
පුද්ගල සංචරණ මේ ආකාරයට සිදු වන්නේ නම් කොරෝනා පැතිරීම කිසිසේත් පාලනය කළ නොහැකි බවත් පළාත් සංචරණ සීමා පණවා ඇතත් පළාත් හැරෙන්නට මිනිසුන් සියලු දෙනා හිතුමතේ සංචරණය කරන බවත් ඔහු සඳහන් කළේය .
රජය සහ අදාළ ආයතන එකතුවී ඉදිරි සති දෙක තුළ දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතු බවත් ආයතනවලට සේවකයන් කැඳවීමද සැලකිය යුතු ලෙස අඩු කළ යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
සංචරණ සීමා නොකර මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම අමාරු යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සංචරන සීමා ප්‍රෝඩා. ඔය ප්‍රෝඩාව නිසා තමා. මෙහෙම ජීවිත නැතිවෙන්නේ. කටින් බතල ගෙයි තණ කොල.
පුද්ගලික ආයතන දැනටමත් ලිපි සකසා අවසානයි ඔවුන්ගේ සියලුම සේකයින්ව 'අත්‍යවශ්‍ය' සේවකයින් ලෙස ගෙන්වා ගැනීමට. නොඑසේනම් ඔවුන්ව සේවයට වාර්තා නොකරන්නන් ලෙස ආයතන විසින් සලකයි. බොහෝ සේවකයින් මේ මොහොතේ වසංගත රෝගයද - රැකියාවද යන දෙකින් තෝරා ගතයුත්තේ කුමක්ද යන්න ගැන දැඩි පීඩනයකින් පසුවෙයි. ඒ හෙයින් සුදුසුම දෙය සංචරන සීමා පැනවීම නොව රට වසා දැමීමයි.
කෝ විද්වත් වෛද්‍ය මතයට කන්දෙන්නේ නැහැ.හැබැටම මොකක්ද මේ නූගත් දඩබ්බර දේශපාලකයන් කරන්නේ.මේ රටේ ඉන්නා ජනතාව මැරී වැටෙනා එක මේ අයට සුළු දෙයක්.කරන්න බැරි මඟුල දාලා හිටපු රටටම යනවා නම්,ජනතාව සතුටින් හිටීවි.
ලොක් ඩවුන් කරනන බැ කියන කට්ටිය මේ ව්‍යසනයට වගකීම ගනන වෙනවා
මහ වෙදතුමනි, ඔබතුමාලා කියන දේවත් අහන්නේ නැති පාලකයින්ගෙන් අපිට වෙන මොනවා ලැබෙන්නද? අපි මොවුන් බලයට ගෙනැල්ලා අපි මැරෙනකම් ඔවුන් සතුටින් ඉන්නවා.
ආමි එකෙන් ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ.
සති 2 ට රට වසා දමා සියලුම සති අන්ත වැඩකරන දිනයන් ලෙස නියම කරන්න . එවිට පිනට පඩි ගැනීමෙ ප්‍රශ්නය දුරුවේ.
එක එක්කෙනා විවිධ අදහස් පලකරනවා මට තේරෙන්නේ නැහැ නොනැව කරන්නද කියලා.
මේ අයට තෙරෙන්නේ නැදද මට තේරෙන්නේ නැදද මන්දා පුද්ගල සංචරණය නැවැත්තුවම කොහොමද එනනත විදින්නේ
මිනිසුන්ට පණ බේරගන්න ඔනි නම් තමුන්ම පරිස්සම් වෙන්න ඔනි
ලොක් ඩවුන් ලොක්ඩවුන් කිය කියා රට වහනන දත කන වෙලාවේ පැය 24ම හොස්පිටල්වල වැක්සීන් එක දෙනන ලෑස්තිකරනනකො
රටේ ආරක්ෂාවට වගකියන නායකයෙක් පත්කරගත්තු අපිටම දැන් කරකියාගන්න දෙයක් නැතුවයි ඉන්නේ? ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වේ තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සලසා ගන්න ඕනෑ කියලා... බලන් ගියාම ඒකත් හරි...
මුට්ටි මහාචාර්ය...!!!
ආණ්ඩුව එහෙම කරන්නේ නැති බව පේනවා... එහෙම නම් අපිම ලොක් ඩවුන් කරගනිමු. එච්චරයි. රස්සාවේත් පුළුවන් තරම් නිවාඩු ගනිමු. අපේ ජීවිතය වටින්නේ අපිට...
දැන් කී පාරක් වැහුවාද? රටේ මිනිස්සු කියන දේ අහන්නේ නැත්නම් ඒ ගොල්ලන්ට විඳවලා තමයි තේරුම් කරන්න වෙන්නේ... වෙන රටවල මිනිස්සු මැරෙනවා නම් ඒකට එහෙනම් ඒ රටවල සියලු ආණ්ඩු වගකිව යුතුද?. රටවල් වහන්න කියන අය ගෙවල්වලට වෙලා තමුන්ගේ ජීවිතය බේරගන්න මාස්ක් එකක් හරියට දාන්නේ නැති අයව කොරෝනා බලාගනියි. දැන් බෝලේ තියෙන්නේ මිනිස්සුන්ගේ අතේ...
