(අංජුල මහික වීරරත්න)
බොහෝ රටවල් විවෘත කර තිබෙන්නේ දෙවැනි මාත්‍රාවත් දුන් පසුව වන හෙයින් ලංකාවටම දෙවැනි මාත්‍රාවත් දී ක්‍රමානුකුලව රට විවෘත කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රට වසා තබන්නැයි වෛද්‍ය සංගම් පැවසුවත් කාර්ය සාධක බලකායේ තීරණය අනුව රට විවෘත කර රාජ්‍ය සේවකයන් පවා යළි වැඩට කැඳවා තිබෙන බව කී කිරිඇල්ල මහතා වෛරසයක් ගැන සැබැවින්ම දන්නා වෛද්‍ය මතයට මේ අවස්ථාවේ දී ගරු කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.
වර්තමානයේ දී හමුදාවේ දායකත්වය සුළුකොට තකන්නට නොහැකි යැයිද එන්නත් ප්‍රමාණයක් මෙතරම් ඉක්මනින් ජනතාවට ලබාදෙන්න හැකි වූයේ හමුදාවේ දායකත්වය නිසා යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් මොලේ පෑදිලා
එතකොට ඕනේ ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්ද ?
මහ බැංකුවෙන් විද්ද සල්ලි වලින් දෙවෙනි මාත්‍රාව ගෙනැල්ලා දෙන්න බැරිද ?
සේම රෝඝ කවදාවත් නැති කරන්න බෑ .කොරෝනා ප්ලැන් එකක් .කඩාවැටුණු පිට රටවල් ගොඩගන්න ,හොඳට හොයලා බලන්න වැක්සින් හදන්නේ කවුද කියලා .කලින් ඔය රටවල් කලේ යුධ උපකරණ හදලා රටවල් කෙටවීම දැන් ඒවා වලංගු නෑ .තව වැක්සින් එනවා 1,2,3,4,5, වාර්ෂික අළුත් කිරීම් .බලන් ඉන්නකෝ .ජය වේවා
ඒ බොහෝ රටවල් වලට ලොක් ඩවුන් දරා ගන්න පුලුවන් ආර්ථිකයක් තිබුණා. අපිට තිබුණු සොච්චම් ආර්ථිකේ බෝම්බ ගහලා, මහ බැංකු කඩලා විනාශ කරපු නිසා දැන් ලොක් කරොත් මිනිස්සු බඩගින්නේ මැරෙනවා. ඕන ගොනෙක්ට ලොක් කරන්න පුළුවන්. ඒත් මේ වෙලාවේ මිනිස් ජීවිත විධි 2කට බේරන්න වෙලා. ඒ අස්සේ ඔයාලගේ මහ තැන ජවිපෙත් එක්ක එකතු වෙලා උද්ඝෝෂණ කරලා ඩෙල්ටා නොමිලේ බෙදා දුන්නාට ගොඩක් ස්තූතියි...!.
පොඩ්ඩක් ලොක්ඩවුන් වෙලා සති දෙකක් නොමැරී බඩගින්නේ ඉඳලා වෙන රටවලින් තුන් වෙනි සතියේ පිනට සති දෙකකට කෑම ඉල්ලගෙන, හතර වෙනි සතියේදී රට ඇරියම කොරෝනා නැති වෙලා තියේවි. හොඳයි නැද්ද මම අහන්නේ? ඕනේ නම් තව වැඩිපුර සතියකුත් පිනට කෑම ඉල්ලා ගන්න බැරිද? වත්තක් තියන අයට ඒවායේ දෙයක් කාලා සති හතරක් ඉන්න බැරිද? ලංකාවේ මිනිස්සු දුර බලන්නේ නෑ. හැමදාමත් වගේ බඩ ගැන විතරයි බලන්නේ... සාර්ථක නවසීලන්තෙන් ආදර්ශ ගන්නේ නෑ. අසාර්ථක වෙන රටවලින් ආදර්ශ ගන්නේ... නවසීලන්තේ උපරිම සති 4ක් ලොක් ඩවුන් වුණාම කොරෝනා නැතුව යනවා. මිනිස්සු සාමාන්‍ය විදියට තමන්ගේ කම්කරු ජොබ් එකත් කරනවා මාස්ක් වත් නැතුව... අපේ රටෙත් කොරෝනා එහෙම කරලා ඉවර කළොත් ඉන්පස්සේ රටේ ආර්ථික ක්‍රමය සම්පූර්ණ වෙනස් කරලා ස්වයංපෝෂිත වෙන්න විදියක් හදන්න පුළුවන් ලෙහෙසියෙන්ම. එහෙම කලක් උදා වෙන්නේ නැත්තේ රටේ බහුතරය මිනිස්සු පව් කරලා තියන නිසා. ඉරණම වෙනස් කරන්න ශක්‍රයාටවත්, බුදුහාමුදුරුවන්ටවත් බැරි නිසා...
රටේ බහුතරය මිනිස්සු පව්කරලා තියන නිසා ඉරණම වෙනස් කරන්න ශක්‍රයාටවත්, බුදු හාමුදුරුවන්ටවත් බැ.. මගේ අදහස් තේරුමක් නැති ඒවා කියලා හිතෙන්නෙත් ඒකයි. එන්නත් සමහර කොරෝනා ප්‍රබේද වලට වැඩක් වෙන්නේ නෑ කියලා වෙන රටවලින් නිව්ස් දාන ගමන්ම, එන්නත් ගත්තු අයටත් කොරෝනා හැදුණු නිව්ස් පත්තරේ දාන ගමන්ම, හැදිලා හොඳ වෙනවාට වඩා මැරෙන එක හොඳයි කියලා අතුරු ආබාධ ගැන දාන ගමන්ම, මේකට තියන එකම විසඳුම එන්නත් තමයි කියලා මේ පත්තරේම වැටෙන්නෙත් එ්කයි. නවසීලන්තේ මිනිස්සුන්ට ලොක් ඩවුන් වුණු කාලයක් මතක නෑ. නවසීලන්තේ ඉන්නේ පින්වන්ත මිනිස්සු ලෝකේ අනික් රටවලට වඩා. එ්කයි ඒ....