මෙයාලාට බෙහෙත් නැහැ .ඉතින් ලොක් ඩවුන් කියලා කෑ ගහනවා .අපේ ආයුර්වේද වෙද මහත්තුරුන්ට බෙහෙත් තියනවා .එයාලට බෙහෙත් කරන්න දෙන්නේ නැහැ
කාලෝචිතව අවශ්‍ය තීරණයක් ... තීරණය ප්‍රමාද නොකරන්න.
ලොක් අප් යන වචනය හරියට පාවිච්චි වෙලා නැහැ .ලොක් අප් යනු වසංගත රෝග විද්‍යාත්මක හෝ වෛද්‍ය පාරිභාෂික විද්‍යාව නොවෙයි .ලොක් අප් යනු "කෙනෙකු සිරගත කරන්න" යන්නයි
ඔබ තුමා ගොන් භාෂාව කතා කරන්න .එතකොට තේරේවි
කව්රුත් කතා නොකරන මිනිස්සු කොටසක් ඉන්නව ලංකාවෙ එදාවේල හම්බ කරගෙන කන. ඒ මිනිස්සු දවසකට රුපියල් 1000, 1500 ක් හොයාගෙන ඒකෙන් එදා දවසට හාල් පොල් එලවලු ටික විතරක් නෙමේ දරුවන්ට පොත්, පැන්සල් ටික, බෙහෙත් ටික ගන්නෙත් ඒ සල්ලි වලින්. ඔහොම වහන්න ගියොත් ඒ මිනිස්සුන්ට තවත් මේක දරන්න අමාරුයි. 5000 හම්බුනත් ඒකෙන් සති 2ක් ජීවත් වෙන්න බෑනෙ. වෙන මිනිස්සු වගේ පොතේ දාපු සල්ලිත් මේ මිනිස්සු ගාව නෑ. රත්තරං බඩුත් දැන් උගස් කරල ඉවරයි. ඔය ලොක් කරන්න කියන මහත්තුරු ඒ ගැනත් හිතුවා නම් හොඳා.
ඔබතුමා නිකන් වචන නාස්ති කර ගන්න එපා. ඔබතුමාටත් වඩා මහාචාර්යවරු ඉන්නවා ජනාධිපති ලේකම් කාර්යාලයේ. එයාලා තමයි කියන්නේ රට තව තව අරින්න ඕනා කියලා.
කී සැරයක් කියන්නද .රටේ ඔක්කොම මිනිස්සු මලත් රට ලෝක ඩවුන් කරන්නේ නැහැ .හරිය
ජනපතිතුමනි, මෙන්න හොඳ, රටට ආදරය කරන, වැඩදායක මිනිහෙක්... මෙවැනි අයට මුල්තැන දෙන්න. අනුර, කුමාර, සජිත්, චම්පික පෙරටුගාමී අන්තරේ ස්ටාර්ලින්ලා පාරේ ඉඳගෙන රටට උදව්කරන නිසා බයවෙන්න දෙයක් නෑ...
රටේ වැඩිහිටි ජනගහනය අඩු කිරීමේ උපාය මාර්ගයක්ද වියහැකියි.
‘බැකප්‘ තමා කරන්න වෙන්නේ මෙහෙම ගියොත්...
ලොක්අප් කලාම මහත්තයෝ එක පලාතක මිනිස්සු මැරෙන්නෙ. ඒක හොඳද? කල යුත්තේ සම්පුර්ණයෙන් වැසීමයි!
තනි තනිව හිතලා අපි පරෙස්සම් වුණොත් මේක පාලනය කරන්න බැරිවෙයිද?
දෙයියන්ට පණිවිඩය යවලා තියෙන්නේ ,තවම රිප්ලයි ආවේ නෑ
ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි අරන් හුඟ දෙනෙක් අත හෝදන්නේ නෑ.. රෝගය බෝ කරන ප්‍රධාන තැනක්... සමහරු මේක බෝ කරනවා.. ගණන් ගන්නේ නැහැ...
ලොක් ඩවුන් කාලේ කන්න දෙන්න වත්කමක් රජයට නැත්නම් මේ අමාරු වෙලාවේ කරන්න තියෙන්නේ කොහෙන් හරි ණයක් හරි අරන් මිනිස්සුන්ට කන්න දෙන එකයි. වෙන කිසිම රජයේ ආයතනයකට මුදල් වියදම් නොකර සියලු මුදල් හරි ලොක් ඩවුන් වෙනුවෙන් යොදලා රට බේරා ගන්න එකයි.
රටේ හැමෝම පඩි ගන්නේ නැතුව, තමන් ගැන විතරක් නොහිතා, ඒ සියලු මුදල් ලොක් ඩවුන් වුණු තමන් ඇතුළු සියලු අයට ආහාර වගේ අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් ලබා දෙන්න රජයට ඉඩ දෙනවා නම් රටේ කව්රුවත්ම බඩගින්නෙනුත් නොමැරී කොරෝනා වලිනුත් නොමැරී බේරෙයි.
නවසීලන්තේ සමහරු පඩි නොගෙන හිටියා... ඒ මුල්ම අමාරු ලොක් ඩවුන් කාලේ. දැන් නවසීලන්තේ මිනිස්සුනට ලොක් ඩවුන් වුණු කාලයක් මතක නෑ. නවසීලන්තේ ඉන්නේ පින්වන්ත මිනිස්සු ලෝකේ අනික් රටවලට වඩා.... ඒකයි..
අඩුම සතියක් සම්පූර්ණ වැහුවොත් නරකද? කන්නත්, ජීවත් වෙන්න හුස්ම ගන්නත් ඕනේ...